සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

87
Singer U19 Division Cricket Tournament 2019 20

අනාගතයේ ලොව දිනන දරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඉදිරියට රැගෙන ඒම අරමුණු කරගනිමින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) දිනයේ දී ක්‍රියාත්මක විය.

දුනිත් වෙල්ලාලගේට ලකුණු 4 කින් ද්විත්ව ශතකය මඟ හැරෙයි

අනාගතයේ ලොව දිනන දරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඉදිරියට රැගෙන ඒම

එහිදී සාන්ත ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් දැවැන්ත ජයක් ලබා ගන්නා විට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි. 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය 

සිය ද්විත්ව ශතකය සඳහා අවාසනාවන්ත ලෙස ලකුණු 4 ක් රැස්කර ගැනීමට නොහැකි වූ දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේ දී ලකුණු 196 ක් රැස්කර ගනිමින් සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 402 ක් දක්වා ඔසවා තබන ලද්දේ, ඉසිපතන විද්‍යාලයට දැඩි පීඩනයක් ලබා දෙමිනි. 

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී වෙල්ලාලගේ රැස්කර ගත් ලකුණු 196 ට අමතරව සදීෂ් ජයවර්ධන සහ මිරංග වික්‍රමගේ ලකුණු 44 බැගින් රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී සවිඳු උත්සර ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගන්නා ලදි. 

සාන්ත ජෝසප් විද්‍යාල දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක වූ ඉසිපතන විද්‍යාල පිතිකරුවන්, ඔවුන්ගේ ඉනිම දෙක තුළදීම රැස්කර ගත්තේ ලකුණු 293ක් පමණි. එහිදී දුනිත් වෙල්ලාලගේ පළමු ඉනිමේ කඩුලු 3 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 2 ක් දවා ගන්නා විට, මිරංග වික්‍රමගේ කඩුලු 9 ක් දවා ගත්තේය. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 402 (86.1) දුනිත් වෙල්ලාලගේ 196, සදීෂ් ජයවර්ධන 44, මිරංග වික්‍රමගේ 44, දිනෙත් ජයකොඩි 28, ජොහෑන් ද සිල්වා 27, ශෙවෝන් ඩැනියල් 27, සවිඳු උත්සර 5/86. 

ඉසිපතන විද්‍යාලය : 228 (62.3) තෙවිඳු දික්වැල්ල 56, ලිසුර වීනාත් 35, දුනිත් වෙල්ලාලගේ 3/44, මිරංග වික්‍රමගේ 3/55, ජොහෑන් ද සිල්වා 2/52. සහ F/O 65 (30.2) මිරංග වික්‍රමගේ 6/34, ශලින්ද සෙනෙවිරත්න 2/11, දුනිත් වෙල්ලාලගේ 2/20. 

සාන්ත ජෝසප්  විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 109 ක ජයක් හිමි විය. 

නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක පෙරේරා සහ දකුණතින් පා දඟපන්දු යවන


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. 

එහිදී ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සුකිත ප්‍රසන්න, නිෂිත අභිලාෂ් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 274 ක් රැස්කර ගැනීමට හැකි විය. ඒ වන විට පන්දුවාර 55 ක් සඳහා මුහුණ දී සිටි සෙබස්තියන් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලද්දේ සිය ප්‍රතිවාදීන් වූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලබා දෙමිනි. 

ඒ අවසරයෙන් පිටියට පිවිසි සංචාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් සටන්කාමී ශතකයක් වාර්තා කිරීමට නෙත්මල් ද සොයිසා සමත් වූයේය. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් රැස්කර ගෙන සිටියේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 140 ක් පසුපසින් සිටිමිනි. 

එතැන් සිට තරගයේ දෙවන දිනය වූ අද දිනය ක්‍රියාත්මක වූ අතර සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමේ ජය තහවුරු කරගත් අතර එහිදී විශ්ව රාජපක්ෂ ලකුණු 121 ක් රැස්කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරන ලදි. 

ලකුණු 104 ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලකුණු 139 ක් රැස්කර ගෙන සිටිය දී තරගය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 274/9d (55) සුකිත ප්‍රසන්න 56, නිෂිත අභිලාෂ් 53, කුෂාන් හේරත් 31, යෂාන් අවිශ්ක 24, මෙනූෂ පෙරේරා 3/59, විශ්ව රාජපක්ෂ 3/68, දනුක නිර්මාල් 2/52. සහ 139/2 (40) සුකිත ප්‍රසන්න 76*, දුනිත් ජයතුංග 26. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : 378 (94.2) විශ්ව රාජපක්ෂ 121, නෙත්මල් ද සොයිසා 62, ශෝන් පතිරණ 56, අචින්ත ප්‍රනාන්දු 38, ඩියාන් පතිරණ 36, කලන සංදීප 4/150, ඉඳුවර ද අල්විස් 4/94, සුපුන් ප්‍රනාන්දු 2/59. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය. 

“පංතියේ ළමයි වැඩ කරන්නේ නැතිනම්, මොනිටර් මාරු කරලා වැඩක් නෑ” – මාලිංග

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පරාජයන්ට හේතුව තමන්ගේ නායකත්වය


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිවූ මෙම තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල සාන්ත ආනා විදුහල් ක්‍රිකට් පිටියේ දී නිමා විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ආනා විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය නිසා ඔවුන්ගේ පළමු ඉනිම ඉතාමත් හොඳ මට්ටමක් දක්වා රැගෙන යාමට ඔවුන්ට හැකි විය. උප නායක ලසිත් වර්ණකුලසූරිය සහ නායක කවිඳු රණසිංහ පිළිවෙලින් ලකුණු 123 ක් සහ ලකුණු 112 ක් රැස්කර ගනිමින් සුපිරි ඉනිමක් දියත් කළහ. අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 331 ක් රැස්කර ගෙන සිටි සාන්ත ආනා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි. 

එයට පිළිතුරු දුන් ධර්මරාජ විද්‍යාල ක්‍රීඩකයින්ගේ පළමු ඉනිම ලකුණු 112 කට සීමා වූ නිසා සාන්ත ආනා විද්‍යාලය ඉනිමක ජයක් අපේක්ෂාවෙන් නැවතත් පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් රැස්කර ගෙන තිබුනි. 

සාන්ත ආනා විද්‍යාලය : 331/9d (88.2) ලසිත් වර්ණකුලසූරිය 123, කවිඳු රණසිංහ 112, කවිඳු ඒකනායක 28, යසිත සමරරත්න 3/74, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/103, දුලාජ් බණ්ඩාර 2/42. 

ධර්මරාජ විද්‍යාලය : 112 (56.3) භාග්‍ය ඊරියගම 26, අනුශාන් ඇහැලේපොල 25, යසිත් සමරරත්න 20, මනාන් මුසම්මිල් 4/31, කවිඳු රණසිංහ 2/04, පසිඳු තෙන්නකෝන් 2/32. සහ F/O 82/2 (42) භාග්‍ය ඊරියගම 33, දිනුක තිශාන්ත 24. 

සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<