ප්‍රවේගකාරී කොදෙව් පිතිකරුවෙකු Jaffna Stallions කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

1173
Johnson Charles

Lanka Premier League තරගාවලිය නියෝජනය කරන Jaffna Stallions කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු Johnson Charles එක්කර ගැනීමට කටයුතු කර ඇත.

අනෙකුත් කණ්ඩායම් සමඟ බැලූ විට තරගාවලියට සම්පූර්ණ ලෙස සූදානම් වූ කණ්ඩායම ලෙස Jaffna Stallions හැඳින්විය හැකි නමුත් ඔවුන්ගේ කණ්ඩායම නියෝජනය කිරීමට සිටි එංගලන්ත ක්‍රීඩක Ravi Bopara තරග ගාස්තුව සම්පූර්ණ වශයෙන් ඉල්ලා සිටීමෙන් ඇතිවූ ගැටලුවක් නිසාවෙන් තරගාවලියට එක් වීම ප්‍රතික්ෂේප කරන ලදි.

එම නිසාවෙන් අවසාන මොහොතේ ක්‍රීඩක ආදේශයක් සිදු කිරීමට Jaffna Stallions කණ්ඩායමට සිදු වූ අතර ඔවුන් ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු කඩුලු රකින ක්‍රීඩක Johnson Charles එක් කරගත් බව අද (21) දින නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව Johnson Charles බොහෝ විට ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර නිරෝධායන නීති රීති අනුගමනය කිරීමට සිදු වන නිසාවෙන් ඔහුට තරගාවලියේ ආරම්භක තරග අහිමි වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

පන්දුවාර 20 තරග රටාවේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන Johnson Charles පන්දුවාර 20 ජාත්‍යන්තර තරග 34කට ක්‍රීඩා කර ඇති අතර ඔහු 2012 සහ 2016 වසරවල පන්දුවාර 20 ලෝක කුසලාන දිනා ගත් කොදෙව් සංචිතයේ සාමාජිකයෙක් ද විය.

Jaffna Stallions නියෝජනය කරන අනෙකුත් විදෙස් ක්‍රීඩකයන් වන Duanne Olivier, Usman Khan Shinwari, Tom Moores සහ Kyle Abbott මේ වන විටත් මෙරටට පැමිණ අදාළ සෞඛ්‍ය උපදෙස් පරිදි නිරෝධායනය වෙමින් සිටින අතර Shoaib Malik හෙට (22) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<