ක්‍රීඩක සෞඛ්‍යයේ වගකීම වෛද්‍ය ලාල් ඒකනායකට

136
Dr. Lal Ekanayake
වෛද්‍ය ලාල් ඒකනායක මහතා (දකුණේ සිට දෙවනුව)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිතරම රැඳෙමින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය නිවැරදිව පවත්වා ගැනීමට මහඟු සේවාවක් ඉටුකළ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය ලාල් ඒකනායක මහතා එම ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත්කර ඇත. 

මෙම ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර නව අධ්‍යක්ෂක ධුරයට පත් වූ ලාල් ඒකනායක මහතා අද (20) දින සිය රාජකාරි ආරම්භ කළේය. 

වසර ගණනාවක සේවා කාලය තුළදී එතුමා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා වෛද්‍යවරයා ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එම සේවා කාලය තුළදී ඔහු ලබා දුන් උසස් සේවය නිසාවෙන් බොහෝ සම්මාන පවා දිනා ගැනීමට එතුමා සමත් වී ඇත. 

තවත් ක්‍රීඩා පුවත්:  

නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පිටත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඩෙංගු රෝගය නිසාවෙන් රෝහල් ගත කිරීමත් සමඟ ලාල් ඒකනායක මහතාගේ නාමය කරලියට පැමිණි අතර අසනීප වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා රැඳෙමින් දිවා/රෑ සිය සේවාව උපරිමයෙන් ලබා දීමට එතුමා කටයුතු කළේය. 

රෝගී වූ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සහ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රෝගී තත්වයෙන් ආරක්ෂා කරගැනීමට උපදෙස් ලබා දුන් එතුමා, රෝගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය කටයුතු හැකි ඉක්මණින් සිදුකරමින් ඔවුන් සියල්ලන්ම නැවතත් මව් රටට රැගෙන ඒමට ඉමහත් සේවාවක් සැපයුවේය. 

අද දින සිය නව තනතුරෙහි රාජකාරී ඇරඹූ වෛද්‍ය ලාල් ඒකනායක මහතාගේ වෘත්තීය දිවියේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ThePapare.com අප සුබ පතන්නෙමු. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<