පාසල් සහය දිවීමේ තරගාවලියේ සත්කාරකත්වය යාපනයට

387

දෙවන වරටත් පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙළිය සැප්තැම්බර් මස 8 වන දා සිට 10 වන දා දක්වා උතුරු පළාතේ ප්‍රධාන නගරයේ ක්‍රීඩාංගණයක් වන යාපනය දුරේයප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නව ජාතික වාර්තා 3ක් සමඟින් තරගාවලිය සාර්ථකව නිමා වෙයි

පුරා දින තුනක් (අගෝස්තු 31, සැප්තැම්බර් 1, 2) පුරාවට දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවැත්වූ..

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුදැනුම යටතේ, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙවර මෙම සහය දිවීමේ සැණකෙළිය සංවිධානය කරනු ලබන්නේ සීමා සහිත නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ද සමඟිනි. දිවයිනේ පාසල් තරගාවලිවල දී සෑම විටම ඉදිරියෙන්ම සිටිමින් අනුග්‍රාහකත්වය සපයන නෙස්ලේ ලංකා සමාගමේ Milo වෙළඳ නාමය, මෙම තරගාවලියට ද අනුග්‍රාහක සන්නාම නාමය ලෙස නෙස්ලේ සමාගම විසින් ඉදිරිපත් කර ඇත.

පසුගිය වසරේ තරගාවලියේ විශේෂ අවස්ථා

පසුගිය වසරේ බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම සහය දිවීමේ සැණකෙළිය ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගත් අතර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම් අතර ද තියුණු තරගයක් දැක ගන්නට අවස්ථාව ලැබුණි. කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල ගියවර සමස්ත බාලක ශූරතාවය ජයග්‍රහණය කළේ වලල ඒ රත්නායක විදුහල සමස්ත බාලිකා ශූරතාවය දිනා ගනිද්දීය.

>> ගියවර තරගාවලිය පිළිබඳව වැඩිදුර විස්තර

යාපනයේ මෙම උක්ත නම සඳහන් ක්‍රීඩාංගණයේ දී ම පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලට පසුව වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙවර තරගාවලියට 5000ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයක් සංවිධායකයින් අපේක්ෂා කෙරේ.

තරගාවලිය වයස් කාණ්ඩ 5ක්‍ යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 4x100m, 4x200m, 4x400m සහ 4x800m යන තරග ඉසව්, අවුරුදු 14න් පහළ, අවුරුදු 16න් පහළ, අවුරුදු 18න් පහළ හා අවුරුදු 20න් පහළ යන වයස් කාණ්ඩ හතර සඳහා ක්‍රියාත්මක වන්නේ අවුරුදු 12න් පහළ වයස් කාණ්ඩය සඳහා 4x50m තරග ඉසව්ව ක්‍රියාත්මක වෙද්දීය.

මෙවර සංවිධායකයින් තරගාවලිය සඳහා විශේෂ ශූරතාවක් ඇතුළත් කර ඇති අතර ඒ සහභාගී වන මිශ්‍ර පාසල් සඳහා වන මිශ්‍ර ශූරතාවයකි. 2017 යාපනය සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේ වැඩිදුර තොරතුරු සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<