ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය ගැන ඉන්දීය නායකයා අසතුටෙන්

ලෝක ටෙස්ට් ශූරතාවය 2019-21

167

පළමු ලෝක ටෙස්ට් ශූරතාවයේ පහස විඳගැනීමට නවසීලන්තය ඊයේ (23) දින සමත් වුනේ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. කෙසේවෙතත් ඊයේ තරග පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක Virat Kohli පවසා සිටියේ වසර දෙකකට අධික කාලයක් පුරා පැවති ටෙස්ට් ශූරතාවයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා එක් තරගයක් පමණක් පැවැත්වීම පිළිබඳව තමන් එකඟ නොවන බවයි.  

මේ පිළිබඳව ඉන්දීය පුහුණුකරු Ravi Shastri සහ හිටපු නායක Sachin Tendulkar අදහස් දක්වා තිබුනා

ඉන්දීය කණ්ඩායම Virat Kohliගේ නායකත්වය යටතේ ලෝක කුසලාන අවසන් තරග දෙකක් පරාජය වී තිබෙනවා. කෙසේවෙතත් අදහස් දක්වමින් Virat Kohli පවසා සිටියේ එක් තරගයක් ප්‍රමාණවත් නොවීම පිළිබඳ තම අදහස සඳහා තරගයේ ප්‍රතිඵලය බලපෑමක් නොවන බවයි.

මම හිතන්නේ නැහැ ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම තෝරාගැනීමට එක් තරගයක් ප්‍රමාණවත් කියලා. ඒක මගේ අවංක අදහස. මේක ටෙස්ට් තරගාවලියක් නිසා අවම වශයෙන් තරග 3ක් වත් තියෙන්න ඕනේ. ඒකෙන් කණ්ඩායමකට තරගාවලියට ආයෙත් ප්‍රවේශ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එක තරගයකvදී දවස් දෙකක් තුළ තරගයේ ඉරණම තීරණය වෙන්න පුළුවන්. එහෙම වුනාම කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම නොවෙන්න පුළුවන්. මම ක්‍රමය විශ්වාස කරන්නේ නැහැ.

ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට පිවිසියේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1 කණ්ඩායම ලෙසයි. ඔවුන් එහිදී ප්‍රසාද ලකුණු 520ක් ලබා සිටි අතර සහභාගී වූ තරගාවලි 6න් 5ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කෙසේවෙතත් ඔවුන් අවසන් තරගාවලි ලෙස ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා සහ එංගලන්ත තරගාවලි වල පළමු තරගය පරාජය වුවද සෙසු තරග ජයග්‍රහණය කරමින් තරගාවලි ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්

මම විශ්වාස කරන්නේ අවසන් තරගය අවම වශයෙන් තරග 3ක් වත් වෙන්න ඕනේ කියලා. ඒකෙන් කණ්ඩායමකට තරගාවලියට සූදානම් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. පළමු තරගය පරාජය වුනත් යම් අවස්ථාවක් ලැබෙනවා.” 

මම හිතන්නේ එය තදින් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණක්. අනාගතයේ දී ක්‍රිකට් ආයතනය ගැන සලකා බලාවි කියලා මම හිතනවා. තරග තුනක් අවසානයේ දී මේ ප්‍රතිඵලය ලබාගන්න හැම කණ්ඩායමක්ම මහන්සි වෙනවා. සමහර විට ප්‍රතිඵලය උඩු යටිකුරු වෙන්න පුළුවන්. තරගාවලිය පුරාම දේශගුණික තත්වයන් වෙනස් වෙනවා. පළමු තරගයේ දී ඔබ කරපු වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. 

ටෙස්ට් කණ්ඩායමක් විදිහට පසුගිය මාස 18 කාලයේ විතරක් නෙමෙයි අවුරුදු 4ක් හෝ 5ක් තුළ අපි ලබාගත්ත ජයග්‍රහණ සහ අපේ හැකියාව පිළිබඳව නිවැරැදි මිම්මක් මේ ප්‍රතිඵලයෙන් ලැබෙන්නේ නැහැ.

අපි ගත්තොත් මේ තරගයේ දේශගුණික තත්ත්වය එතරම් හොඳ මට්ටමක තිබුනේ නැහැ. වගේ වෙලාවක දී තරග 3ක් පවත්වන එක තමයි වඩාත් සාධාරණ වෙන්නේ. මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේක කියන්නේ අපි පරාජය වුන නිසා නෙමෙයි. ටෙස්ට් තරගාවලියක් කියන එක අමතක නොවන තරගාවලියක් වෙන්න ඕනේ. හැම කණ්ඩායමකටම නැවත තරගාවලියට එන්න අවස්ථාවක් තියෙන්න ඕනේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගෙන ඇති තීරණ වලට අනුව 2024-31 චක්‍රය දක්වා වන ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය සඳහා ඇත්තේ එක් තරගයක් පමණි

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

ශානකගේ අර්ධ ශතකය අභිබවා Buttlerගේ ප්‍රහාරය සැර වෙයි

ඉන්දියාව පරදා නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරයින් ලෙස අභිෂේක ලබයි

LPL පළමු අදියරේ නැරඹුම් ප්‍රමාණය මිලියන 500ක් ඉක්මවයි!

T20 රජුන් මට්ටු කරන්නට ශ්‍රී ලංකාව සූදානම්

කෙසේවෙතත් පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩ බලන සභාපති Geoff Allardice පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහනේ ඇති කාර්‍යබහුල බව නිසා මෙවන් තීරණයක් ගත් බවයි

දැන් අපි මේ ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර කාලසටහන එක්ක මාසයක් වගේ කාලයක් අවසන් තරගයට වෙන් කරන්න අමාරුයි. නිසා තමයි අපි එක් තරගයක් විතරක් සැලසුම් කළේ. අවසන් තරගයට ඕනෑම කණ්ඩායමකට පිවිසෙන්න අවස්ථාවක් තියෙන නිසා තරග 3ක් පවත්වන්න හැකියාවක් නැහැ. 

මේ පිළිබඳව ජයග්‍රාහී නායක Kane Williamson අදහස් දක්වා සිටියා.

හිතන්නේ ඕනෑම දෙයක් වෙන්න හැකියාවක් තියෙන එක තමයි අවසන් තරග වල තියෙන විශේෂත්වය. අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන අවිනිශ්චිතතාවය. අපි ඒක ලෝක කුසලාන තරග වලදී දැකලා තියෙනවා. මම හිතන්නේ එක් තරගයක් පැවැත්වීම ටෙස්ට් ශූරතාවයට වෙනසක් ගෙන එනවා. මේ ගැන පක්ෂව සහ විපක්ෂව අදහස් තියෙන්න පුළුවන්. ඒත් මම හිතන්නේ ලොකුම අභියෝගය තරගාවලිය සංවිධානය කිරීමයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<