එංගලන්ත නිසැක ජය අහිමි කළ අවසන් පන්දුවාරයේ විජ්ජාව!

74
©firstpost.com

ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ (12) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ක්‍රියාත්මක විය. ජය පරාජය දෙපසටම දෝලනය වෙමින් ගලාගිය මෙම තරගයෙන් අවසානයේ පෙරළිකාර ජයක් ලබා ගත්තේ දකුණු අප්‍රිකාවයි. ඒ එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමිනි. එහිදී දකුණු අප්‍රිකානු පිළේ දෛවය වෙනස් කළ වීරයා බවට පත්වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩියි.

ශ්‍රී ලංකාවට එන එංගලන්ත සංචිතය නම් කරයි!

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ සඳහා එංගලන්ත ටෙස්ට් සංචිතය ………..

දෙපිළ අතර පැවති එක්දින තරගාවලිය සම තත්ත්වයෙන් නිමා වීමෙන් පසු ඊයේ ඊස්ට් ලන්ඩන් හි බෆලෝ පාර්ක් පිටියේදී පළමු T20 තරගය ඇරඹුනේ එංගලන්තයට කාසියේ වාසිය දිනා දෙමිනි. ඒ අනුව ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. එහිදී ඉතාමත් සමබර දක්ෂතා දෙපිළේම ක්‍රීඩකයින්ගෙන් පිළිබිඹු වූ අතර අලංකාර පහරවල් මෙන්ම දක්ෂ දවා ගැනීම් වලින් ද පළමු ඉනිම පිරිපුන් විය. සියල්ල අවසානයේ දකුණු අප්‍රිකානු ඉනිම නිමාවූයේ කඩුලු 8කට ලකුණු 177ක් ලබා ගනිමිනි.

එහිදී ආරම්භක පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ ටෙම්බා බවුමා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27කදී ලකුණු 43ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සමඟයි. මීට අමතරව අංක 2 සහ 3 ස්ථාන වල ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් සහ වැන් ඩර් ඩුසේන් ලකුණු 31 බැගින් රැස් කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමූහ. එහිදී ඩි කොක්ගේ ඉනිමට පන්දු 15ක් පමණක් වැයවුණු අතර හතරේ පහර 3කින් සහ හයේ පහර 2කින් එය අලංකෘත විය. 

ඉනිමේ පළමු අර්ධය නිමා වෙද්දී දකුණු අප්‍රිකාව පවත්වා ගත් ලකුණු වේගය අනුව ඔවුන් ලකුණු 200ක සීමාවට ලඟාවෙනු ඇතැයි බොහෝදෙනා සිතුවද මැදපෙළ පිතිකරුවන් සාර්ථක නොවීම නිසා ඔවුන්ට එම ඉලක්කයට ලඟා වීමට හැකි වූයේ නැත. එහිදී ලකුණු 170 සිට 177 දක්වා ඔවුන්ගේ කඩුලු 4ක්ම ඉක්මනින් දවා ගැනීමට එංගලන්ත පිළට හැකිවිය. පන්දු යැවීමේ දී සියලු ක්‍රීඩකයින් කඩුලු අතරට පිවිසීමට සමත් වූ අතර ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2කට හිමිකම් කීවේය.

වසරේ ටෙස්ට් පිතිකරුවා සහ T20 පන්දුයවන්නා ශ්‍රී ලංකාවෙන්

ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන …………

මෙම ඉනිම හඹා යාමේදී එංගලන්ත පිළ ඉතාමත් ධනාත්මක පිතිකරණයක යෙදුනු අතර අඩු කඩුලු ගණනක් අහිමි කර ගනිමින් ඔවුන් ඉලක්කය කරා ලඟා වන බව පැහැදිලි විය. එහිදී සුපිරි දක්ෂතා පෙන්නුම් කළ ජේසන් රෝයි ලකුණු 70ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 38ක් පමණි. ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. එංගලන්තය ජයග්‍රහණය කරවීමට උත්සාහ ගත් අනෙක් දක්ෂයා වූයේ නායක ඔයින් මෝර්ගනුයි. ඔහු ලකුණු 52ක් ලබා ගත්තේ පන්දු 34කට පමණක් මුහුණ දෙමිනි.

මේ අනුව එංගලන්තය තරගයේ අවසන් පන්දුවාර දෙකට ලකුණු 23ක් ලබාගත යුතුවූ අතර 19 වැනි පන්දුවාරයේ දී ඉතාමත් වේගයෙන් ලකුණු රැස්කළ මෝගන් ලකුණු 16ක් උදුරා ගනිමින් අවසන් පන්දුවාරයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 7 දක්වා අඩු කර ගත්තේය. කෙසේවෙතත් පන්දුවාරය අවසන් වනතෙක් ඔහුට කඩුල්ලේ රැඳී සිටීමට හැකි වූයේ නැත. ඉන් පසු අවසන් පන්දුවාරයේ මුල්ම පන්දුවට ලකුණු 2ක් ද ලබා ගත් ටොම් කරන් ඉතිරි පන්දු 5ට ලකුණු 5ක් පමණක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජය ගැනීමේ මාවත පැහැදිලි කර ගත්තේය. 

එතැන් පටන් කිසිවෙකු නොසිතූ පරිදි තරග ප්‍රතිඵලය කණපිට හැරීම ආරම්භ වූ අතර අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ලුන්ගි න්ගිඩි තම කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක් ලබා දුන්නේ අවසන් පන්දු 5 තුල කඩුලු 3ක් දවා ගනිමිනි. එය ක්‍රිකට් ක්‍රීඩාවටම ආවේණික අවිනිශ්චිතතාව මැනවින් ප්‍රකට වූ අවස්ථාවක් බවට පත්විය. සත්කාරක දකුණු අප්‍රිකාවට නොසිතූ ජයක් උරුම කරදුන් ලුන්ගි න්ගිඩි ලකුණු 30ට කඩුලු 3ක් දවා ගත්තේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමිනි. 

නිපන්දුවේ තීරණය දැන් තෙවැනි විනිසුරු අතේ

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේ දී ඉදිරි පාදය නියමිත සීමාවෙන්……..

මීට අමතරව අන්දිල් පෙලුක්වායෝ සහ බියුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 2 බැගින් දවා ගනිමින් දකුණු අප්‍රිකාවට මෙම තරගාවලියේ 1-0ක ඉදිරියක් ලබා ගැනීම සඳහා වෙහෙස මහන්සි වූහ. දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය එළැඹෙන ආදරවන්තයින්ගේ දිනයේ දී (14) ඩර්බන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දකුණු අප්‍රිකාව – කඩුලු 8ක් දැවී ලකුණු 177 (පන්දුවාර 20)

ටෙම්බා බවුමා 43, ක්වින්ටන් ඩි කොක් 31, වෑන් ඩර් ඩුසේන් 31, ජේ.ජේ. ස්මට්ස් 20, අන්දිල් පෙලුක්වායෝ 18, ක්‍රිස් ජෝර්ඩන් 2/28, මොයීන් අලි 1/22, අඩිල් රශීඩ් 1/23, බෙන් ස්ටෝක්ස් 1/24.

එංගලන්තය – කඩුලු 9ක් දැවී ලකුණු 176 (පන්දුවාර 20)

ජේසන් රෝයි 70, ඔයින් මෝගන් 52, ජොනී බෙයාස්ටෝ 23, ජෝස් බට්ලර් 15, මොයීන් අලි 5, ලුන්ගි න්ගිඩි 3/30, අන්දිල් පෙලුක්වායෝ 2/32, බියුරන් හෙන්ඩ්‍රික්ස් 2/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<