මහේලගෙන් ප්‍රභාත් ජයසූරියට ප්‍රශංසා

184

ICC Hall of Frame සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ නැගී එන දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන ප්‍රභාත් ජයසූරියට ප්‍රශංසා කර තිබුණා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ සුවිශේෂ ආරම්භය හා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති පැහැබර අනාගතය පිළිබඳව සාකච්ඡා කළේ ICC REVIEWS සමඟ එක්වෙමින්.

ජයසූරිය මේ වන විට සිය ටෙස්ට් දිවියට විශිෂ්ට ආරම්භයක් ලබා ගනිමින් ICC ක්‍රීඩකයන් වර්ගීකරණයේ 2022 ජූලි මාසයේ සම්මානය දිනා ගැනීමට ඔහුට හැකි වීම ද විශේෂත්වයක්.

පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ දී ටෙස්ට් වරම් දිනා ගත් ප්‍රභාත් ජයසූරිය එහි දී ලකුණු 177කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වුනා . ඒ මුත්තයියා මුරලිදරන් හා රංගන හේරත්ට පසුව ටෙස්ට් තරගයක දී කඩුලු 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා වෙමින්.

30 හැවිරිදි ඔහු පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ කඩුලු 17ක් දවා ගනිමින් ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම දිගටම පවත්වා ගෙන යෑමට සමත් වුනා.

කඩුලු 05 බැගින් දවා ගත් අවස්ථා දෙකක් ඇතුළුව මේ වන ටෙස්ට් තරග තුනක දී කඩුලු 29ක් දවාගෙන සිටින ජයසූරිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගෙන තිබෙනවා.

ඔහුට ටික කාලයක් ගත වුනා. ඔහු ගොඩක් පළමු පෙළ ක්‍රීඩා කර  තිබෙනවා. ඒ වගේම ඔහුට එහි ගොඩක් අත්දැකීම් තිබෙනවා,’’ මහේල ජයවර්ධන ICC  REVIEWS සමඟ එක්වෙම්න් පවසා සිටියා.

 “ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ. රංගන හේරත් අවුරුදු 10ක් හෝ ඊට වැඩි කාලයක් සෙල්ලම් කළා. ඊට පස්සෙ ශ්‍රී ලංකාව තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අත්හදාබැලීම්  සිදු කළා.’’

ලසිත් ඇඹුල්දෙණිය ඔහුගේ මංගල තරගයේ දීත් එම තරගමාලා කිහිපයේ දීත් ඇත්තෙන්ම හොඳින් ක්‍රීඩා කළා. ප්‍රවීන් ජයවික්‍රමත් එහෙමයි. ඒ නිසා ප්‍රභාත්ට අවස්ථාවක් එනතුරු බලා සිටීමට සිදු වුනා. පසුගිය වසර කිහිපය තුළ ඇත්තටම ඔහු ස්ථාවරයි. තේරුම් කමිටු නිළධාරින් ඔහු කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ වගේම ඔහුටත් එය තිබෙනවා.’’

ඉදිරි වසර කිහිපය තුළ ඔහු ළඟ සිටිමින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ අත්වනු ඇති බව ජයවර්ධන විශ්වාස කරනවා.

ඔහු සහජයෙන්ම දක්ෂ පන්දු යවන්නෙක් නිසා ඔහු හොඳ වෙන්න පුළුවන්. ඔහු ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා  ඔහුට ක්‍රීඩාව ගැන තේරෙනවා,’’ මහේල පැවසුවා.

ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන SSC හිදී මම ඔහුව සමීපව දැකලා තියෙනවා, ඔහුට ඉතා හොඳ හැකියාවක් තිබෙන බව පැහැදිලි වෙනවා. ඔහුට හොඳ පන්දු යැවීමේ ඉරියව්වක්, හා ඔහු ඉතා නිවැරදිව සෙල්ලම් කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් බැහැරව වුනත් ඔහුට ඔහුගේ LINE & LENGTH පාලනය කිරීමට හැකි නම් ඔහුගේ උස සමඟ හොඳ පිම්මක් ලබා ගත හැකියි.’’

ඉතින් මට හොඳටම විශ්වාසයි ඔහු ඉදිරියට ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳ දෙයක් කරයි කියලා.’’

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් පාකිස්තාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ පසුවනවා. ලබන වසරේ අවසන් මහා තරගයට පැමිණීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇතත්, එය පහසු නොවන බව මහේල ජයවර්ධන පවසනවා.

ශ්‍රී ලංකාව ඇත්තෙන්ම හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. විශේෂයෙන්ම සිය මව් රටේ දී. ඔවුන් ඕස්ට්‍රේලියාවට හා පාකිස්තානයට එරෙහිව ස්ථාවරව ක්‍රීඩා කර තිබෙනවා,’’  මහේල පැවසීය .

ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම තරමක් අසීරු කාර්‍යයක්. එයට හේතුව වන්නේ ශූරතාවලියේ අවසානයේ බොහෝ ටෙස්ට් තරග  ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට නොමැති වීමයි. නමුත් වැදගත් තරගාවලි කිහිපයක් තිබෙනවා.”

සිය මව්රටෙන් පිට තරග ජයග්‍රහණය කළ හැකි නම්, අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම අනෙකුත් තරග ප්‍රතිඵල ද ශ්‍රී ලංකාවට වාසිදායක විය යුතුයි.’’ යැයි මහේල පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<