ඉන්දු – පාකිස්තාන ද්වි පාර්ශවික තරගාවලියක් ගැන ඉඟියක්

1029
Hindustan Times

ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්වි පාර්ශවික ක්‍රිකට් තරගාවලියක් ඉතා ඉක්මනින් පැවැත්වීමට හැකියාවක් ලැබෙනු ඇතයි බලාපොරොත්තු වන බව ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී Roger Binny ප්‍රකාශ කර තිබෙනවා. 

“ඒක ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක රජය ගන්න ඕන තීරණයක්. ඒ නිසා අපිට පුළුවන් බලා ගෙන ඉන්න විතරයි. මම හිතනවා ඒක ඉක්මනින් සිදු වෙයි කියලා මොකද පාකිස්තානය ලෝක කුසලානය ක්‍රීඩා කරන්න ඉන්දියාවට එන නිසා.” 

Roger Binny සහ Rajeev Shukl පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ගේ ආරාධනාව මත ආසියානු කුසලාන තරග නැරඹීමට පසුගිය දා ඉන්දියාවට පිටත් වූ අතර එලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පාකිස්තානයේ සංචාරයක නිරත වුනේ වසර 17කට පසුව වීම විශේෂත්වයක්. 

ඉන්දියාව සහ පාකිස්තානය සැප්තැම්බර් 10 වැනිදා එකිනෙකාට එරෙහිව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග වැදීමට නියමිතව තිබෙන අතර ඔවුන් ලෝක කුසලානයේ දී ඔක්තෝබර් 14 වැනිදා තරග බිමට පිවිසෙනවා. 

2006 වසරෙන් පසු ඉන්දියාව ද්වි පාර්ශවික තරගාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කර නොමැති අතර ඔවුන් අවසන් වරට පාකිස්තානයේ ක්‍රීඩා කළේ 2008 ආසියානු කුසලාන තරගාවලියේයි.  

එමෙන්ම 2012 වසරෙන් පසු කණ්ඩායම් දෙක අතර කිසිදු ද්වි පාර්ශවික තරගාවලියක් පවත්වා නොමැති අතර පසුව ඔවුන් එකිනෙකට එරෙහිව ක්‍රීඩා කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි පමණයි.  

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් දෙරට අතර සාමය සහ සහයෝගිතාව වර්ධනය කළ හැකි බවයි. 

“ක්‍රිකට් කියන්නේ දෙරට අතර සහයෝගය වර්ධනය කරන්න හොඳ අවස්ථාවක්. 2004 තරගාවලිය ඒකට ඉතා හොඳ උදාහරණයක්. ඒකෙන් පස්සේ දෙරට අතරේ සහයෝගය ඉතාමත් වර්ධනය වුනා. කඩවල අයිතිකරුවන් තරගාවලියට ආපු ප්‍රේක්ෂකයින්ගෙන් සල්ලි පවා අරන් තිබ්බේ නැහැ. 

අපි පාකිස්තානය එක්ක හොඳ සාකච්ඡාවක් තිබ්බා වගේම අපිට මෙහෙදි ඉතාම හොඳ සත්කාරයක් ඔවුන් ලබා දුන්නා. අපේ ප්‍රධානතම කාර්යය වුනේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන සාකච්ඡා කරන එකයි.” 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<