තරගාවලිය ආරම්භ කරමින් වාර්තා 3ක්

744

ශ්‍රී ලංකාවේ පැරණිම සහ ගෞරවාන්විතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ‘රිට්ස්බරි’ ශ්‍රීමත් ජෝන් ටාර්බට් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (19) කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් ‘රිට්ස්බරි’ සන්නාමයේ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 1930 වසරේ දී පළමු වරට පවත්වනු ලැබූ අතර එය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 88 වන වසරට යි. ඒ අනුව ශ්‍රී ලංකාව පුරාම සිටින පාසල් තලයේ විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින 3ක් පුරාවට වයස අවුරුදු 16න්, 18න් සහ 20න් පහළ යන වයස් කාණ්ඩ තුන යටතේ මෙහි දී තරග වදිනු ඇත.

ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර

පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, මලල ක්‍රීඩා පිටියෙන් ජාත්‍යන්තරය ජය ගන්නට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පන්නරය ලබා දෙන “රිට්ස්බරි සර් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය” 89 වැනි වරටත් පැවැත්වීමට…

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ දිනයේ දී ප්‍රධාන වශයෙන් ජවන ඉසව් රැසක මූලික වටයේ තරග සහ එහි ඉසව් කිහිපයක අවසන් පූර්ව වටයේ තරග පැවති අතර තවත් පිටිය ඉසව් කිහිපයකම අවසන් මහා තරග ද පවත්වනු ලැබීය. ඊයේ දිනය තුළ තරගාවලිය ඉතා තරගකාරී මුහුණුවරක් ගනු ලැබූ අතර එහි දී නව තරගාවලි වාර්තා 3ක් බිහිකරන්නට තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අනුව දිනයේ පළමු තරගාවලි වාර්තාවට හිමිකම් කියන්නට සමත් වූයේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලිය සඳහා එක්වූ හිරුෂ හෂේන් විසිනි. වයස අවුරුදු 16න් පහළ බාලක දුර පැනීමේ තරග ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු එහි දී මීටර 7.19ක විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින්, නව තරගාවලි වාර්තාවකට ද හිමිකම් කියමින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. එම ඉසව්වේ දෙවන ස්ථානය මීටර 6.62ක දක්ෂතාවයක් දැක්වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ පසිඳු මල්ෂාන් විසිනුත්, තෙවන ස්ථානය මීටර 6.54ක දක්ෂතාවයක් දැක්වූ සාන්ත පීතර විද්‍යාලයේම ඒ. කේ. කෞෂල්‍ය විසිනුත් දිනාගනු ලැබූහ.

එමෙන්ම තවදුරටත් වයස අවුරුදු 16න් පහළ බාලක මීටර 200 තරග ඉසව්ව සඳහා ද එක්වූ ඔහු එහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ එහි මූලික වටයේ තරගය මෙන්ම අවසන් පූර්ව වටයේ තරගය ද කිසිදු තරගයකින් තොරව ජයග්‍රහණය කරමිනි. දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එක්වූ ළාබාලතම ක්‍රීඩකයින් අතරින්  කෙනෙක් වන හිරුෂ මේ ආකාරයට දිගින් දිගටම විශිෂ්ට දස්කම් දක්වමින් මේ වන විටත් අනාගතය සඳහා සුබ පෙරනිමිති පහළ කිරීමට සමත්ව ඇත.

“LSR කොළඹ මැරතන්” ජයග්‍රාහකයින්ට මිලියන 2.5ක්!

18 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා “LSR කොළඹ මැරතන්” තරගය එළඹෙන ඔක්තෝබර් මස 7 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය දැනුවත්…

වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 2000 බාධක දිවීමේ ඉසව්ව සඳහා එක්වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් ලාභිනී පාරමී වසන්ති මාරිස්ටෙලා මෙහි දී රන් පදක්කම දිනා ගනු ලැබුවේ මිනිත්තු 6 තත්පර 37ක දක්ෂතාවයක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. මෙය ඇය එම ඉසව්ව සඳහා දක්වා ඇති දෙවන හොඳම කාලය වන අතර මේ වන විට ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ පසුවන පාරමී හට මෙහි දී තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම අනෙක් තරගකරුවන්ගෙන් කිසිදු අභියෝගයක් එල්ල වූයේ නැත. එමෙන්ම මෙම ඉසව්ව පැවැත්වූ අවස්ථාවේ දී ක්‍රීඩාංගණය තුළ ආලෝක මට්ටම ඉතා අඩු තත්වයක පැවති අතර තවදුරටත් ඩිජිටල් කාල පුවරුව ද ක්‍රියාත්මක වූයේ නැත. මෙම අඩුපාඩු නොවන්නට ඇය මෙහි දී සිය පෞද්ගලික හොඳම කාලය වන මිනිත්තු 6 තත්පර 35ක කාලය අභිබවා යන්නට ඉතා ඉහළ ඉඩකඩක් තිබුණි. ඒ අනුව පාරමී එළඹෙන ඔක්තෝබර් මාසයේ ආජන්ටිනාවේ දී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ අනිවාර්ය පදක්කම් බලාපොරොත්තුවකි.  

යුධ හමුදාව ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය ජය ගනී

10 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තෙවන දිනය (15) අවසානයේ ගුවන් හමුදාව හා නාවික හමුදාව පරාජය කරමින් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට යුධ හමුදාව සමත් විය.

දිනයේ තෙවන හා අවසන් තරගාවලි වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ වයස අවුරුදු 16න් පහළ බාලිකා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එල්. කේ. හපුආරච්චි විසිනි. ඒ අනුව ඇය එහි දී මීටර 37.19ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර සහ මාරක මහා විද්‍යාලයේ එස්. එල්. කුමාරසිරි විසින් දිනා ගනු ලැබීය.

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්ව සුවිශේෂී මුහුණුවරක් ගත්තේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් එම ඉසව්ව තුළ සිය සම්පූර්ණ ආධිපත්‍ය පතුරුවා ගැනීමට සමත් වීමත් සමඟ යි. ඒ අනුව එහි දී පළමු, දෙවන හා තෙවන ස්ථාන තුනටම හිමිකම් කියන්නට එම විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය. පළමු ස්ථානය මීටර 4ක දක්ෂතාවයක් දැක්වූ එස්. සුගේර්තන් විසින් දිනා ගනු ලැබූ අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර 4කම දක්ෂතාවයක් දැක්වූ එස්. ජම්සන් සහ මීටර 3.60ක දක්ෂතාවයක් දැක්වූ ඒ. ගිනෝජන් විසින් දිනා ගනු ලැබූහ.

තරගාවලිය දෙවන දිනටත් හෙට (19) සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපුරුදු පරිදි එය සජීවීව ඔබ වෙත ගෙන එන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි සූදානමින්.

තරගාවලියේ දෙවන දිනය සජීවීව නැරඹීම සඳහා පිවිසෙන්න

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<