යොවුන් ඔලිම්පික් හිදි පාරමි ඇගේම වාර්තාව අලුත් කරයි

788
තෙවැනි ස්ථානයට පත් පාරමී වසන්ති /Image Courtesy - NOCSL

ආර්ජෙන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන යොවුන් ඔලිම්පික් තරගාවලියේ හත්වැනි දිනයේ දී පැවති මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්ව යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදි පාරමී වසන්ත එම ඉසව්වේ තෙවැනි ස්ථානයට පත්වෙමින් පදක්කම් ජයග්‍රහණයක් පිළිබඳව ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තුවක් එක් කිරීමට ඊයේ (12) රාත්‍රියේ සමත්වූවාය.

සීතල අතරින් සෙනිරු සහ ඩිලාන් ඉදිරියට එති

ආර්ජෙන්ටිනාවේ දැන් ක්‍රියාත්මක යූත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් යටතේ මීටර 400 බාලක

තරගකරුවන් 18 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම ඉසව්වේ දී දෙවැනි මං තීරුව යටතේ තරග වැදි පාරමී සිය ඉසව්ව නිමා කිරීම සඳහා මිනිත්තු 06:33:06ක කාලයක් වැය කළාය. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙසින් ද සටහන් විය. කුලියාපිටිය මැදි මහ විදුහලේ සිසුවියක් වන පාරමී වසන්ති මාරිස්ටෙලාට ඉදිරියෙන් සිටියේ දිගු දුරට කවදත් හපන්නු ලෙසින් සැලකෙන අප්‍රිකානු රටවල් දෙකක් වූ කෙන්යාව සහ ඉතියෝපියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකි. ඒ අතරින් කෙන්යාව නියෝජනය කරමින් පැමිණි ෆැන්සි චෙරොනෝ තම ඉසව්ව මිනිත්තු 6 තත්පර 26:08කින් නිමා කරමින් පළමු ස්ථානයට ද, ඉතියෝපියාව නියෝජනය කරමින් පැමිණි මෙකිඩස් අබීබ් (මිනිත්තු 6:27:93) දෙවැනි ස්ථානය ද දිනා ගත්තාය.

මීටර 2000 බාධක දිවීමේ ඉසව්වේ පළමු ස්ථානයට පත් කෙන්යානු ක්‍රීඩිකා ෆැන්සි චෙරනෝ එම ඉසව්ව නියෝජනය කරමින්.

මීටර 2000 බාධක දිවීමේ ඉසව්වේ පළමු ස්ථානයට පත් කෙන්යානු ක්‍රීඩිකා ෆැන්සි චෙරනෝ එම ඉසව්ව නියෝජනය කරමින්.

මීට පෙර ඇය විසින් වාර්තා කරන ලද හොඳම කාලය ලෙසින් යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති වයස අවුරුදු 18න් පහළ තරගාවලියේ වාර්තා කරන ලද විනාඩි 6යි තත්පර 35:20ක කාලය සටහන් විය. රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් පාරමී විසින්  වාර්තා කරන ලද එම ජයග්‍රහණය අනුව එම ඉසව්වේ ලෝකයේ අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වීමේ අවස්ථාව ද ඇයට හිමි වූවාය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව ලෙසින් ද එය සටහන් වූ අතර ඇය විසින් පරාජය කරනු ලැබුවේ ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව අංක එකේ ක්‍රීඩිකාව බවට පත්ව සිටි ප්‍රංශ ක්‍රීඩිකාවකි.

මෙම තරග ඉසව්වේ මීළඟ අදියර පැවැත්වෙන පිළිවෙළ සම්බන්ධව මේ වන තෙක්ම නිල දැනුම් දීමක් හෝ සටනක් තරගාවලියේ නිල වෙබ් අඩවිය වාර්තා කර නොතිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<