පෝතාස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පුහුණුකරුවන්ගේ වෙනස්කම්

1277

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් හා ඉහල දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ සයිමන් විල්ස් සිය තනතුරු වලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි පුහුණුකරුවන්ගේ ව්‍යුහයේ හා තනතුරුවල කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව අසංක ගුරුසිංහ කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස පත් වනු ඇති බවත් වාර්තා වේ. 51 හැවිරිදි අසංක ගුරුසිංහ 2017 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස පත්වූ අතර පසුව තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද නම් කිරීමෙන් පසු කණ්ඩයමේ ප්‍රබල චරිතයක් බවට පත්විය. .එංගලන්ත ජාතික සයිමන් විල්ස් ගෙන් පුරප්පාඩු වූ ධුරයට ඔහු පත්වනු ඇත.  

වසර 25කට පෙර කණපිට හැරවුණු ඕස්ට්‍රේලියානු නූල් සූත්තර

සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන පුද්ගලයෙකු නොවුනත්, මේ නම දකුණු අප්‍රිකා ක්‍රීඩාලෝලීන්…

පෞද්ගලික හේතුවක් නිසා සයිමන් විල්ස් සිය තනතුරෙන් නියමිත කාලයට පෙර ඉල්ලා අස් වූ අතර එළඹෙන ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසු අසංක ගුරුසිංහ නව තනතුර භාර ගනු ඇත. කොදෙව් දූපත්වල දී ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනකට සහභාගී වීමට නියමිත අතර ගුරුසිංහ එහි දී කණ්ඩයමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

සයිමන් විල්ස් මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ තිබෙන ගිවිසුම නියමිත කාලයට ප්‍රථම අවසන් කරනු ඇත. හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින පිතිකරු නික් පෝතාස් 2016 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත් අතර ප්‍රධාන  පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ නික්ම යාමෙන් පසුව වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස 2017 ජුනි හිදී පත්විය.

“මේ විශේෂ අවස්ථාව හිමිකර දුන්නාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතියි, මාගේ සහෝදර පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට බොහොමත්ම ස්තුතියි, ඔබත් සමඟ වැඩ කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්, අවසාන වශයෙන් මා ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බොහොමත්ම ස්තුතිවන්ත විය යුතුයි.” Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වමින් පෝතාස් පැවසිය.

පෝතාස්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාවත් සමඟ මෙරට දී හා ඉන්දියාවේ දී පැවති ටෙස්ට් තරගාවලි පරාජය වූ අතර ගල්ෆ් කලාපයේ පකිස්තානයේ අපරාජිත වාර්තාව බිඳ දමමින් පකිස්ථානයට එරෙහිව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. එමෙන්ම පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩයමක් සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගාවලියක් පරාජය වූයේ ද නික් පෝතාස්ගේ මෙහෙයවීම යටතේ දීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි තිලංග සුමතිපාල මහතා නික් පෝතාස් දිගු කාලීන පුහුණුකරුවෙකු ලෙස තබා ගැනීමට අපේක්ෂා කළ ද, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පැවති ගිවිසුම නියමිත කාලයට පෙර නිමා කරමින් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර උදෙසා රැගෙන ඒමට ක්‍රිකට් පාලක මණ්ඩලය සමත්වූ නිසා නික් පෝතාස් හට ප්‍රධාන පුහුණුකරු ධුරය අහිමි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නික් පෝතාස් හට නැවත පන්දු රැකීමේ පුහුණුකරු ධුරය පිරිනැමුව ද ඔහු සහය පුහුණුකරු ධුරය ඉල්ලා සිටියේය. කෙසේ නමුත් පසුගිය නොවැම්බරයේ සිට කණ්ඩයමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීර සහය පුහුණුකරු ධුරය සඳහා හතුරුසිංහගේ තේරීම විය.

නික් පෝතාස්ගේ ගිවිසුම්ගත කාලය නිමා වීමට නියමිතව ඇත්තේ එළඹෙන අගෝස්තුවේ වුවත් අප්‍රේල් 13 වැනිදා සිට ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට පෝතාස් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද එකඟ වී තිබේ. සිය පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා පෝතාස් එංගලන්තයේ සවුත්හැම්ප්ටන් බලා යාමට නියමිත අතර එංගලන්තයේ පුහුණුකිරීමේ අවස්ථා සොයා බලමින් සිය පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීම ඔහුගේ අරමුණ වී තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම සමඟ කටයුතු කරන්නට ලැබීම මා ලැබූ භාගයක්, පුහුණුකරුවෙකු වශයෙන් මට ඉගෙන ගන්නට, මගේ දක්ෂතා වැඩිදියුණු කරගන්නට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉතා දක්ෂ ක්‍රීඩකයින් රැසකට ගුරුහරුකම් දෙන්නට ලැබුණා, මගේ හදවතේ මේ මතකයන්වලට හැමදාමත් ඉඩක් විවර වේවි.”

පුරප්පාඩු වූ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට නව පුහුණුකරුවෙක් පත් කිරීම හෝ දැනට වැඩබලන පුහුණුකරු මනෝජ් අබේවික්‍රම එම තනතුරේ ස්ථිර කරනු ඇත.

දේවපතිරාජය දෙකෙන් එකට ගෙනා “නිහඬ විප්ලවකාරයා”

1996 වසරේ අවසන් කාර්තුවේ දී පාසල් කොල්ලෙක්ගෙන් ලැබුණ ලිපියකින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ගුරු මණ්ඩලය කැළඹෙති. ඉල්ලීම වී තිබුණේ…

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නිමා වූ නිදහස් කුසලාන තරගාවලියෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් වාසය කරන ඔස්ට්‍රේලියාව බලා නිවාඩුවක් සඳහා පිටත්ව ගිය අතර ඔහුගේ පැමිණීමෙන් අනතුරුව කණ්ඩයමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ධුරය සඳහා අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නියමිතය.

විදේශික  අපේක්ෂකයින් කිහිප දෙනෙකු මේ තනතුර සඳහා ඉල්ලුම් කර ඇතත් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ තනතුර සඳහා ඉහළින්ම සිටින අපේක්ෂකයා යැයි වාර්තා වේ. රුවන් කල්පගේ ශ්‍රී ලංකා කණ්ඩයමේ පන්දු රැකීමේ පුහුණුකරු, දඟපන්දු යැවීමේ පුහුණුකරු සහ පරිඝනක විශ්ලේෂක ලෙස කටයුතු කර ඇති අතර චන්දික හතුරුසිංහ සමඟ බංගලාදේශයේ ද කටයුතු කර ඇත.

ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩයමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ හිටපු සුපිරි ක්‍රීඩක රෝයි ඩයස්ගෙන් හිස්වූ තනතුර සඳහා පුරප්පාඩුව එළඹෙන සති දෙක තුල පුරවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම තනතුර සඳහා චමින්ද වාස්, හර්ෂ ද සිල්වා, තිළිණ කණ්ඩම්බි, මලින්ත වර්ණපුර සහ ප්‍රභාත් නිශ්ශංක සලකා බැලෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<