ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිට අපෙන් 18ක්

Asian Youth Table Tennis Championship 2026

5
 Junior Nationals Table Tennis Championship

ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය සහ ආසියානු මේස පන්දු සම්මේලනය සංවිධානය කරන ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලිය මේ මස 28 වැනිදා සිට ජුලි මස 4 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමඟින් රටවල් 20ක කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර එහි දී වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා ඒකල සහ කණ්ඩායම්, වයස අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ලෙසින් ඉසව් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා, වයස අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා ලෙසින් කණ්ඩායම් 4 නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18 දෙනෙක් සහභාගී වූ අතර ඊට නිලධාරීන් සිව් දෙනෙක් ද ඇතුලත්.

එහි දී කණ්ඩායමේ කළමණාකරු ලෙසින් පාලිත වනිගරත්න, පුහුණුකරුවන් ලෙසින් චතුර දුශාන් සහ ලක්ශාන් හර්ෂණ ද සහ කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙසින් නිමේෂා සකුන්තලා ද සහභාගී වූවා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ පළමු වතාවට පුහුණුකරුවෙක් සහ දියණියක සහභාගී වෙන තරගාවලියක් නිර්මාණය වී තිබෙනවා. ඒ තරගාවලිය සඳහා එක් වෙන පුහුණුකරු ලක්ෂාන් හර්ෂණගේ දියණිය වන චනුකි අක්ෂනා ද මෙම තරගාවලිය හා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම හා එක් ව සිටීමයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්

  • වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම

අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), හරීන් නිම්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මතිල සස්දිනු (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), දනුක් ළමාසූරිය (ආනන්ද විද්‍යාලය, කොළඹ)

  • වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම

ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), ශමල්ෂා දෙව්මි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ), ලෙසන්‍යා සෙතුම්දී (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), සදින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ)

  • වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම

සනෝන් දුල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)  යෙනුල් අබේවික්‍රම (ආනන්ද විද්‍යාලය, කොළඹ), කෙනුර ද සිල්වා (නාලන්දා විද්‍යාලය, කොළඹ), ඔනෙල් ශම්මික (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ)

  • වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම

චනුකි අක්ශනා (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල), හෙසන්‍යා සෙසත්මි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සිත්ම සඳමිණි (පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<