Home Sinhala මන්දගාමී වූ තණතීරුවේ දී චන්දිමාල්ගෙන් ඉවසිලිවන්ත ඉනිමක්

මන්දගාමී වූ තණතීරුවේ දී චන්දිමාල්ගෙන් ඉවසිලිවන්ත ඉනිමක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

3544

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි තරගය අද (06) Galle Gladiators සහ Colombo Stars කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

Colombo Stars එම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට සමත් වුනු අතර ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 15ක් ඉතිරිව තිබුණා.

කාසියේ වාසිය දිනූ Galle Gladiators නායක භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් ඊයේ (05) දිනයේ දී ගියවර ශූරතාවය දිනා ගත් Jaffna කණ්ඩායම පරාජය කරමින් මේ තරගය සඳහා පැමිණියේ සිය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින්.

Colombo Stars නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මේ තරගයට ක්‍රීඩා නොකළ නිසා වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළේ ධනංජය ද සිල්වායි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Colombo Stars XI: Pathum Nissanka, Tom Banton, Kusal Perera (WK), Dinesh Chandimal, Sherfane Rutherford, Dhananjaya de Silva (C), Seekkuge Prasanna, David Wiese, Dushmantha Chameera, Naveen-Ul-Haq, Akila Dananjaya.

Galle Gladiators XI: Danushka Gunathilaka, Kusal Mendis, Mohammed Hafeez, Ben Dunk (WK), Bhanuka Rajapaksa (C), Samit Patel, Lahiru Madushanka, Isuru Udana, Pulina Tharanga, Noor Ahmad, Nuwan Thushara.

මේ තරගයට ක්‍රීඩා කරන Colombo Stars කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම පාහේ ජාත්‍යන්තර මට්ටමේ එක් විස්සයි විස්සයි තරගයක් හෝ ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගෙන තිබෙන ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් වුනා.

ඔවුන්ගේ සුපිරි දස්කම් හමුවේ Galle Gladiatorsට පළමු තරගයේ දී මෙන් පිතිකරණයෙන් දස්කම් දැක්වීමට කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැහැ. එසේම ධනංජය ද සිල්වා නිලකුණු පන්දුවාර දෙකක් සමඟ නිලකුණු පන්දු 17ක් යවමින් powerplay අවස්ථාව තුළ දී Galle Gladiatorsට දැඩි පීඩනයක් එල්ල කළ අතර Powerplay අවස්ථාවේ දී ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 27ක් තුළ දැවී ගියා.

Patel සහ Dunk ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 32ක දී ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම තුළ වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූවා. එහි දී Dunk 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 25ක දී ලකුණු 38ක් රැස් කරගත්තා.

Dunkගේ දැවී යාමත් සමඟම ඔවුන්ගේ තවත් කඩුලු 4ක් ලකුණු 12ක් තුළ දවා ගැනීමට Colombo Stars පන්දු යවන්නන් සමත් වුනා. නමුත් 16 හැවිරිදි Noor Ahmad (ලකුණු 11*) සමඟ එක්වුනු ඉසුරු උදාන (ලකුණු 25*) 9 වැනි කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 39*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම තරගකාරී ලකුණු මට්ටමක් දක්වා රැගෙන ගියා.

අවසානයේ දී Galle Gladiators නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 116ක් වාර්තා කර ගත් අතර ධනංජය ද සිල්වා, අකිල සහ චමීර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

දහවල් තරගය සහ මේ තරගය පැවතියේ එකම තණතීරුවේ වුවත් පළමු තරගය හා සසඳා බලන විට මේ තරගයේ දී තණතීරුව යම් ආකාරයක මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා පිතිකරුවන් හට ලකුණු ලබා ගැනීම එතරම් පහසු වුනේ නැහැ.

කෙසේ නමුත් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සිටින Colombo Stars වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළේ පැතුම් නිස්සංක සහ Tom Banton.

නමුත් ඔවුන්ගේ පළමු කඩුලු 3 ද Galle Gladiators කණ්ඩායමේ මෙන් ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුළ දැවී ගියා. ඔවුන් සිය Powerplay අවස්ථාවේ දී කඩුලු 4ක් දැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටියා.

පළමු කඩුලු 3 ඇතුළත හැරෙන්නට අනෙක් සෑම කඩුල්ලක්ම වෙනුවෙන් ලකුණු 20කට වඩා වැඩි සබඳතා ගොඩනංවාගෙන හෙමින් සීරුවේ සිය ඉලක්කය වෙත යාම Colombo Stars කණ්ඩායමේ සැලසුම බවට පත්වුනා.

නමුත් ඒ අතරතුර ධනංජය සහ Rutherfordගේ කඩුලු බිඳ වැටුණු නමුත් අනෙක් අන්තයේ සිටි චන්දිමාල් තරගයේ ඒ අවස්ථාවට සහ ඒ තණතීරුවට අනුව අනුවර්තනය වෙමින් සිය ඉනිම තරගයේ අවසානය දක්වා දියත් කළා.

Colombo Stars ඉනිමේ 15 වැනි පන්දුවාරය තුළ ක්‍රියාත්මක වුනු David Wiese, පුලින තරංග යොමු කළ එම පන්දුවාරය සඳහා ලකුණු 16ක් රැස් කරමින් ඒ දක්වා දෙපසට දෝලනය වෙමින් ඇදී ආ තරගයේ වාසිය නැවතත් සිය කණ්ඩායම දෙසට ඇදගත්තා.

නමුත් ඉන්පසුව පුලින ක්‍රියාත්මක කළ පන්දුවාරයේ දී පන්දු 16ක දී ලකුණු 22ක් වාර්තා කරගෙන සිටි Wieseගේ කඩුල්ල දැවී ගියා.

Colombo Stars ඉනිමේ 06 වැනි පන්දුවාරයේ අවසානයේ සිට සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වීම දක්වා තම කඩුල්ල රැකගෙන සිය කණ්ඩායමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය රැස්කර දුන් චන්දිමාල් 4 පහර දෙකක් එල්ල කරමින් පන්දු 27ක දී නොදැවී ලකුණු 26*ක් රැස්කර ගත්තා.

අවසානයේ දී Colombo Stars පන්දුවාර 17කුත් පන්දු 2ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 117ක් වාර්තා කරගෙන මෙවර LPL තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර සහ පුලින අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. මුළු ලකුණු 24ක්, උඩපන්දු 2ක් සහ පන්දු යැවීමේ දී කඩුලු 2ක් දවා ගත් ධනංජය ද සිල්වා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.


Result


Colombo Stars
117/6 (17.3)

Galle Gladiators
116/8 (20)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka st Kusal Perera b Dhananjaya de Silva 1 12 0 0 8.33
Kusal Mendis c Dhananjaya de Silva b Dushmantha Chameera 4 4 1 0 100.00
Mohammad Hafeez c Tom Banton b David Wiese 8 12 0 0 66.67
Ben Dunk lbw b 38 25 4 1 152.00
Samit Patel c & b 14 16 1 0 87.50
Bhanuka Rajapakse c & b 2 4 0 0 50.00
Lahiru Madushanka c & b 3 11 0 0 27.27
Pulina Tharanga c & b 5 5 0 0 100.00
Isuru Udana not out 25 17 0 2 147.06
Noor Ahmad not out 11 14 1 0 78.57


Extras 5 (b 0 , lb 3 , nb 0, w 2, pen 0)
Total 116/8 (20 Overs, RR: 5.8)
Bowling O M R W Econ
Dhananjaya de Silva 4 2 18 2 4.50
Dushmantha Chameera 4 0 25 2 6.25
Naveen Ul Haq 3 0 18 0 6.00
David Wiese 2 0 16 1 8.00
Akila Dananajaya 4 0 19 2 4.75
Seekkuge Prasanna 3 0 17 1 5.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Noor Ahmad b Nuwan Thushara 1 4 0 0 25.00
Tom Banton c Danushka Gunathilaka b Mohammad Hafeez 10 8 2 0 125.00
Kusal Perera c Bhanuka Rajapakse b Nuwan Thushara 8 6 1 0 133.33
Dhananjaya de Silva lbw b Pulina Tharanga 24 28 2 0 85.71
Sherfane Rutherford c Danushka Gunathilaka b Noor Ahmad 10 13 2 0 76.92
Dinesh Chandimal not out 26 27 2 0 96.30
David Wiese c Noor Ahmad b Pulina Tharanga 22 16 0 2 137.50
Seekkuge Prasanna not out 2 3 0 0 66.67


Extras 14 (b 0 , lb 4 , nb 0, w 10, pen 0)
Total 117/6 (17.3 Overs, RR: 6.69)
Fall of Wickets 1-13 (1.3) Pathum Nissanka, 2-23 (2.5) Tom Banton, 3-25 (3.2) Kusal Perera, 4-45 (5.6) Sherfane Rutherford, 5-72 (12.1) Dhananjaya de Silva, 6-103 (16.1) David Wiese,

Bowling O M R W Econ
Samit Patel 4 0 19 0 4.75
Nuwan Thushara 2.3 0 26 2 11.30
Mohammad Hafeez 3 0 15 1 5.00
Noor Ahmed 4 0 22 1 5.50
Pulina Tharanga 4 0 31 2 7.75



2021 LPL තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (07) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. පළමු තරගය Dambulla Giants සහ Jaffna Kings අතරත් දෙවැනි තරගය Kandy Warriors සහ Galle Gladiators අතරත් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<