තවත් විදෙස් තරුවකගේ සේවය අහිමි වන ලකුණු!

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

1606
KAMRAN AKMAL
Photo credits - India DNA

ලංකා ප්‍රිමියර් ලීග් 2020 තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි තවත් එක් විදෙස් ක්‍රීඩකයෙකුගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව නිල වශයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කොට තිබේ.

Dambulla Viikings කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ගිවිසුම් අත්සන්කොට තිබූ හිටපු පාකිස්තාන පිතිකරු Kamran Akmal ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබේ. ThePapare.com ආරංචි මාර්ග සනාථ කරන පරිදි එසේ තරගාවලිය ආරම්භ කිරීමට පෙරාතුව ඉන් ඉවත් වීමට Kamran තීරණයකොට තිබෙන්නේ පෞද්ගලික හේතු කාරණවක් නිසාවෙන් බව සඳහන් වේ.

තවත් ක්‍රිකට් පුවත්:

ඔහු වෙනුවට නම් කරනු ලබන ආදේශක ක්‍රීඩකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් අවසන් තීරණයක් ගෙන නොමැති බව Dambulla Viikings කණ්ඩායම් කළමනාකාරිත්වය සඳහන් කොට තිබේ. 

ඒ අනුව එම කණ්ඩායමෙන් ඉවත්ව යන තෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩකයා බවට Kamran පත්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනෙක් වන Carlos Braithwaite සහ Lendl Simmons විවිධ පෞද්ගලික හේතු කාරණා මත තරගාවලියෙන් ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි.

මීට අමතරව එම කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් බහුල, වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ද නුදුරේ දී ම සංචිතය සමඟ එකතු වීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ. Mauritius T10 තරගාවලිය සඳහා සිය දායකත්වය ලබා දීමෙන් අනතුරුව පසුගිය දා ඔහු නැවතත් දිවයිනට පැමිණි බව සඳහන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<