එකමුතුයි නම් ශ්‍රී ලංකාවට පෙරළියක් කළ හැකියි – චමින්ද වාස්

632

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙක් ද වූ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ICC හමුවේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වා තිබුණා.

එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස්……..

එක්දින තරග 322ක් ක්‍රීඩා කර ඇති චමින්ද වාස් කඩුලු 400කට වඩා දවාගෙන ඇති අතර ඔහු මේ වන විට ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා. ICC වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ යොවුන් ක්‍රීඩකයින් වගකීම් සහගත ලෙස ක්‍රීඩා කළහොත් එක්දින පිටියේ දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී සාර්ථක විය හැකි බවයි.  

“ශ්‍රී ලංකාව පෙරළිකාර, කණ්ඩායමක්” වාස් ICC වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබුණා. ”ඔවුන් එකමුතු විය යුතුයි, ඔවුන් විශේෂ ක්‍රීඩකයෝ සහ ඔවුන්ට එංගලන්තයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්, ඔවුන්ට කණ්ඩායම් හැඟීම තිබේ නම්, එකමුතුකම තිබේ නම් මම හිතනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරයි”

ශ්‍රී ලංකාව ICC එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ට පහළින් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය පමණි.

“මම මේ ක්‍රීඩාවට ආදරෙයි, මම මගේ ජීවිතේ ගොඩක් කල් ගත කළේ මේ ක්‍රීඩාව කරමින්, මට මේ දේ ගැන දැනුම යොවුන් ක්‍රීඩකයින්ට ලබා දෙන්න පුළුවන්. මම වසර 20ක් ක්‍රීඩා කළා සහ පුහුණුකරුවෙකු ලෙස මම ක්‍රීඩාව තුලින් විනෝදයක් ලැබුවා, මම යොවුන් වේගපන්දු යවන්නන්ට කියන්නේ 100%ක් දෙන්න, කෙටි මාර්ග සොයන්න එපා, මීළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා, මේ තරගයේ දී සියල්ල ඉවර කරන්න, ඔබේ ශාරීරික සෞඛ්‍ය හොඳින් තබා ගන්න, ඔබේ රට වෙනුවෙන් ඒ දෙය කරන්න, ඔබ පැමිණියේ කොහෙන්ද මතක තබා ගන්න, වැරැද්දට හේතු කියන්න එපා, මිනිස්සු ඔබට බණින විට ඒ දෙය හොඳ පැත්තට ගන්න”

වාස් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහි 1996 ලෝක කුසලානයට ක්‍රීඩා කළ අතර ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ දී හා 2011 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබන්නට සමත් විය. පසුගිය ලෝක කුසලාන වල සාර්ථකත්වයම යොවුන් කණ්ඩායමට මහත් ශක්තියක් වනු ඇති අතර වාස් පවසා සිටියේ සාර්ථක ලෝක කුසලානයක් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බවයි.

පාකිස්තාන ප්‍රබලයෙක් එංගලන්ත තරගයක් මඟ හරියි

පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික් පුද්ගලික හේතුවක් නිසාවෙන් එංගලන්ත – පාකිස්තාන විස්සයි විස්ස තරගයට……

“අපි දැනන් හිටියා අපි ලෝක කුසලානය දිනුවොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා වැදගත් බව. අපි ලෝක කුසලානය දිනලා කුසලානය ශ්‍රී ලංකාවට ගෙනෙන මොහොතේ අපි දැන ගත්තා අපි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කළා කියලා, 1999 වසරේ සිට අපි අවසන් තරගවලට හා අවසන් පූර්ව වටයන්ට පිවිසුනත්, අපිට සාර්ථක වෙන්න බැරි වුනා, මොනවා වුනත් ලෝක කුසලානය වගේ ඉතා වැදගත් තරගාවලි වලදී අපි ඉතා හොඳින් ක්‍රීඩා කරලා තිබෙනවා, දැන් තමයි වේලාව යොවුන් ක්‍රීඩකයින්ට හොඳින් ක්‍රීඩා කරලා සිය දක්ෂතා පෙන්වන්න. මම හිතනවා අවස්ථාව ලැබුනාම ඔවුන් සිය දෑතින්ම අවස්ථාව ග්‍රහණය කරගෙන හොඳින් ක්‍රීඩා කරයි කියලා”

ශ්‍රී ලංකාව එළඹෙන ජුනි 1 දා නවසීලන්තයට එරෙහිව සිය ලෝක කුසලාන සටන ආරම්භ කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<