Home Sinhala දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1710

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් අද (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රැකගනිමින්.

ඉන්දියාව සිය දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් සුපිරි 4 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් තරග ජයග්‍රහණ 13 ගමනට ද තිත තබමි්.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක Rohith Sharma පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාව එකඳු හෝ වෙනසක් නොමැතිව සිය ජයග්‍රාහී කණ්ඩායම ම මේ තරගයට ක්‍රීඩා කර වූ අතර ඉන්දියාව එක් වෙනස්කමක් සිදු කරමින් Shardul Thakur වෙනුවට Axar Patel මේ තරගයට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (WK), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත

ඉන්දියාව – Rohit Sharma (C), Shubman Gill, Virat Kohli, KL Rahul, Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj

පාකිස්තානයට එරෙහි තරගය ඉතාමත් හොඳින් අවසන් කරමින් මේ තරගයට අවතීර්ණ වුනු ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හට ප්‍රබල අභියෝගයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුනා.

එහි දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන වෙල්ලාලගේ සහ අසලංක ඔවුන්ගේ හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 213කට සීමා කළා. තීක්ෂණ එක් කඩුල්ලයි.

ඒ අනුව ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 10ම දඟපන්දු යවන්නන් විසින් දවා ගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එකතු වුනා.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය වුනු Sharma සහ Gill ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක සහ වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 67ක දී ලකුණු 80ක ඉතාමත් ධනාත්මක ආරම්භයක් ඔවුන්ට ලබා දුන්නා.

Powerplay අවස්ථාව තුල එකඳු හෝ කඩුල්ලක් ලබා නොදී ලකුණු 65ක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනත්, Shubman Gillගේ දැවී යාමෙන් අනතුරුව ඔවුන්ගේ මුල්පෙළ තවත් ප්‍රබල කඩුලු 2ක් ලකුණු 11ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට රැගෙන එන්නට වෙල්ලාලගේ සමත් වුනා.

නොකඩවා අර්ධ ශතක තුනක් ලබාගෙන ඉතාමත් හොඳ රිද්මයකින් පන්දුවට පහර දෙමින් සිටින නායක Sharma අද සිය එක්දින දිවියේ ලකුණු 10,000 සීමාව පසුකරමින් සිය 51 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 48ක දී 4 පහර 7ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් Sharma ලකුණු 53කට දැවී ගියා.

ලකුණු 91කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු මොහොතේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89ක් තුල ලකුණ 63ක සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දියාව නැවතත් තරගයට රැගෙන එන්නට KL Rahul සහ Kishan සමත් වුනා.

මේ තරගය වෙනුවෙන් සකස් කර තිබුණු තණතීරුව නව තණතීරුවක් වුවත්, පන්දුව විටින් විට අඩු ඉපිලීමක් සහිතව පිතිකරුවන් වෙත තියුණු දඟ කැවීමක් සහිතව පැමිණි අවස්ථාවන් බොහෝමයක් දැකගන්නට ලැබුණා. අවසානයේ දී ඉන්දීය අවසන් කඩුලු 6 ලකුණු 57ක් තුල දවා ගන්නට වෙල්ලාලගේ, අසලංක සහ තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

ලකුණු ලබා ගැනීමට තරමක් අපහසු මේ තණතීරුව මත ඉන්දීය කණ්ඩායමේ කඩුලු 7ක් පන්දුවාර 11ත් 40ත් තුල ලකුණු 115කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ ඉන්දීය ප්‍රබල පිතිකරණ බලඇණියට ප්‍රබල අභියෝගයක් වෙමින්.

පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 5ක් (Gill, Kohli, Sharma, KL Rahul, Hardik Pandyaගේ කඩුලු) ද, අසලංක ද කඩුලු 4ක් දවාගෙන සිය හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා. ජාත්‍යන්තර එක්දින පිටියේ තුල එතරම්ම පන්දු යැවීමට අවස්ථාව නොලැබෙන අසලංක මේ තරගයට පෙර එක් එක්දින කඩුල්ලක් පමණක් දවාගෙන තිබුණා.

ලකුණු 214ක සටන්කාමී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 25ක් තුල දවා ගන්නට Jasprit Bumrah සහ Mohammed Siraj යන වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට සිදු වුන නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පතිත වුනු පීඩනය පෙරළා කඩුලු ලෙස දවා ගන්නට ඉන්දියාව සමත් වුනේ ශ්‍රී ලංකා ආරම්භය අසාර්ථක කරමින්.

සමරවික්‍රම සමඟ එක්වුණු අසලංක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් පසුපසට ඇද වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත වරක් ගොඩනංවමින් ශ්‍රී ලංකාව නැවතත් තරගයට රැගෙන එන්නට සමත් වුනා.

නමුත් වමතින් දඟපන්දු යවන Kuldeep ඒ වන විට ස්ථාවරව සිටි සදීරට දැවැන්ත පහරකට ආරාධනා කරමින් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට පන්දුවක් යොමු කළ අතර එහි දී ස්ටම්ප් කිරීමකට හසුකරගෙන සදීරගේ කඩුල්ල දුර්වල පහරකින් දවා ගන්නට සමත් වුනා.

ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ට යම් බලාපොරොත්තුවක් නැවතත් රැගෙන ආ වෙල්ලාල්ගේ සහ ධනංජය එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 63 සබඳතාවය බිඳ දමමින් ලකුණු 41ක් ලබාගෙන සිටි ධනංජයගේ කඩුල්ල දවා ගන්නට Jadeja සමත් වීමත් සමඟම ශ්‍රී ලංකා බලාපොරොත්තු විශාල ලෙස කඩා වැටුණා.

අවසානයේ දී වෙල්ලාලගේ එක් අන්තයක් රැකගෙන පන්දුවට පහර දෙමින් සිටි නමුත්, ශ්‍රී ලංකා අවසන් කඩුලු 3 ලකුණු 10ක් තුල දැවී ගිය අතර එම සබඳතාවයන් තුන තුල දී වෙල්ලාලගේ හට මුහුණ දීමට හැකියාව ලැබුණේ පන්දු 6කට පමණයි.

අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 172කට සීමා වුනු අතර නොදැවී ක්‍රීඩා කළ වෙල්ලාලගේ ලකුණු 42යි. Kuldeep Yadav කඩුලු 4ක් දවා ගත්තා.

Result


Sri Lanka
172/10 (41.3)

India
213/10 (49.1)

Batsmen R B 4s 6s SR
Rohit Sharma b Dunith Wellalage 53 48 7 2 110.42
Shubman Gill b Dunith Wellalage 19 25 2 0 76.00
Virat Kohli c Dasun Shanaka b Dunith Wellalage 3 12 0 0 25.00
Ishan Kishan c Dunith Wellalage b Charith Asalanka 33 61 1 1 54.10
KL Rahul c & b Dunith Wellalage 39 44 2 0 88.64
Hardik Pandya c Kusal Mendis b Dunith Wellalage 5 18 0 0 27.78
Ravindra Jadedja c Kusal Mendis b Charith Asalanka 4 19 0 0 21.05
Axar Patel c Sadeera Samarawickrama b Mahesh Theekshana 26 36 0 1 72.22
Jasprit Bumrah b Charith Asalanka 5 12 0 0 41.67
Kuldeep Yadav c Dhananjaya de Silva b Charith Asalanka 0 1 0 0 0.00
Mohammed Siraj not out 5 19 0 0 26.32


Extras 21 (b 0 , lb 1 , nb 0, w 20, pen 0)
Total 213/10 (49.1 Overs, RR: 4.33)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 30 0 7.50
Mahesh Theekshana 9.1 0 41 1 4.51
Dasun Shanaka 3 0 24 0 8.00
Matheesha Pathirana 4 0 31 0 7.75
Dunith Wellalage 10 1 40 5 4.00
Dhananjaya de Silva 10 0 28 0 2.80
Charith Asalanka 9 1 18 4 2.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c KL Rahul b Jasprit Bumrah 6 7 1 0 85.71
Dimuth Karunaratne c Shubman Gill b Mohammed Siraj 2 18 0 0 11.11
Kusal Mendis c Suryakumar Yadav b Jasprit Bumrah 15 16 3 0 93.75
Sadeera Samarawickrama st KL Rahul b Kuldeep Yadav 17 31 1 0 54.84
Charith Asalanka c KL Rahul b Kuldeep Yadav 22 35 2 0 62.86
Dhananjaya de Silva c Shubman Gill b Ravindra Jadeja 41 66 5 0 62.12
Dasun Shanaka c Rohit Sharma b Ravindra Jadeja 9 13 1 0 69.23
Dunith Wellalage not out 42 46 3 1 91.30
Mahesh Theekshana c Hardik Pandya b Suryakumar Yadav 2 14 0 0 14.29
Kasun Rajitha b Kuldeep Yadav 1 2 0 0 50.00
Matheesha Pathirana b Kuldeep Yadav 0 2 0 0 0.00


Extras 15 (b 2 , lb 4 , nb 1, w 8, pen 0)
Total 172/10 (41.3 Overs, RR: 4.14)
Bowling O M R W Econ
Jasprit Bumrah 7 1 30 2 4.29
Mohammed Siraj 5 2 17 1 3.40
Hardik Pandya 5 0 14 1 2.80
Kuldeep Yadav 9.3 0 43 4 4.62
Ravindra Jadedja 10 0 33 2 3.30
Axar Patel 5 0 29 0 5.80



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරගය මේ මස 14 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<