ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් ඊයේ (04) නිමා වූ අතර එහි දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරිමට Army කණ්ඩායමේ නිමේෂා මධුශානි සමත් වූවා.
වමතින් දඟ පන්දු යවන 25 හැවිරිදි වියේ පසුවෙන ඇය Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 3කට කඩුලු 5ක් දවා ගත්තා.
ඊට අමතර ව Navy කණ්ඩායමේ රශ්මි සිල්වා Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 12කට කඩුලු 4ක් ද, NCC කණ්ඩායමේ රශ්මි තාරුකා Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට කඩුලු 4ක් ද සහ Ace Capital කණ්ඩායමේ දෙවගී ජෙගනාදන් Kurunegala යොවුන් කණ්ඩායමට එරෙහි ව ලකුණු 22කට කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඔවුන්ට අමතර ව Chilaw Marians කණ්ඩායමේ සුමුදු නිසංසලා සහ කාව්‍යා කාවින්දි, Navy කණ්ඩායමේ හසිනි පෙරේරා, ප්‍රසාදනී වීරක්කොඩි සහ හර්ෂිතා සමරවික්‍රම, Army කණ්ඩායමේ ඉමල්කා මෙන්ඩිස් සහ නිලක්ෂිකා සිල්වා අර්ධ ශතක ලබා ගනිමින් පිතිකාරිනියන් අතර කැපී පෙණුනා.
මේ අතර ඊයේ පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Panadura SC සහ Air Force SC අතර තරගය පැවැති අයහපත් කාලගුණ තත්ත්වය සහ ක්‍රීඩාංගණයේ තත්ත්වය මත පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.
- මතීෂට ඉතා ඉහළ වටිනාකමක්!
- නිලක්ෂිකා ගෙන් ශතකයක්
- පානදුර ජයග්‍රහණයට යසන්තිගෙන් අභීත මෙහෙයුමක්
- පියුමි වත්සලා මංගල ශතකය ලබා ගනී
- හිරුණි හංසිකා තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන් පුවරු
Army SC සහ Colts CC අතර තරගය, Colts ක්‍රීඩාංගණයේ දී.
Army SC – කඩුලු 7ක් දැවී 295 (50.0) අනුශ්කා සංජීවනී 48, ඉමල්කා මෙන්ඩිස් 78, නිලක්ෂිකා සිල්වා 90, නීලූකා කුශාන්ති නොදැවී 18, නිලක්ෂි කාවින්ද්‍යා 2/32, හංසිකා නිපුනි 2/36
Colts CC – කඩුලු 8ක් දැවී 53 (37.0) දුලාංගා දිසානායක 15, සුගන්දිකා කුමාරි 3/09, නිමේෂා මධුශානි 5/03
Army කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 197ක ජයක්.
Ace Capital CC සහ Kurunegala YCC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
Kurunegala YCC – කඩුලු 8ක් දැවී 86 (49.0) දනෝද්‍යා සෙව්මිණි නොදැවී 27, සුගන්දිකා පතිරණ 2/09, යෙසලි ජිතාරා 2/17, ජනාලි අනාලි 2/16, දේවගී ජෙගනාදන් 4/22
Ace Capital CC – කඩුලු 6ක් දැවී 87 (25.4) හෂිනි ඉන්ද්‍රජිත් 24, ජනාදි අනාලි නොදැවී 28, දනුලි තෙන්නකෝන් 2/18, වගීෂා ජයවර්ධන 3/23
Ace Capital කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
BRC සහ SSC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
BRC – සියලුම දෙනා දැවී 85 (42.1) උමයංගනා පීරිස් 26, නදීශා දිල්රුක්ෂි 3/17, නිරාශා ගිම්හානි 3/11
SSC – කඩුලු 2ක් දැවී 86 (22.2) අසෙනි තලගුණේ නොදැවී 29, උමයංගනා පීරිස් 1/8
SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Navy SC සහ Tamil Union C & AC වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
Navy SC – කඩුලු 7ක් දැවී 294 (50.0) හසිනි පෙරේරා 59, ප්‍රසාදනී වීරක්කොඩි 86, හර්ෂිතා සමරවික්‍රම 51, හංසිමා කරුණාරත්න 34, රශ්මි සිල්වා 25, ශලිනි දසනායක 3/60, නිමේෂා විජේසුන්දර 4/57
Tamil Union C & AC – සියලුම දෙනා දැවී 63 (30.4) ප්‍රියංගිකා වනසිංහ 10, සත්‍යා සංදීපනී 2/14, රශ්මි සිල්වා 4/12
Navy කණ්ඩායමට ලකුණු 231ක ජයක්.
Chilaw Marians CC සහ CCC අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී.
Chilaw Marians CC – කඩුලු 7ක් දැවි 263 (50.0) දෙවිමි විහංඟා 27, ඉමේෂා දුලානි 18, මනුදි නානායක්කාර 27, සුමුදු නිසංසලා නොදැවී 84, කාව්‍යා කාවින්දි නොදැවී 55, මල්ෂා මධුශානි 20, ලිමංසා තිලකරත්න 2/39, හිමංසා පෙරේරා 2/38
CCC – කඩුල්ලක් දැවී 31 (9.2)
තරගයේ විසඳුමක් නෑ.
NCC සහ Galle CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
Galle CC – සියලුම දෙනා දැවී 73 (41.0) දිල්මි ආරියපාල 16, මහිංසා නෙත්මිණි 14, රශ්මි තාරුකා 4/16, හර්ෂනී විජේරත්න 2/06, විශ්මි සොයිසා 2/13
NCC – කඩුල්ලක් දැවී 74 (14.5) හර්ෂනී විජේරත්න නොදැවී 34, සනුති ගමගේ 1/19
NCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<