5 වැනි ආසියානු පිහිනුම් තරගාවලියේදී අකලංකගෙන් ලංකාවට රිදී පදක්කම් 2ක්

391
two silver medals from Akalanka Peiris
Photo credits - Rainbow Aquatics

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් පිහිනුම් තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අකලංක පීරිස් මීටර් 50 සමනල ආර ඉසව්වෙන් හා මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් රිදී පදක්කම් දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාවේ අවුරුදු 17න් පහළ අංක එකේ පිහිනුම් ක්‍රීඩකයා වන අකලංක එහිදී මීටර් 50 සමනල ආර ඉසව්ව තත්. 25.40කින් හා මීටර් 50 පසුපස ආර ඉසව්ව තත්. 27.40කින් අවසන් කරමින් මෙම රිදී පදක්කම් දෙක දිනා ගැනීම කැපී පෙනේ.

මේ අතර මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන් තරග වැදුණු මහනුවර මහාමායා විදුහලේ උත්තමා සිල්වා, මීටර් 200 පසුපස ආර ඉසව්වෙන් තරග වැදුණු ඉමේෂ් චතුරංග හා මීටර් 50 සමනල ආර ඉසව්වෙන් තරග වැදුණු උෂාන් ගුණරත්න අටවැනි ස්ථාන දිනාගෙන තිබිණි.

තවද මීටර් 200 නිදහස් ආර සහාය පිහිනුම් තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හත්වැනි ස්ථානයත් පිරිමි කණ්ඩායමට හත්වැනි ස්ථානයත් හිමිවිය.

මෙම තරගාවලියට 31 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වී තිබූ අතර, තරගාවලිය අදින් (31දා) අවසන් වීමට නියමිතය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න