ICBT ක්‍රීඩකයෝ Red Bull සටනේ අපරාජිතව පෙරමුණට

102

2019 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ලෝක මට්ටමේ අවසන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ICBT විශ්ව විද්‍යාලයීය කණ්ඩායම Play off තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු…

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 6ක කණ්ඩායම් 6ක් තරග වදිනු ලබන අතර A කාණ්ඩය යටතේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බංග්ලාදේශය තරග වදිද්දී. B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදියි.

මූලික වටයේ තරග දෙකක් සඳහා ක්‍රීඩා කරමින්  එම තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන සිටින්නේ පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් දෙකම පරාජය කරමිනි.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවති මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායමේ නායක සාලින්ද උශාන් පාකිස්තානය ලකුණු 157කට සීමා කරමින් දස්කම් දක්වන ලදි. මෙම තරගාවලිය සඳහාම විශේෂිත වූ energizer පන්දුවාරය තුල දී  අනුක් ප්‍රනාන්දු පාකිස්තානු කඩුලු දෙකක් දවා ගැනීම ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා විශාල සහයක් විය.

ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා නොදැවී ලකුණු 52*ක් වාර්තා කරමින් දස්කම් අතරට පැමිණියේය. ඔහුට සහය වූ හිමාෂා ලියනගේ නොදැවී වාර්තා කර ගත් ලකුණු 51*ක සඳහා වැය වී තිබෙන්නේ පන්දු 28ක් පමණි.

Video – භානුක, ඕෂදට වඩා දික්වැල්ල, අවිශ්ක established ක්‍රීඩකයෝ – ද මෙල්

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක…

ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ ඉකුත් දා (29) පැවැත්වුණු අතර එම තරගයේ දී ද වඩාත් කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව ලකුණු 66කින් එම තරගය ජය ගත්තේ මූලික වටයේ තරග සියල්ලම ජයග්‍රහණය කරමිනි.

එහි දී ලහිරු මිලන්ත හා තුන් ඉරියව් ක්‍රීඩක රවීන් සේයර් පිළිවෙළින් ලකුණු 40ක් හා 34ක් වාර්තා කරමින් දැක්වූ දස්කම් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ තවත් පිම්මක් ඉදිරියට යාමට විශාල සහයක් විය.

සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තුල අත්දැකීම් සහිත ක්‍රීඩකයින් සිටියේ ඉතාමත් අතලොස්සක් පමණි. දකුණතින් පිට දඟපන්දු යවන අයන සිරිවර්ධන ඔහුගේ නියමිත පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 21ක් තුල කඩුලු 4ක් දවාගෙනයි.

ඒ අනුව මේ තරගාවලියේ  A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත් දකුණු අප්‍රිකාව හා B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව Play-Off තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත. එම තරගය හෙට (01) ඩුබායි හිදී පැවැත්වේ.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ශ්‍රී ලංකා තරග සාරාංශය,

ශ්‍රී ලංකාව හා පාකිස්තානය

  • පාකිස්තානය – 151/7 (20): ටහමි සයිඩ්, කශිෆ් ඉක්බාල් 29, අනුක් ප්‍රනාන්දු 2/23
  • ශ්‍රී ලංකාව -156/3 (17.3): ප්‍රියමාල් පෙරේරා 52*, හිමාෂ ලියනගේ 51*, මුහම්මද් සයිෆුල්ලා 2/28

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව

  • ශ්‍රී ලංකාව – 175/8 (20): ලහිරු මිලන්ත 40, රවීන් සේයර් 34, විශ්ව චතුරංග 24, කර්තික් මීපන් 2/19, මුකර්ජී රිශාබ් 2/31.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 109/9 (20): වල්තපා අශ්වනාත් 25, වරුණ කල්හාර 24, අයන සිරිවර්ධන 4/21, රවීන් සේයාර් 2/18, සහන නානායක්කාර 2/23.

ශ්‍රී ලංකාවට ලකුණු 66ක් ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<