ගෙවුනු දවස ජූලි 14 – සංගාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

560

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ඒ ගැන උත්තර දෙන්න මං සූදානම් – සංගා

pic 1 (1)ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා වමත් පිතිකරු කුමාර් සංගක්කාර ඊයේ (14) එංගලන්තයේ BBC සිංහල මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමකට එක්ව සිටියේය. එය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීව ලෙස නැරඹීමේ අවස්ථාව සුවහසක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබූ අතර ඊයේ සහ පෙරේදා දින කිහිපය තුළදී උද්ගත වූ ගැටලු රැසකට එහිදී සංගක්කාර පිළිතුරු ලබා දුන්නේය.

එහි දී 2011 අවසන් මහා තරගයේ දී කළ විවාදාත්මක ක්‍රීඩක ආදේශනයන් 4 පිළිබඳ විමසීමේ දී ඔහු මෙසේ කීය.

“ඇන්ජලෝ (ඇන්ජලෝ මැතිව්ස්) ආබාධයකට ලක්වුණා. එහිදී පිතිකරුවන් 7කුයි පන්දු යවන්නන් 4කුයි ක්‍රීඩා කරනවාද, නැතිනම් පිතිකරුවන් 6යි පන්දු යවන්නන් 5යි ක්‍රීඩා කරනවාද කියලා ගැටලුවක් තිබුණා. මුරලිත් (මුත්තයියා මුරලිදරන්) සම්පූර්ණ සුවතාවයෙන් සිටියේ නැහැ. චාමර සිල්වා ඒ වෙලාවෙ යම් ආකාරයක පසුබැස්මක හිටියා. ඉතින් අරවින්ද ද සිල්වා, අනුර තෙන්නකෝන්, පුහුණුකරුවන් දෙදෙනා යන හැමෝගෙම එකඟතාවයෙන් තමයි මෙය සිදුකළේ. ඒ හින්දයි ක්‍රීඩකයන් ආදේශ කළේ. ඒ ගැන ඕනෙම වෙලාවක උත්තර දෙන්න පුළුවන්.”

සම්පූර්ණ වාර්තාව: “2011 පිළිබඳ ඕනෙම වෙලාවක උත්තර දෙන්න පුළුවන්” – සංගක්කාර BBC හමුවේ කියයි

අර්වයින්ගේ ශතකය ශ්‍රී ලංකාවට බරක් වෙයි

pic 2 (1)සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පළමු දිනය (14) නිමාවට පත්වෙද්දී තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ක්‍රේග් අර්වයින් නොදැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටියි.

ඔහුගේ මෙම සටන්කාමී නොසැලෙන ඉනිම නිසා සිම්බාබ්වේ කණ්ඩායමට පළමු දිනයේ දී ම කඩුලු 8කට ලකුණු 344ක් රැස් කරගෙන ශ්‍රී ලංකාව මත පීඩනය ගොඩ නැගීමට අවස්ථාව උදාවිය.

අද උදෑසන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී තරගය ආරම්භ වූයේ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ට කාසියේ වාසිය හිමි කර දෙමිනි. එය දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවේ 15 වැනි ටෙස්ට් නායකයා වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එක්විය. ඊයේ යම් තරමක් තණකොළ සහිතව ඉදිවී තිබුණු තණතිල්ල අද අවසන් පිළිසකර කිරීමෙන් අනතුරුව සෑහෙන දුරට වියළි ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා ඒ මත මුලින් පිතිකරණයේ යෙදීමට සිම්බාබ්වේ නායකයා ගත් තීරණය ඉතාමත් නිවැරදි විය. ඔවුන් අද තරගයට එක්වී තිබුණේ ටෙරිසායි මසකන්ඩාට මංගල ටෙස්ට් වරම් ද හිමිකර දෙමිනි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් අර්වයින්ගෙන් විශිෂ්ට ශතකයක්!

—————————————-දිනයක අවසානය———————————–

 >>අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්<<