ධනංජය ද සිල්වාට සැත්කමක්

954
Dhananjaya de Silva

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දකුණු අතේ මැණික් කටුව ප්‍රදේශය ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදු කර ඇත.

වයස අවුරුදු 29ක් වන ධනංජය ද සිල්වාගේ දකුණු අතේ වසරක කාලයක් පමණ පටන් යම් වේදනාවක් තිබී ඇති අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශයන් තුනම නියෝජනය කළ නිසාවෙන් ඔහුට ඒ සඳහා අවශ්‍ය ශල්‍යකර්මය සිදු කර ගැනීම සඳහා ගත වන කාලය සහ එය සිදු කිරීමෙන් පසුව එය සුවවීම සඳහා යන කාලය ගැටලුවක්ව තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් මේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වසර අවසානය තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි නොමැති නිසාවෙන් ධනංජය ද සිල්වාගේ මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර එය සාර්ථකව අවසන් වී ඇත. ධනංජය ද සිල්වා ඒ බව සිය නිල twitter ගිණුම හරහා ද පළ කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දක්වමින් අංශයන් තුනේම කැපී පෙනෙන දස්කම් දැක්වූ ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශයන් තුනේම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 92කට සහභාගී වෙමින් ලකුණු 3000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ කඩුලු 48ක් ද දවා ගනිමිනි. ThePapare.com කණ්ඩායම ඇතුළු සැවොම ධනංජය ද සිල්වාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නෙමු!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<