මහනුවර Tuskersට වටිනා ආයෝජනයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

2103
(Photo credit should read AAMIR QURESHI/AFP via Getty Images)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ෆර්වීස් මහරූෆ් සහ දක්ෂ වේගපන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) මහනුවර Tuskers කණ්ඩායමේ නිලධාරි මණ්ඩලය සඳහා තේරී පත්ව තිබෙනවා. 

ඒ අනුව මහනුවර Tuskers කළමනාකරු ලෙස මහරූෆ් කටයුතු කිරීමට නියමිත අතර කුලසේකර එහි වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් මහනුවර Tuskers කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු කඩුලු රකින පිතිකරුවෙක් වූ ලංකා ද සිල්වා මහතා කටයුතු කිරීමට නියමිත බව ද ThePapare.com වෙත වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්;

ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ සිටි දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන කුලසේකර ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනම ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 313ක් දවාගෙන තිබේ.

එසේම මහරූෆ් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමනාකරු ලෙස පසුගිය දා නිමාවට පත්වූ යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙමින් අත්දැකීම් ලබාගෙන තිබේ.

මහනුවර Tuskers හි හිමිකාරීත්වය දරන්නේ ඉන්දීය සුපිරි නළු Salman Khanගේ බාල සහෝදරයෙක් වන Sohail Khan සහ ඔහුගේ පියා (Salim Khan) ය. එසේම මේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ප්‍රධාන ක්‍රීඩකයින් අතර කුසල් පෙරේරා, ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, ඉර්ෆාන් පතාන් සහ වහබ් රියාස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<