චින්තන සහ සුදේශ් මුල් විසිදෙනා අතරට

296
Sudesh Peiris and Chithana Withanage

ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරා ගැනීමට සමගාමීව ශ්‍රී ලංකා බර ඉසිලීම් ක්‍රීඩකයින් කණ්ඩායමක් පසුගිය දා උස්බෙකිස්තානයේදි පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගි විය. එහිදි චින්තන ගීතාල් විදානගේ සහ සුදේශ් පීරිස් පිළිවෙලින් 12 වැනි ස්ථානයටත් 16 වැනි ස්ථානයටත් සුදුසුකම් ලැබීය.

 ඔලිම්පික් යන්න හදන ක්‍රීඩකයෝ අටක් 

මෙහිදි සුදේශ් පීරිස් කිලෝග්‍රෑම් 69 බර පංතිය නියෝජනය කරමින් තරග වැදි ස්නැච් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 125ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 161ක් ද සමගින් සමස්ත බර ප්‍ර‍මාණය කිලෝග්‍රෑම් 286 ක් ඔසවමින් 16 වැනි ස්ථානයට පත්විය. කකස්ථානයට මෙහි ප්‍ර‍ථම ස්ථානයත් (338Kg), චීනයට දෙවන ස්ථානයත් සහ කොරියාවට එහි ලෝකඩ පදක්කමත් හිමිවිය.

තවද කිලෝග්‍රෑම් 77 බර පංතියෙන් තරග වැදුනු චින්තන ගීතාල් ස්නැච් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 131ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 162ක් සමගින් සමස්ත බර ප්‍ර‍මාණය ලෙස කිලෝග්‍රෑම් 293ක් ඔසවමින් 12 වැනි ස්ථානයටත් පත්විය. මෙහි ප්‍ර‍ථම ස්ථානය චිනයට (348Kg) හිමිවිය.

කෙසේ නමුත් ඉදිරියේදි ඔලිම්පික් පරිසාධන මට්ටම සැපිරු ක්‍රීඩකයින් දැනුම්දෙනු ඇත.