ආසියානු නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

75

ප්‍රථම වරට පවත්වනු ලබන 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙම (ඔක්තෝම්බර්) මස 22 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. 

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන සංචිතය නිකුත් වෙයි

‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය’ සඳහා තරග වදිනු ලබන…..

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

තරගාවලිය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (21) දින පැවති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා හර්ශිතා සමරවික්‍රම තරගාවලිය පිළිබඳව පැවසුවේ මෙවැන්නකි. 

“අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. කණ්ඩායම තුළ වයස අවුරුදු 23ට වඩා වැඩි ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩිකාවන් 8ක් ඉන්නවා. ඒක තරගයේ මැදදී අපිට ලොකු හයියක්. මොකද ඒ ගොල්ලොන්ට හොඳ අත්දැකීම් තිබෙනවා. මේ වගේ තරගාවලියක් තරුණ ක්‍රීඩිකාවන්ට ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද මේ වගේ තරගාවලි හරහා අපේ ක්‍රිකට් ජීවිතේට ගොඩාක් ලොකු අත්දැකීම් ලබා ගන්න පුළුවන්.” 

තරගාවලියේ තරග කාලසටහනට අනුව මූලික වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමඟින්ම තරග වදිනු ලබන අතර අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

මේ තරගාවලිය සඳහා සහභාගී වන දේවිකා වයිද්‍යා (ඉන්දීය කණ්ඩායමේ නායිකාව), රමීන් ශාමීම් (පාකිස්තානු කණ්ඩායමේ නායිකාව) සහ ශයිලා ශර්මින් (බංග්ලාදේශ කණ්ඩායමේ නායිකාව) යන නායිකාවන් තිදෙනාම මෙම තරගාවලිය “ආසියානු ක්‍රිකට් වල අනාගතයට සහ කාන්තා ක්‍රිකට් ආනාගතයට ඉතාමත් වටිනා තරගාවලියක්” වන බව පැවසීය. 

>>Photos: Pre-Tournament Media Briefing – Women’s Emerging Team Asia Cup 2019<<

තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා එක් එක් කණ්ඩායම් වල කණ්ඩායම් නායිකාවන්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන්, තරග නිලධාරීන් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරී මහත්ම/මහත්මීන් පැමිණ සිටියහ. මෙම තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස බන්දුල දිසානායක මහතා කටයුතු කරයි.

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට පන්දු 100 තරගාවලියේ අසුන් නැහැ

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “The Hundred”…..

තරග කාලසටහන 

ඔක්තෝබර් 22

  • ඉන්දියාව සහ බංග්ලාදේශය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය
  • පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය

ඔක්තෝබර් 23 

  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය
  • පාකිස්තානය සහ බංග්ලාදේශය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය

ඔක්තෝබර් 25 

  • ඉන්දියාව සහ පාකිස්තානය – තර්ස්ටන් ක්‍රිකට් පිටිය
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය

ඔක්තෝබර් 27  

  • අවසන් මහා තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන සංචිතය – හර්ශිතා සමරවික්‍රම (නායිකාව), හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, මදුෂිකා මෙත්තානන්ද, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ලිහිණි අප්සරා, උමේෂා තිමාශිනි, සත්‍යා සංදීපනී, ජිමාන්ජලි විජේනායක, සචිනි නිසංසලා, තාරිකා සෙව්වන්දි, ශිකාරි නුවන්තා, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), සයනි ඕෂධී. 

තරගාවලියේ තරග වාර්තා, විශේෂ වීඩියෝ හා තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට  ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<