ජෝසප් වාස් විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්

288
Singer Schools Cricket

අනාගත සිහින දකින පාසල් ක්‍රීඩකයින් හට තම සිහින යථාර්තයක් කරගැනීම පිණිස සංවිධානය කරනු ලබන සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟ කිහිපයක්ම ඊයේ (13) සාර්ථකව අවසන් වූ අතර, එහිදී තර්ස්ටන් විද්‍යාලය හා සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණයන් හිමිකර ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: අර්ධ ශතක හතරක් සමඟින් පළමු දිනය නිමාවෙයි

 

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඇල්බට් එෆ්.පීරිස් පිටියේදී කාසියේ වාසිය දිනූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ‍මෙහිදී ඉණිමක හා ලකුණු 100ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

පළමු දිනය අවසන් වන විට තම දෙවන ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබා ගැනීමට ජනාධිපති විද්‍යාලය සමත් විය. නමුත් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දෙවන ඉණිම පළමු ඉණිම මෙන් ගොඩනැංවීමට පිතිකරුවන්ට නොහැකි වීම නිසා එම ඉණිම ලකුණු 69කට සීමා කිරීමට දක්ෂ පලස පන්දුව දෝලනය කල නිපුන් පෙරේරාට (5/19) හැකිවිය.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 23.5): චමෝද් වික්‍රමසූරිය 60, සොහාන් අනුරුද්ධ 3/34

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 278 (පන්දුවාර 65): අංජන රුක්මාල් 64, නෙරන්ජන් රොද්‍රිගෝ 58, ගිහාන් අබේරත්න 33, සසික ලියනගේ 4/49

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 69 (පන්දුවාර 19.3): නිපුන් පෙරේරා 5/19


කොළඹ වෙස්ලි විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් වූ මෙහි කාසියේ වාසිය දිනූ සත්කාරක වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහරදුනි. මෙම තරඟයෙන් මහින්ද විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරඟයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින මහින්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 79ක් ලබාගෙන සිටි අතර, එම ඉණිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට කවිදු එදිවීර සමත් විය. මොවින් සුභසිංහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 6ක් දවාලිය. අනතුරුව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල වෙස්ලි විද්‍යාලයේ ඉණිම අර්ධ ශතක රැසකින්ම වර්ණවත් විය. නමුදු ඔවුන්ගේ පළමු ඉණිමේ පරාජය එයට විසදුමක් නොවිණි.

‍වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 58.3): තිසුරක අක්මීමන 37, හසිත පෙරේරා 36, ප්‍රමිත් හංසික 4/28, කවිදු එදිවීර 3/38

මහින්ද විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 79): කවිදු එදිවීර 40, පසන් රන්මල් 29, මොවින් සුභසිංහ 6/42

වෙස්ලි විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 193 (පන්දුවාර 53): හසිත් පෙරේරා 84, ජේසන් ද සිල්වා 68, තිලිණ පෙරේරා 51, ‍කේ.කේ.කෙවින් 3/66


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරඟය

තර්ස්ටන් තණතීරුවේ දී කාසියේ වාසිය ජයගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තර්ස්ටන් විද්‍යාලයට ඇරයුම් කර අතර තර්ස්ටන් විද්‍යාලය ලකුණු 61කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය තම පළමු ඉණිමට දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 43ක් ලබා සිටි අතර තරගයේ දෙවන දිනය ආරම්භයේ දීම එම ඉණිම අවසන් විය. තර්ස්ටන් විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් ලකුණු 215ක ඉලක්කයක් ලබාදීමට වැඩිම දායකත්වය දැක්වූයේ ඉමේෂ් විරංග විසිනි. නමුත් වේල්ස් කුමර පිතිකරණයට එය සිතන්නටවත් නොදී ක්‍රියාත්මක වුනු නවීන් ගුණවර්ධන කඩුලු 6ක් දවාලමින් තර්ස්ටන් විද්‍යාලයට සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට පන්දුව හසුරුවන ලදි.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 56.3): චරණ නානායක්කාර 51, ජනුශ්ක ප්‍රනාන්දු 33, සවන ප්‍රභාශ් 29, ඉමේෂ් විරංග 26, කවුමල් නානායක්කාර 5/37

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 81 (පන්දුවාර 30.1): සදුන් ප්‍රනාන්දු 43*, ‍යෙශාන් වික්‍රමාරච්චි 4/26, චරණ නානායක්කාර 3/13

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 124 (පන්දුවාර 48.2): ඉමේෂ් විරංග 32, චරණ නානායක්කාර 29, කවුමල් නානායක්කාර 5/13

වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 41): සනෝජ් දර්ශික 48, තිලාන් නිමේෂ් 26, නවීන් ගුණවර්ධන 6/40


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පෙරේදා (12) ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ඉණිමත් සමඟින් තරගයේ දෙවන දිනය ආරම්භ කල ඔවුන්ට ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 85ක් ලබාගෙන තම විද්‍යාලයට පළමු ඉණිමේ ජය සුරක්ෂිත කරවන්නට සමත් විය. සාන්ත අන්තෝනි විද්‍යාලයේ සංඛ මදුභාශනගේ ඉණිමට පසුව තම ජයග්‍රහණය සඳහා ලකුණු 110ක ඉලක්කයක් රිච්මන්ඩ් විද්‍යාලය හිමිවිය. ඔවුන්ට එය ලබා ගැනීමේ අරමුණ ඇතිව වේගවත් පිතිකරණයක නිරත වුවද දිනයට නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 78.2): අවිශ්ක තරිදු 54, විශාල් සිල්වා 32, තිලංග උදේශන 4/39

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 194 dec (පන්දුවාර 40.3): ආධිත්‍යය සිරිවර්ධන 85, ධනංජය ලක්ෂාන් 32, විශාල් සිල්වා 2/44

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 59): සංබ මදුභාශන 75, සදුන් මෙන්ඩිස් 5/31

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 2ක් දැවී ලකුණු 59 (පන්දුවාර 7)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට