කෝපා ඇමරිකා තරගාවලිය අරඹමින් බ්‍රසීලයට සුපිරි ජයක්

501
(Photo by Miguel SCHINCARIOL / AFP)

ජාත්‍යන්තර පාපන්දු කරළිය නැවතත් උණුසුම් කරමින් 2019 Copa América පාපන්දු තරගාවලිය අද (15) ආරම්භ වුණු අතර බොලිවියාව ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් පළමු තරගයේ සුපිරි ආරම්භයක් ලබා ගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුනා.

කම්මැලි තරගයක පසු විපරම

ලිවර්පූල් කණ්ඩායම පසුගිය ඉරිදා සිය 6 වන ශූරයින්ගේ ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ගෝල 2-0 ක් ලෙස එතරම් උණුසුම් නොවන…

CONMEBOL, දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම උත්කර්ෂවත් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ බ්‍රසීලයේ දී. මේ තරගාවලියේ 46 වැනි අදියරයි.

කණ්ඩායම් 12ක් කාණ්ඩ තුනක් යටතේ තරග වදින අතර ජපානය හා කටාර් රාජ්‍යය ද මෙම තරගාවලියට එක්ව සිටීම විශේෂත්වයක්. දකුණු ඇමරිකානු මහද්විපයම කලඹමින් පැවැත්වෙන මෙවර තරගාවලිය නිමා වන්නේ ජූලි 7 වැනිදා සුප්‍රසිද්ධ මරකානා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයත් සමඟයි.

බ්‍රසීලය, පේරු බොලිවියාව හා වෙනිසියුලාව A කාණ්ඩයෙන් තරග වදින අතර ප්‍රබල ආර්ජෙන්ටිනාව, පැරගුවේ, කටාර් හා කොලොම්බියාව B කාණ්ඩයෙන් තරග කරයි. චිලි, ඉක්වදෝරය, උරුගුවේ හා ජපානය හා C කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ තරගාවලියේ ඉතා තරගකාරී තරගාවලියක් බවට පත් කරමින්.  

තරගය ආරම්භයත් සමඟ බ්‍රසීල කණ්ඩායම ප්‍රබල ලෙස බොලිවියානු අර්ධය ආක්‍රමණය කළ අතර 12 වැනි මිනිත්තුවේ දී ඔවුන්ට සිය පළමු ආසන්නතම අවස්ථාව හිමි වුනා. තියාගෝ සිල්වා දඬුවම් පහර චතුරශ්‍රය තුළ සිට කිසිදු බාධාවකින් තොරව පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළත් ඔහුගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. සුපිරි බ්‍රසීල ක්‍රීඩක නෙමාර් ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටීම ද ඔවුන්ට තරමක අවාසියක් වුනා.

මැකාවු ශ්‍රී ලංකා ප්‍රශ්නයට FIFA මැදිහත් වෙයි

2023 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ මැකාවූ අතර හෙට (11) ශ්‍රී ලංකාවේ…

ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටින දකුණු ඇමරිකානු කණ්ඩායම වන බොලිවියානු කණ්ඩායම කෙමෙන් කෙමෙන් තරගයට පිවිසුණු අතර බ්‍රසීල අර්ධය ආක්‍රමණය කිරීමට වඩා ඔවුන් තමන්ගේ අර්ධය ආරක්ෂා කර ගැනීමට වඩා උනන්දු විය. තියගෝ සිල්වාට ෆර්නැන්ඩෝ සොසිඩෝ කළ බාධා කිරීමක් නිසා ඔහුට කහ කාඩ්පතක් හිමි වුණු අතර ඒ සමඟම පළමු අර්ධය අවසන් වූයේ කණ්ඩායම් දෙකට ගෝල රහිතවයි.

පළමු අර්ධය: බ්‍රසීලය 00 – 00 බොලිවියාව

Morumbi ක්‍රීඩාංගණයේ වික්ෂිප්තව සිටි බ්‍රසීල ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් පිටියට පිවිසුණු බ්‍රසීල කණ්ඩායම නැවත තරගය ආරම්භ වී සුළු මොහොතකින් සිය අපේක්ෂා ඉටු කරගන්නට සමත් විය. විනිසුරුගේ ඔරලෝසුවේ මිනිත්තු 50ක් සටහන් වෙද්දී බොලිවියානු ආරක්ෂක ක්‍රීඩක ඒඩ්රියන් ජුසිනෝ පන්දුව සිය දෑතින් හැසිරුවේ යැයි තීරණය කර විනිසුරු බ්‍රසීල කණ්ඩායම දඬුවම් පහරක් ලබා දීමට තීරණය කරන ලදි.

පිලිපේ කූටිනියෝ සංසුන්ව එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ බ්‍රසීල ලකුණු පුවරුව යලිත් ක්‍රීඩා කරමින්. එම තීරණය ලබා දීමට විනිසුරු VAR තාක්ෂණය භාවිතා කිරීම විශේෂත්වයක්.

නේමාර්ට තවත් අකරතැබ්බයක්

බ්‍රසීලයේ හා PARIS SAINT GERMAIN කණ්ඩායම් වල ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නේමාර් ද සිල්වාට තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ප්‍රංශයේ පැරිස් හි හෝටලයක…

ඊට මිනිත්තු තුනකට පසු තරගය කිසිදු සැකයකින් තොරව තමන් සතු කර ගන්නට බ්‍රසීල කණ්ඩායම සමත් වූයේ තවත් අලංකාර ගෝලයක් වාර්තා කරමින්. රොබර්ටෝ ෆර්මිනියෝ අලංකාර ලෙස දඬුවම් චතුරශ්‍රය මැදට හරස් පන්දු යොමු කිරීමක් සිදු කළ අතර නිසි වේලාවට එතනට ළඟා වූ කුටිනියෝ සිය දෙවන ගෝලයත් රැස් කර ගැනීමට සමත් විය.   

තරගයේ අවසන් මිනිත්තු කිහිපයට ළඟාවත්ම බ්‍රසීල කණ්ඩායම සිය අතිරේක ක්‍රීඩකයින්ට ද අවස්ථාව ලබා දුන් අතර තෙවන බ්‍රසීල ගෝලය වාර්තා කළේ අතිරේක ක්‍රීඩක එවර්ටන්. ගෝල රාමුවට වම් පසින් පැමිණි ඔහු බොලිවියානු ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් මර්දනය කරමින් ගෝල රකින ක්‍රීඩක කාර්ලොස් ලම්පේ පසු කරමින් පන්දුව දැල තුළට යැව්වේ සිතා ගැනීමටවත් නොහැකි වේගයකින්.

ඒ අනුව බ්‍රසීල කණ්ඩායම සිය කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වුණු අතර වෙනිසියුලාව පරාජය කිරීමෙන් පසුව ඔවුන්ට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වනු ඇත. බොලිවියාවේ මීළඟ තරගය පේරු රාජ්‍යය සමඟයි.  

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 03 – 00 බොලිවියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • බ්‍රසීලය – Philippe Coutinho (50, 53), Everton (85)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<