Home Sinhala භානුක – පටෙල් දස්කම් හමුවේ Jaffna Kings අසරණ වෙයි

භානුක – පටෙල් දස්කම් හමුවේ Jaffna Kings අසරණ වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

4114

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවැනි අදියරේ පළමු තරගය අද (5) Galle Gladiators සහ Jaffna Kings කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 54ක පහසු ජයක් ලබා ගැනීමට Galle Gladiators  සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Jaffna Kings නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Jaffna Kings: Rahmanullah Gurbaz (wk), Avishka Fernando,Tom Kohler-Cadmore, Upul Tharanga, Thisara Perera (c), Shammu Ashan, Wanindu Hasaranga, Jayden Seales, Suranga Lakmal, Maheesh Theekshana, Wahab Riaz.

Galle Gladiators: Danushka Gunathilaka, Kusal Mendis, Mohammad Hafeez, Ben Dunk (wk), Bhanuka Rajapaksa (c), Samit Patel, Lahiru Madushanka, Isuru Udana, Pulina Tharanga, Noor Ahmad, Nuwan Thushara.

ගියවර පැවති LPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා පැමිණි කණ්ඩායම් දෙක මෙවර LPL තරගාවලියේ පළමු තරගයේ දී එකිනෙකා මුණගැසුණු අතර Jaffna Kings ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් Galle Gladiators නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

නායකත්වයේ ඉනිමක් දියත් කළ භානුක රාජපක්ෂ 4 පහර 6ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 31ක දී වේගවත් ලකුණු 56ක් ලබා ගත්තා. ඒ ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 10 වැනි අර්ධ ශතකයයි. Jaffna Kingsට  දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දියත් වුනු භානුකගේ ඉනිම අවසානයේ දී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 180.64ක් වැනි ඉහළ මට්ටමක පැවතියා.

ඊට අමතරව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන Samit Patel 4 පහර 6ක් සමඟ ලකුණු 42ක් ලබා ගත්තා. ඔහුගේ එම සටන්කාමී ඉනිම ගොඩනැංවුනේ පන්දු 31ක් තුලයි.

කෙසේ නමුත් Galle Gladiators කණ්ඩායමේ හොඳම සබඳතාවය වාර්තා වුනේ සිව්වැනි කඩුල්ල සඳහායි. එහි දී භානුක සහ කඩුලු රකින පිතිකරු Ben Dunk එක්ව පන්දු 35ක දී ලකුණු 52ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

ඊට අමතරව තවත් සබඳතාවයන් තුනක් ලකුණු 30 සීමාව අභිබවා යාම Galle Gladiatorsට හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාමට විශාල සවියක් වුනා. Jaffna Kings වෙනුවෙන් Jayden Seales ලකුණු 23කට කඩුලු 3ක් දවාගෙන දක්ෂ පන්දුකරණයක නිරත වන විට, වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 165ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි වත්මන් LPL ශූරයින් හට පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 188ක් පමණයි.

ඔවුන්ගේ පිතිකරුවන් පළමු පන්දුවේ සිටම පාලනය කිරීමට Galle Gladiators පන්දු යවන්නන් සමත් වුනු අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් Wahab Riaz සහ සුරංග ලක්මාල් එක්ව ගොඩනැංවූ ලකුණු 33 සබඳතාවය හැරෙන්නට ඔවුන්ගේ ඉනිම තුල වෙනත් එකඳු හෝ හොඳ සබඳතාවයක් ගොඩනැංවුනේ නැහැ.

4 පහර සහ 6 පහර දෙකක් එල්ල කළ වේගපන්දු යවන ක්‍රීඩක Wahab පන්දු 20ක් තුල ලකුණු 27ක් ලබාගෙන Jaffna Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

ඒ හැරෙන්නට ඔවුන්ගේ වෙනත් එකඳු පිතිකරුවෙක් හට හෝ සම්මු අශාන් ලබා ගත් ලකුණු 15 සීමාව අභිබවා යාමට වමතින් දඟපන්දු යවන Samit Patel ඇතුළු Galle Gladiators පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. Galle Gladiators වෙනුවෙන් පිතිකරණයෙන් ලබා ගත් ලකුණු 42කට අමතරව කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනු Samit Patel තරගයේ වීරයා බවට පත්වුනා.

2021 LPL තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (6) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සවස තරගය Dambulla Giants සහ Kandy Warriors කණ්ඩායම් අතරත් රාත්‍රි තරගය Colombo Stars සහ Galle Gladiators කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.


Result


Galle Gladiators
164/7 (20)

Jaffna Kings
110/10 (18.4)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Thisara Perera b Suranga Lakmal 8 4 2 0 200.00
Kusal Mendis c Rahmanullah Gurbaz b Jayden Seales 16 12 2 0 133.33
Mohammad Amir c Avishka Fernando b Mahesh Theekshana 15 18 2 0 83.33
Ben Dunk c Thisara Perera b Wanindu Hasaranga 17 17 1 0 100.00
Bhanuka Rajapakse c Rahmanullah Gurbaz b Wanindu Hasaranga 56 31 6 3 180.65
Samit Patel c Wanindu Hasaranga b Jayden Seales 42 31 6 0 135.48
Lahiru Madushanka not out 5 7 0 0 71.43
Lahiru Madushanka c Wanindu Hasaranga b Jayden Seales 0 1 0 0 0.00


Extras 5 (b 0 , lb 0 , nb 1, w 4, pen 0)
Total 164/7 (20 Overs, RR: 8.2)
Fall of Wickets 1-8 (0.4) Danushka Gunathilaka, 2-40 (4.5) Kusal Mendis, 3-41 (5.3) Mohammad Amir, 4-93 (11.2) Ben Dunk, 5-133 (16.2) Bhanuka Rajapakse, 6-163 (19.4) Samit Patel, 7-164 (19.6) Lahiru Madushanka,

Bowling O M R W Econ
Suranga Lakmal 4 0 42 1 10.50
Mahesh Theekshana 4 0 21 1 5.25
Wahab Riaz 2 0 29 0 14.50
Jayden Seales 4 0 23 3 5.75
Sammu Ashan 1 0 5 0 5.00
Thisara Perera 1 0 14 0 14.00
Wanindu Hasaranga 4 0 30 2 7.50


Batsmen R B 4s 6s SR
Upul Tharanga b Mohammad Hafeez 17 13 4 0 130.77
Rahmanullah Gurbaz c Kusal Mendis b Mohammad Hafeez 11 16 1 0 68.75
Tom Kohler-Cadmore c Noor Ahmad b Samit Patel 10 12 0 1 83.33
Avishka Fernando c Bhanuka Rajapakse b Samit Patel 1 2 0 0 50.00
Sammu Ashan st Ben Dunk b Samit Patel 15 19 1 0 78.95
Thisara Perera c Ben Dunk b Lahiru Madushanka 11 12 1 0 91.67
Wanindu Hasaranga b Noor Ahmad 0 3 0 0 0.00
Wahab Riaz c Pulina Tharanga b Noor Ahmad 27 20 2 2 135.00
Suranga Lakmal b Pulina Tharanga 10 10 0 0 100.00
Mahesh Theekshana c Bhanuka Rajapakse b Nuwan Thushara 2 4 0 0 50.00
Jayden Seales not out 0 0 0 0 0.00


Extras 6 (b 4 , lb 1 , nb 0, w 1, pen 0)
Total 110/10 (18.4 Overs, RR: 5.89)
Fall of Wickets 1-28 (3.4) Upul Tharanga, 2-39 (5.4) Rahmanullah Gurbaz, 3-41 (6.3) Avishka Fernando, 4-52 (8.3) Tom Kohler-Cadmore, 5-70 (11.6) Thisara Perera, 6-71 (12.4) Wanindu Hasaranga, 7-75 (13.1) Sammu Ashan, 8-108 (17.4) Wahab Riaz, 9-108 (17.5) Suranga Lakmal, 10-110 (18.4) Mahesh Theekshana,

Bowling O M R W Econ
Nuwan Thushara 2.4 0 20 1 8.33
Isuru Udana 1 0 9 0 9.00
Mohammad Hafeez 4 1 11 2 2.75
Samit Patel 4 0 21 3 5.25
Noor Ahmad 4 0 25 1 6.25
Lahiru Madushanka 1 0 6 1 6.00
Pulina Tharanga 2 0 13 2 6.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<