Sweep පහරවල් වලින් වැඩිම ලකුණු ලාභීන් අතරට ලංකාවෙනුත් දෙන්නෙක්

2685

Sweep පහරවල් වලින් ලොව වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණට ගැනීමට එංගලන්ත නායක Joe Root ඊයේ (6) සමත් වුනා. ඒ ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දීයි. Sweep පහරවල් වලින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ද සිටීම විශේෂත්වයක්.

එංගලන්ත නායක Joe Root, පාකිස්තාන පිතිකරු Younis Khan පසු කරමින් Sweep පහරවල් වලින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු තැනට පත් වුනා. Root මේ වන සිට Sweep පහරවල් වලින් ලකුණු 972ක් රැස් කරගෙන සිටීම විශේෂත්වයක්. මේ සඳහා ඔහු එල්ල කළ slog- sweeps හා reverse sweep පහරවල් ද අයත්.

තවත් ක්‍රිකට් පුවත්:

මේ ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයින් 10 ඇතුළත ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල හා හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ද සිටිනවා. CricViz වෙබ් අඩවිය මේ ලැයිස්තුව සඳහා දත්ත එකතු කිරීම ආරම්භ කර තිබෙන්නේ 2006 වසරේ සිටයි. දික්වැල්ල එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ හා මහේල ජයවර්ධන එම ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Root ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරන්නට සමත් වුනා. ඔහු මේ දස්කම දැක්වූයේ සිය 100 වැනි ටෙස්ට් තරගයේ දීයි. 100 වැනි ටෙස්ට් තරගයේ දී එවන් දස්කමක් දැක්වූ ලොව පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි.

Sweep පහරවල් වලින් වැඩිම ලකුණු ලාභින්

  1. Joe Root – ලකුණු 972
  2. Younis Khan – ලකුණු 931
  3. Misbah Ul Haq – ලකුණු 834
  4. Kevin Pietersen – ලකුණු 587
  5. නිරෝෂාන් දික්වැල්ල – ලකුණු 561
  6. Mushfiqur Rahim – ලකුණු 535
  7. Ross Taylor – ලකුණු 491
  8. මහේල ජයවර්ධන – ලකුණු 489
  9. A Cook – ලකුණු 488
  10. Ben Stokes – ලකුණු 473

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<