Kohli ඉවත් වෙද්දී Rohit ටෙස්ට් සංචිතයට

770
Kohli to return home

ලබන මාසයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග හතරකින් සමන්විත Border-Gavaskar ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සිය කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් ඉන්දියාව වෙත පැමිණීමට නියමිතව ඇත.

එම නිසාවෙන් ඉන්දියානු කණ්ඩායමට ඉතිරි තරග ත්‍රිත්වය ක්‍රීඩා කරන්නට සිදුවන්නේ සිය කණ්ඩායම් නායකයා මෙන්ම විශ්වාසවන්තම පිතිකරුවා ද නොමැතිවය. එම නිසාවෙන් තරගාවලියේ ඉතිරි තරග සඳහා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම වත්මන් උපනායක Ajinkya Rahane හට ලබා දීමට නියමිතයි.

එමෙන්ම මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක් වීම නිසාවෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ ආරම්භ පිතිකරු Rohit Sharma ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් කිරීමට ද තේරීම් කමිටුව තීරණය කර ඇත.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ ඔක්තෝබර් 18 වැනිදා Rohit ආබාධයකට ලක්වූ පසුව වෛද්‍ය කණ්ඩායම් ඔහුව නිරීක්ෂණය කළ බවත්, ඔහුට එම ආබාධය නිසාවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග කිහිපයක් ක්‍රීඩා නොකිරීමට සිදු වූ කාලයේ දී ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම තෝරාගැනීමේ කටයුතු සිදු කළ බවයි.

එමෙන්ම ඉන්දියානු ජාතික සංචිතයේ පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක්වීම නිසාවෙන් මෙම වසරේ IPL තරගාවලියෙන් ද ඉවත් වීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma කණ්ඩායම පිටත් වීමට පෙර පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව කණ්ඩායමට එක් කිරීමට ඉඩ කඩක් ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ව තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙවර IPL තරගාවලියේ වේගපන්දුවෙන් දස්කම් දැක්වූ වමත් මද වේගපන්දු යවන ක්‍රීඩක T Natarajan ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වන පන්දුවාර 20 සංචිතය සඳහා එක් කරගැනීමට තීරණය කර ඇත. ඒ Varun Chakravarthy වෙනුවටයි. 

Sunrisers Hyderabad නියෝජනය කළ Natarajan මෙවර තරගාවලියේ 8.02ක සාමාන්‍යයක් තබා ගනිමින් කඩුලු 16ක් ලබාගැනීමට සමත් වූ අතර තරගාවලිය පුරාවටම ඔහු එල්ල කල යෝකර් පන්දු පිළිබඳව විචාරකයන්ගේ ප්‍රසාදයට පත්වීමට ද ඔහු සමත් විය.

මීට අමතරව ඉන්දීයන් ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී නැවත වරක් ආබාධයට ලක්වූ කඩුලු රකින ක්‍රීඩක Wriddhiman Saha එක්දින සංචිතය සඳහා ඇතුළත් නොකර ටෙස්ට් සංචිතයේ රැඳවීමට තේරීම් කමිටුව තීරණය කර තිබූ අතර ඔහුට අමතරව විදේශ තරගවල දී දැක්වූ දස්කම් මත Rishabh Pant ද කඩුලු රකින්නෙකු ලෙස සංචිතයට ඇතුළත්ව ඇත.

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලිය සඳහා ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 තරග 3ක් ඇතුළත්ව ඇත.

ඉන්දියානු එක්දින සංචිතය: Virat Kohli (නායක), Shikhar Dhawan, Shubman Gill, KL Rahul (උප නායක සහ කඩුලු රකින්නා), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Mayank Agarwal, Ravindra Jadeja, Yuzvendra Chahal, Kuldeep Yadav, Jasprit Bumrah, Mohd. Shami, Navdeep Saini, Shardul Thakur, Sanju Samson (කඩුලු රකින්නා)

ඉන්දියානු ටෙස්ට් සංචිතය: Virat Kohli (නායක), Rohit Sharma, Mayank Agarwal, Prithvi Shaw, KL Rahul, Cheteshwar Pujara, Ajinkya Rahane (උප නායක), Hanuma Vihari, Shubman Gill, Wriddhiman Saha (කඩුලු රකින්නා), Rishabh Pant (කඩුලු රකින්නා), Jasprit Bumrah, Mohd. Shami, Umesh Yadav, Navdeep Saini, Kuldeep Yadav, Ravindra Jadeja, R. Ashwin, Mohd. Siraj.

ඉන්දියානු පන්දුවාර 20 සංචිතය: Virat Kohli (නායක), Shikhar Dhawan, Mayank Agarwal, KL Rahul (උප නායකයා සහ කඩුලු රකින්නා), Shreyas Iyer, Manish Pandey, Hardik Pandya, Sanju Samson (කඩුලු රකින්නා), Ravindra Jadeja, Washington Sundar, Yuzvendra Chahal, Jasprit Bumrah, Mohd. Shami, Navdeep Saini, Deepak Chahar, T Natarajan

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<