රූට් සහ මෝගන් එංගලන්තයට තරගාවලි ජය ගෙන එයි

233
England vs India
@Getty Images

පසුගිය දා සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියක් ආරම්භ විය. දෙපිලම ඉතා ප්‍රබල ලෙස තරග වැදුණු මෙම තරගාවලියේ ජයග්‍රහණය තීරණය කරන තුන්වන තරගය දඟපන්දු යවන්නට උචිත ලීඩ්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී දඟපන්දුවෙන් සහ පිතිකරණයෙන් ඉන්දියානු කණ්ඩායම සහමුලින් පරාජය කරමින් 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය.

පාකිස්තාන කණ්ඩායම හමුවේ සිම්බාබ්වේ අසරණ වෙයි

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින…

කාසිය වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දු යැවීමට එංගලන්ත නායක ඉයන් මෝගන් තීරණය කළේය. ඔවුන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් අතර සබඳතාවය ලකුණු 13කට සීමා විය.

පසුගිය තරගයේ අගනා ශතකයක් ලබා ගත් රෝහිත් අසාර්ථක විය. නමුත් දෙවන කඩුල්ල සඳහා ධවාන් සමඟින් පිටියේ එක්වන නායක කෝලි ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව පළමු පවර් ප්ලේ අවස්ථාව තුළ ලකුණු 78ක් කඩුලු 2ක් තුල ලබා ගන්නට ඉන්දියාවට හැකි විය. ධවාන්ගේ පිත්තෙත් පන්දු 49ක දී ලකුණු 44ක් වාර්තා විය. එම ඉනිම සඳහා හතරේ පහර 7ක් ඇතුළත් විය.

නායක විරාත් කෝලි පන්දු 72ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. ඔවුන්ට අමතරව මැදපෙළ පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි ඉතා සෙමෙන් දියත් වූ ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 66ක දී ලකුණු 42ක් වාර්තා කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට රිසි පරිදි ලකුණු  ලබා ගැනීමට කිසිම අවස්ථාවක ලබා නොදුන්නේය. දඟපන්දු යවන ක්‍රීඩක ඒ. රශීඩ් පන්දුවාර දහයක් යවා ලකුණු 49කට කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනෙන අංගයක් විය. තවද වේගපන්දු යවන ක්‍රීඩක ඩී. ජේ. විලි ද පන්දුවාර 9ක දී ලකුණු හතළිහකට කඩුලු 3ක් දවා ගත්තේය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් ලබා ගත්තේය.

ගේල්ගෙන් සුපිරි පන්දු රැකීමක්; ශූරතාවය වැන්කුවර් නයිට්ස්ට

සති කිහිපයක් පුරාවට පැවැත්වුණු ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

මෙම ඉලක්කය ඉන්දියාව සතු දක්ෂ දඟපන්දු බලඇණියත් සමඟින් එංගලන්තයට එතරම් පහසු ඉලක්කයක් නොවන බව විචාරකයන් ප්‍රකාශ කළේය. ජේ. වින්ස් සමඟින් ජොනී බේස්ටොර්ව් එංගලන්තයට ආරම්භය ලබා දුන් අතර පළමු කඩුල්ල ලකුණු 43 දී ද, දෙවන කඩුල්ල 74 දී ද දැවී ගියේය. ඒ බේස්ටොර්ව් ලකුණු 30කටත්, වින්ස් ලකුණු  27කටත් ලෙසිනි.

තුන්වන කඩුල්ල සඳහා පිටියේ එක්වූ ජෝ රූට් සමඟින් ඉයන් මෝර්ගන් එංගලන්ත වාර්තා පොත් අලුත් කරන්නට සමත් විය. ඒ ඕනෑම කඩුල්ලක් සඳහා ලබාගත් ඉහළම එංගලන්ත සබඳතාව වාර්තා කරමිනි. තරගයේ ජයග්‍රහණය දක්වාම ඔවුන් දෙදෙනා පිටියේ රැඳී සිටි අතර මනරම් පිති පහරවල් පිටිය පුරා එල්ල කරන්නට දෙදෙනාම සමත් විය. 45 වැනි පන්දුවාරයේ දී ජයග්‍රහණයේ සීමාව පසුකර යන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටී රූට් සහ මෝර්ගන් අතර ලකුණු 186ක නොදැවුණු සබඳතාවක් ක්‍රියාත්මක විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ඉයන් මෝර්ගන් පන්දු 108ක දී ලකුණු 88ක් හතරේ පහර නමයක් සහ එක් හයේ පහරක් සමඟින් ලබා ගැනීමට සමත් විය.

පන්දු 120ක දී මනරම් ශතකයක් වාර්තා කරන්නට ජෝ රූට් සමත් විය. හතරේ පහර 10ක් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ඒ අනුව තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට එංගලන්තයට හැකි විය. තරගයේ වීරයා ලෙස දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාශිඩ් නම් කෙරුණි. තරගාවලියේ වීරයා ලෙස ජෝ රූට් නම් කෙරුණි.

ඉන්දියාව 256 – 8 (කෝලි 71, ධවාන් 44, විලී 3-40, රශීඩ්  3-49)

එංගලන්තය 260 – 2 (රූට් 100*, මෝර්ගන් 88*)

තරගයේ වීරයා: ඒ. රශීඩ්
තරගාවලියේ වීරයා: ජෝ. රූට්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<