අයර්ලන්ත ආරම්භක පිතිකරුවාට උසස් වීමක්

2231

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු Paul Stirling කණ්ඩායමේ නිත්‍ය උපනායකයා බවට පත් කිරීමට අයර්ලන්ත ක්‍රිකට් නායකයා පසුගිය දා කටයුතු කරන ලදි.

බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයෙකුත් කොරෝනා දැලේ පැටලේ

මේ වන විට 29 වන වියෙහි පසුවන Paul Stirling 2008 වසරේ සිට අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 117කටත්, පන්දුවාර 20 තරග 78ක් සහ ටෙස්ට් තරග තුනකටත් තම දායකත්වය ලබා දී ඇත.

අයර්ලන්තය වෙනුවෙන් වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩක ලැයිස්තුවේ හතරවැනි ස්ථානය ද Stirling හට හිමි වන අතර උපනායකත්වයට පත් වීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ඉදිරි වසරවල දී අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉහළටම ගෙන යාමට නායකයා හට සහය දීම ඔහුගේ බලාපොරොත්තුව බවයි.

“Andrew Balbirnie මා හට දුරකතන ඇමතුමක් ලබා දෙමින් විමසා සිටියා ඔහුගේ කණ්ඩායමේ උපනායකයා බවට පත් විය හැකි ද කියලා. අප කුඩා කල ඉඳලම එකට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා ඉදිරි වසරවල් තුළ දී අයර්ලන්ත කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා ඔහුට සහය වීමට මම බලාපොරොත්තු වනවා.”

“කැරිබියන් දේශයේ සහ උප මහද්වීපය තුළ දී ජයග්‍රහණ ලබා ගනිමින් ඔහු හොඳ නායකත්ව ආරම්භයක් ගත්තා. නමුත් පෙර කණ්ඩායමට වඩා තරුණ කණ්ඩායමක් සමඟ වැඩ කරන විට බොහෝ දේ කිරීමට තියෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ දී කණ්ඩායම මෙහෙය වීමට සහ කණ්ඩායමට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට Balbirnie හට සහය දීමට හැකි වීම පිළිබඳව මම සතුටට පත්වනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

අයර්ලන්ත හිටපු නායක William Porterfield පසුගිය වසරේ එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව Balbirnie කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

Stirling උපනායකත්වයට පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් අයර්ලන්තය නායකයා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ සහයකයා වශයෙන් ඉදිරි වසරවල් තුළ දී Stirling සිටීම පිළිබඳව ඔහු මහත් සතුටට පත්වන බවයි.

කොරෝනා වයිරස තත්වය නිසාවෙන් අතරමග නවතා දැමූ අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු පසුගිය දා ආරම්භ කෙරූ අතර ඔවුන් එළඹෙන ජූලි මාසයේ දී එක්දින තරග තුනක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට ද බලාපොරොත්තුවෙන් පසුවේ.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<