Home Sinhala ලකුණු 1,015ක තරගය විසඳුමක් නෑ

ලකුණු 1,015ක තරගය විසඳුමක් නෑ

Bangladesh Emerging Team tour of Sri Lanka 2023

7884
Bangladesh Emerging Team tour of Sri Lanka 2023

සංචාරක බංග්ලාදේශ නැගීඑන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) නිමා වූ පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ ලකුණු අතරට පිවිසීම කැපී පෙනුණ අතර තරගයේ දී ශතක තුනක් ද වාර්තා වුනා. ඉන් 2ක් ශ්‍රී ලංකාව නමින් ලියැවෙද්දී අනෙක බංග්ලාදේශය නමින් ලියැවුණා.

කෙසේ වෙතත් දෙපිලේ ම ක්‍රීඩකයෝ ඉනිම 4 දී ලකුණු 1,015ක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම: සොනාල් දිනූෂ (නායක), නවෝද් පරණවිතාන, අභිශේක් ලියනාරච්චි, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), චමිඳු විජේසිංහ, කල්හාර සේනාරත්න, ශෂික දුල්ශාන්, ඒෂාන් මාලිංග, නිපුන් ප්‍රේමරත්න.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම: Mahmudul Hasan Joy (නායක), Prantik Nawrose Nabil, Aich Mollah, Mahmudul Hasan Joy, Shahadat Hossain, Abdullah Al Mamun, Pritom Kumar (කඩුලු රකින්නා), Ahmed Sharif, Hasan Murad, Ripon Mondol, Naeem Ahmed, Nahid Rana.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නැගීඑන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් ලබා ගත්තා. ඔවුන් තරගයේ පළමු දිනය අවසන් කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින්.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ එදින තරගය ක්‍රියාත්මක වූයේ පන්දුවාර 46ක් පමණයි. අනතුරුව පැවති දෙවැනි දිනය පුරා ද ඔවුන් පන්දුවට පහර දෙමින් තම ඉනිමට තවත් ලකුණු 305ක් එක් කර ගත්තා. එදින ඔවුන්ට අහිමි වූයේ කඩුලු 6ක් පමණයි. ඒ අනුව තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 472ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක සිටියා.

අනතුරුව ඔවුන් තෙවැනි දිනයේ දී ද පන්දු 21කට මුහුණ දෙමින් තවත් ලකුණු 29ක් තම ඉනිමට එක් කර ගනිමින් ලකුණු 500 සීමාව සපුරා ගත්තා. එහි දී වැඩි දායකත්වයක් දැක්වූයේ 20 හැවිරිදි වියේ පසුවන ආරම්භක දකුණත් පිතිකරු Aich Mollah.

ඔහු තරගය පළමු දිනයට නතර කරන විට නොදැවී ලකුණු 74ක් ලබා ගෙන සිටි අතර දෙවැනි දිනයේ දී තම ශතකය සම්පූර්ණ කිරීමට සමත් වුනා. පන්දු 299කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 147ක් ලබා ගනිමිනුයි ඔහු තම ඉනිම අවසන් කරන්නේ.

Aich Mollah සහ Prantik Nawrose Nabil එක්ව බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා විසින් ලකුණු 76ක සබඳතාවක් එක් කරනවා. Prantik Nawrose Nabil පන්දු 61ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41කට දැවී යෑමත් සමඟින් මෙම සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරුව Aich Mollah, නායක Mahmudul Hasan Joy සමඟ ද එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් එක් කරනවා. Mahmudul Hasan Joy පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා.

බංග්ලාදේශ පළමු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට පත් වූයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් Aich Mollah සහ Shahadat Hossain එක්ව ලබා ගත් ලකුණු 150යි. Shahadat Hossain පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 93ක් ලබා ගන්නවා.

ඊට අමතරව Pritom Kumar ද පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ඒශාන් මාලිංග ලකුණු 106කට කඩුලු 5ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඉනිමේ 7 වැනි පන්දුවාරය වෙද්දී ඔවුන්ගේ කඩුලු 2ක් ලකුණු 19කට දැවී යනවා.

නමුත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක සබඳතාවක් එක් කිරීමට නවෝද් පරණවිතාන සහ නායක සොනාල් දිනූෂ සමත් වුනා. නවෝද් පරණවිතාන පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත් අතර සොනාල් දිනූෂ පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාට අමතර ව අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් ලබා ගත්තා.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබා සිටි අතර ඔවුන් තරගයේ සිව්වැනි සහ අවසන් දිනයේ දී නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක ක්‍රීඩකයන්ට ලබා දුන්නා.

ඔවුන් තම දෙවැනි ඉනිම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 203ක් ඉදිරියෙන් සිටිමිනුයි. නමුත් ඔවුන්ට පළමු ඉනිමේ තරම් දක්ෂතාවක් මෙම ඉනිමේ දී දැක්වීමට ලැබෙන්නේ නැහැ. ඔවුන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් පමණයි.

එම ඉනිම එතරම් අසරණ කිරීමේ දී වමතින් දඟපන්දු යවන ශෂික දුල්ශාන් සහ දකුණතින් පිට දඟපන්දු යවන කල්හාර සේනාරත්න කඩුලු 4 බැගින් දවා ගන්නවා.

ඔවුන් තම දෙවැනි ඉනිම එතැන් සිට අත්හිටවන්නේ සංචාරකයන්ට ජයග්‍රහණ සඳහා ලකුණු 351ක ඉලක්කයක් ලබා දෙමින්. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගය අවසන් වෙද්දී ලබා ගන්නේ කඩුලු 5ක් දැවී ලකුණු 69ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් සොනාල් දිනූෂ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා ගන්නා ලද සොහාන් ද ලිවේරා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.

Result

Match drawn

Bangladesh Emerging Team
501/9 (126.3) & 147/9 (37.2)

Sri Lanka Emerging Team
298/7 (72) & 69/5 (20)

Batsmen R B 4s 6s SR
Prantik Nawrose Nabil c & b Kalhara Senarathna 41 61 7 0 67.21
Aich Mollah b Nipun Premaratne 147 299 19 0 49.16
Mahmudul Hasan Joy  c Sonal Dinusha b Eshan Malinga 66 86 8 0 76.74
Shahadat Hossain lbw b Eshan Malinga 93 156 6 2 59.62
Abdullah Al Mamun c Pavan Rathnayake b Nipun Premaratne 26 32 2 2 81.25
Pritom Kumar c & b 69 61 7 2 113.11
Ahmed Sharif b Eshan Malinga 10 43 1 0 23.26
Hasan Murad c Pavan Rathnayake b Shashika Dulshan 21 16 3 1 131.25
Ripon Mondol b Eshan Malinga 4 8 0 0 50.00
Naeem Ahmed not out 0 1 0 0 0.00


Extras 24 (b 5 , lb 1 , nb 3, w 10, pen 5)
Total 501/9 (126.3 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Eshan Malinga 26.3 1 106 5 4.03
Nipun Premaratne 23 2 84 2 3.65
Chamindu Wijesinghe 21 4 73 0 3.48
Kalhara Senarathna 26 2 124 1 4.77
Shashika Dulshan 27 3 92 1 3.41
Sonal Dinusha 3 0 11 0 3.67
Batsmen R B 4s 6s SR
Navod Paranavithana b Naeem Ahmed 136 188 18 0 72.34
Abisheak Liyanaarachchi c Mahmudul Hasan Joy  b Ahmed Sharif 0 6 0 0 0.00
Pavan Rathnayake c Prantik Nawrose Nabil b Ripon Mondol 5 5 0 0 100.00
Sonal Dinusha c Pritom Kumar b Nahid Rana 106 172 9 1 61.63
Ahan Wickramasinghe c Pritom Kumar b Hasan Murad 23 15 5 0 153.33
Sohan de Livera run out (Abdullah Al Mamun) 0 4 0 0 0.00
Chamindu Wijesinghe c Mahmudul Hasan Joy  b Hasan Murad 1 3 0 0 33.33
Kalhara Senarathna not out 12 36 2 0 33.33
Shashika Dulshan not out 5 7 0 0 71.43


Extras 10 (b 0 , lb 5 , nb 4, w 1, pen 0)
Total 298/7 (72 Overs, RR: 4.14)
Bowling O M R W Econ
Ripon Mondol 14 3 42 1 3.00
Ahmed Sharif 7 1 26 1 3.71
Nahid Rana 13 2 47 1 3.62
Abdullah Al Mamun 2 0 14 0 7.00
Naeem Ahmed 13 0 63 1 4.85
Hasan Murad 13 0 55 2 4.23
Mahmudul Hasan Joy  10 0 46 0 4.60
Batsmen R B 4s 6s SR
Prantik Nawrose Nabil c Sohan de Livera b Chamindu Wijesinghe 9 12 0 0 75.00
Aich Mollah lbw b Shashika Dulshan 24 43 0 0 55.81
Mahmudul Hasan Joy  c Pavan Rathnayake b Kalhara Senarathna 39 28 0 0 139.29
Shahadat Hossain b Shashika Dulshan 5 8 0 0 62.50
Abdullah Al Mamun c Pavan Rathnayake b Kalhara Senarathna 1 16 0 0 6.25
Pritom Kumar c Sonal Dinusha b Kalhara Senarathna 20 24 0 0 83.33
Ahmed Sharif c Sakuna Liyanage b Kalhara Senarathna 16 49 0 0 32.65
Hasan Murad c Sakuna Liyanage b Shashika Dulshan 4 9 0 0 44.44
Ripon Mondol c Sohan de Livera b Shashika Dulshan 22 29 0 0 75.86
Naeem Ahmed not out 1 6 0 0 16.67


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 147/9 (37.2 Overs, RR: 3.94)
Bowling O M R W Econ
Eshan Malinga 8 0 34 0 4.25
Nipun Premaratne 1 0 4 0 4.00
Chamindu Wijesinghe 5 0 25 1 5.00
Shashika Dulshan 11.2 0 40 4 3.57
Kalhara Senarathna 12 2 43 4 3.58


Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Mahmudul Hasan Joy  b Ahmed Sharif 12 12 2 0 100.00
Abisheak Liyanaarachchi c Ahmed Sharif b Ripon Mondol 2 22 0 0 9.09
Pavan Rathnayake c & b Ripon Mondol 0 1 0 0 0.00
Sonal Dinusha not out 27 29 4 0 93.10
Ahan Wickramasinghe b Hasan Murad 1 4 0 0 25.00
Sohan de Livera b Hasan Murad 17 13 4 0 130.77
Chamindu Wijesinghe not out 5 29 1 0 17.24


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 69/5 (20 Overs, RR: 3.45)
Bowling O M R W Econ
Ripon Mondol 5 1 10 2 2.00
Ahmed Sharif 4 2 6 1 1.50
Hasan Murad 6 0 24 2 4.00
Nahid Rana 4 0 23 0 5.75
Naeem Ahmed 1 0 1 0 1.00



දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන දෙදෙනි සහ අවසන් සිව්දින තරගය නොවැම්බර් 01 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන්ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<