Home Sinhala ශූරතා ත්‍රිත්වයේම හිමිකරුවන් අවදානමකට දමමින් ගාල්ලෙන් පෙරළියක්

ශූරතා ත්‍රිත්වයේම හිමිකරුවන් අවදානමකට දමමින් ගාල්ලෙන් පෙරළියක්

ලංකා ප්‍රිමියර් ලීගය 2023

396
ලංකා ප්‍රිමියර් ලීගය 2023

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 17 වැනි තරගය අද (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් Galle Titans කණ්ඩායම Jaffna Kings කණ්ඩායම අභිබවා යමින් කඩුලු 7ක ජයක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් Jaffna පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කණ්ඩායමේ එක් වෙනසක් සිදු කරමින් චරිත් අසලංක වෙනුවට අසේල ගුණරත්න කණ්ඩායමට කැඳවා තිබුණා. Galle Titans වෙනස්කම් තුනක් සිදු කරමින් ශෙවෝන් ඩැනියල්, අශාන් ප්‍රියන්ජන් සහ Richard Ngarava වෙනුවට Tabraiz Shamsi, භානුක රාජපක්ෂ සහ සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවා තිබුණා.

නව තණතීරුවක පැවැත්වුණු මේ තරගයේ Jaffna Kings පළමු කඩුලු 5න් 4ක් තමන් සතු කරගනිමින් කසුන් රාජිත යාපනය රජවරුන්ගේ මුල්පෙළ ප්‍රබල පිතිකරණ ලැයිස්තුව බිඳ දැමුවා.

අවසානයේ දී LPL ශූරතා ත්‍රිත්වයම තමන් සතු කරගෙන සිටින Jaffna Kings ලකුණු 89කට සීමා කරමින්, LPL ඉතිහාසයේ ඔවුන් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණයට (LPL තරගාවලි ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු ප්‍රමාණය සමයි) සීමා කරන්නට කසුන් රාජිත ඇතුළු Galle Titans පන්දු යවන්නන් සමත් වුනු අතර එම ලකුණු ප්‍රමාණය මෙවර LPL තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද වුනා.

Jaffna පළමු කඩුලු 5 ලකුණු 21ක් තුල දවා ගනිමින් ඔවුන්ගේ මුල්පෙළ සුන් කර දැමූ රාජිත Powerplay පන්දුවාර 6න් 3ක් ක්‍රියාත්මක කළ අතර Jaffna කණ්ඩායම සිය Powerplay අවස්ථාව තුල කඩුලු 5ක් දැවී ලකුණු 34ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරණ තුරුම්පු දෙකක් වන Rahmanullah Gurbaz සහ පසුගිය තරග දෙක පුරාවටම ලකුණු අතර සිටි Shoaib Malik ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීම Jaffna ලකුණු සටහනට මරු පහරක් වුනා.

ඩිල්ශාන් මදුසංක සහ මහීෂ් තීක්ෂණ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 24 සබඳතාවය ඉනිම තුල වාර්තා වුනු Jaffna හොඳම සබඳතාවය වුනු අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු වෙල්ලාලගේ 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 22ක් ලබා ගත්තා.

අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර 20 තුල සියල්ලන්ම දැවී ලකුණු 89ක් ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ ලබාගත් ලකුණු 22 හැරෙන්නට ඔවුන්ගේ අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට ඔහුව අභිබවා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා ගොස් තීරණාත්මක ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව පිටියට අවතීර්ණ වුනු Galle Titans වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ Tim Seifert ආරම්භය ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පන්දු 27ක් තුල ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසානයේ දී ඔවුන් පන්දුවාර 13කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 90  අතර මෙවර LPL තරගාවලිය තුල සිය තෙවැනි අර්ධ ශතකය ලබා ගත් Seifert පන්දු 42ක් තුල ලකුණු 55ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින්. ඔහු සමඟ එක්වූ Chad Bowes දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින් Galle Titans ඉනිම ස්ථාවර කළා.

LPL උණුසුම එලෙසින්ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්ම! 

Result


Jaffna Kings
89/10 (20)

Galle Titans
90/3 (13.3)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sohan de Livera b Kasun Rajitha 2 3 0 0 66.67
Rahmanullah Gurbaz c Chad Bowes b Kasun Rajitha 0 2 0 0 0.00
Chris Lynn b Lahiru Kumara 4 4 1 0 100.00
Dunith Wellalage c Sohan de Livera b Tabraiz Shamsi 22 31 4 0 70.97
Shoaib Malik b Kasun Rajitha 0 2 0 0 0.00
David Miller c & b Kasun Rajitha 5 6 1 0 83.33
Asela Gunaratne lbw b Shakib Al Hasan 7 8 1 0 87.50
Thisara Perera b Tabraiz Shamsi 13 9 1 1 144.44
Maheesh Theekshana not out 13 23 0 0 56.52
Dilshan Madushanka b Lahiru Kumara 12 29 1 0 41.38
Nuwan Thushara run out () 7 3 0 1 233.33


Extras 4 (b 1 , lb 0 , nb 0, w 3, pen 0)
Total 89/10 (20 Overs, RR: 4.45)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 20 4 5.00
Lahiru Kumara 4 1 13 2 3.25
Dasun Shanaka 1 0 8 0 8.00
Shakib Al Hasan 4 0 13 1 3.25
Tabraiz Shamsi 4 0 19 2 4.75
Seekkuge Prasanna 2 0 6 0 3.00
Lahiru Samarakoon 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Bhanuka Rajapaksa c Shoaib Malik b Maheesh Theekshana 15 11 3 0 136.36
Tim Seifert c Thisara Perera b Dilshan Madushanka 55 42 5 1 130.95
Chad Bowes not out 13 23 0 0 56.52
Shakib Al Hasan c David Miller b Shoaib Malik 2 4 0 0 50.00
Dasun Shanaka not out 2 1 0 0 200.00


Extras 3 (b 1 , lb 0 , nb 0, w 2, pen 0)
Total 90/3 (13.3 Overs, RR: 6.67)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 28 1 7.00
Maheesh Theekshana 4 0 12 1 3.00
Nuwan Thushara 4 0 38 0 9.50
Dunith Wellalage 1 0 9 0 9.00
Shoaib Malik 0.3 0 2 1 6.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<