අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ වැටේ

102

ඊයේ (06) ස්පාඤ්ඤයේ පැවති Valencia මැරතන් තරගාවලියේ පිරිමි අර්ධ මැරතන් තරගය නියෝජනය කළ කෙන්යානු ජාතික Kibiwott Kandie විසින් එම තරගයේ දී පිරිමි අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් පිරිමි අර්ධ මැරතන් තරගය මිනිත්තු 57:32ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය දිනා ගැනීමට Kibiwott Kandie සමත් වූයේ පසුගිය වසරේ දී Geoffrey Kamworor විසින් පිහිටුවා තිබූ පිරිමි අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළමිනි.

එමෙන්ම එම තරගය මිනිත්තු 57:37ක කාලයකින් අවසන් කළ උගන්ඩා ක්‍රීඩක Jacob Kiplimo විසින් දෙවැනි ස්ථානයත්, Rhonex Kipruto විසින් තෙවැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වූ අතර මුල් ස්ථාන හතර දිනා ගත් ක්‍රීඩකයන් සිව්දෙනාම Geoffrey Kamwororගේ ලෝක වාර්තාගත කාලය අභිබවා යෑමට සමත්ව තිබුණි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

තරගාවලියේ තවත් කැපී පෙනෙන ඉසව්වක් වූ කාන්තා අර්ධ මැරතන් තරගය පැය 1:04:31ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩිකා Genzebe Dibaba තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර කෙන්යානු ක්‍රීඩිකා Sheila Chepkirui සහ ඉතියෝපියානු ක්‍රීඩිකා Senbere Teferi විසින් පිළිවෙළින් දෙවන සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් විය.

කාන්තා අර්ධ මැරතන් ඉසව්ව ජයග්‍රහණය කළ Genzebe Dibaba විසින් අර්ධ මැරතන් තරගයක් නියෝජනය කළ මුල්ම අවස්ථාව මෙය වූ අතර මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් ශූරිය ද වන ඇය මෙම තරගය නිම කිරීමට ගත් කාලය අර්ධ මැරතන් ඉසව්වක් මුල් අවස්ථාවේ නියෝජනය කළ ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය ලෙස ද සටහන් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<