Home Sinhala ඕස්ට්‍රේලියානු ප්‍රහාරයෙන් කොළඹ සෙලවෙද්දී දඹුල්ල අංක 1ට!

ඕස්ට්‍රේලියානු ප්‍රහාරයෙන් කොළඹ සෙලවෙද්දී දඹුල්ල අංක 1ට!

3397
Dambulla Aura vs Colombo Strikers

Ben McDermott සහ Alex Ross යන ඕස්ට්රේලියානු ක්රීඩකයින් දෙදෙනාගේ ශතක සබඳතාවය නිසා Colombo Strikers එරෙහිව පැවති තරගයෙන් ලකුණු 50 පහසු ජයක් ලබා ගැනීමට ඊයේ (12) Dambulla Aura කණ්ඩායමට හැකිවුනා. 

රාත්රී තරගයක් ලෙසින් මෙය ක්රියාත්මක වුනු නිසා කොළඹ ආර්. ප්රේමදාස පිටියට සැලකිය යුතු ප්රේක්ෂක පිරිසක් පැමිණ සිටියා. දැන් දැන් දේශීය තරග නැරඹීමට ක්රිකට් රසිකයින් දක්වන උනන්දුව නවක ක්රීඩකයින්ට පීඩනය මැද තරග කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ වටපිටාවක් නිර්මාණය කර දී තිබෙනවා 

ඊයේ තරගයේ කාසියේ වාසිය Dambulla නායක කුසල් මෙන්ඩිස්ට හිමි වෙද්දී ඔහු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා. නමුත් Aura මුල්පෙළ පිතිකරුවන්ගෙන් ඊට ධනාත්මක ප්රතිචාරයක් හිමිවුනේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 46ක් වෙද්දී බිඳ වැටුනා. එහිදී අවිශ්ක ප්රනාන්දු පළමු කඩුල්ල ලෙස කෙටි පන්දුවකට තමා කැමතිම පුල් පහර එල්ල කිරීමට යාමේදී දැවී ගියා. 

අවසන් වතාවට මෙම කණ්ඩායම් දෙක හමුවූ අවස්ථාවේ යම් ගැටුමකට මුල පිරූ යුගලයක් වන චාමික කරුණාරත්න ඊයේ නායක කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ආරම්භයේදීම බිඳ හෙලීමට සමත් වුනා. ඔහු එම කඩුල්ල ගැන ඉමහත් ප්රීතී ප්රමෝදයට පත්වන බවයි ඔහුගේ ඉරියව් වලින් පැහැදිලි වුනේ. පවර්ප්ලේ අවස්ථාව තුල පන්දු යැවීමට ලැබුනු අවස්ථාව මතීෂ පතිරණ සාර්ථක කර ගත්තේ සදීර සමරවික්රම එක් ලකුණකට දවා ගනිමින්. 

ධනංජය සිල්වා ලකුණු 11කට සීමා වෙද්දී බිඳ වැටෙන Aura ඉනිම ගලවා ගැනීමේ මෙහෙයුම ඕස්ට්රේලියානු ක්රීඩකයින් ද්විත්වයට හිමිවුනා. ඔවුන් එය අකුරටම ඉටු කළේ පන්දු 71ක් තුල වේගවත් ලකුණු 102 විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින්. එහිදී Ben Mcdermott දවා ගැනීමට ලැබුනු උඩපන්දු 2ක් නායක නිරෝෂන් දික්වැල්ල සහ Mohommad Nawaz අතින් ගිලිහී යාම Dambulla Aura කණ්ඩායමට ආශිර්වාදයක් වුනා. 

මේ නිසා ඉනිම අවසන් වන තුරුම නොදැවී සිටින්නට වාසනාවන්ත වූ Mcdermott පන්දු 46කදී ලකුණු 69ක් ලබා ගත්තා. හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟයි. අනෙක් අන්තයේ සිට තවත් සුපිරි ඉනිමක් ක්රීඩා කළ Alex Ross පන්දු 38කදී ලකුණු 52ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් 

මේ නිසාම ඉනිම අවසන් වනවිට Dambulla Aura කණ්ඩායමට කඩුලු 5ක් දැවී ලකුණු 166 අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකිවුනා. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ පමණක් කඩුලු 2කට හිමිකම් කියද්දී Naseem Shah, චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා. නමුත් මේ අතරින් අඩුවෙන් ලකුණු ලබා දෙමින් පන්දුවාර 4 නිමා කළේ ජෙෆ්රි වැන්ඩර්සේ පමණයි. 

මෙම ලකුණු සංඛ්යාව හඹා යාමට උත්සාහ කළ Colombo Strikers පිතිකරුවන්ගෙන් ආරම්භයන් කිහිපයක්ම දැක ගන්නට ලැබුනත් කිසිවෙක් දීර්ඝ ඉනිමක් කරා යාමට සමත් වුනේ නැහැ. කලබලය වැඩිවූ පැතුම් නිස්සංක මුල්ම කඩුල්ල ලෙස දැවී යද්දී මෙවර තරගාවලියේ එකම ශතකයට හිමිකම් කියන Babar Azam තම රටේම සගයෙකු වන Hasan Ali කඩුල්ල පූජා කළා. 

පවර්ප්ලේ අවස්ථාවේ පන්දු යැවීමේ අවස්ථාව ලද අර්ධ කාලීන පන්දු යවන්නෙකු වන ජනිත් ලියනගේට එරෙහිව ලකුණු 16ක් ලබාසිටි නිරෝෂන් දික්වැල්ල තවදුරටත් ප්රහාරයටම කෑදර වීමට යාම නිසා අවසානයේ ඔහුටම කඩුල්ල ලබා දුන්නා. තරගාවලියේ මුල් වරට කණ්ඩායමට එක්වුනු ඇන්ජෙලෝ පෙරේරා Noor Ahmedගේ පන්දුවකට කඩුල්ල මුවා කර දැවී ගියේ DRS අවස්ථාවක් අපතේ හරිමින්. 

පන්දු 20කදී ලකුණු 21ක් ලබා ගෙන සිටි නුවනිඳු ප්රනාන්දු දවා ගැනීමට දුශාන් හේමන්ත තම පන්දු යැවීමෙන් පසු ඔහු විසින්ම අලංකාර උඩපන්දුවක් රැක ගත්තා. නුවනිඳු සහ Ifthikar Ahmed අතරේ ලකුණු 28 සබඳතාවයක් ගොඩ නැගුනත් Ross සහ Mcdermott කළ වික්රමය යළි පුනරූපනය කිරීමට නම් ඔවුන්ට හැකිවුනේ නැහැ. 

ඉනිමේ අවසන් පන්දුවාර 5 සම්පූර්ණ පාලනය Dambulla Aura සතු කරගත් අතර එහිදී ලකුණු 16ක් පමණක් ප්රතිවාදීන්ට ලබාදී Colombo Strikers අවසන් කඩුලු 5 බිඳ දැමීමට සමත් වීම Aura කණ්ඩායමට මෙවැනි දැවැන්ත ජයක් ලබා ගැනීමට හේතුවුනා. පන්දු යැවීමේදී Hasan Ali කඩුලු 3ක් දවා ගනිද්දී බිනුර ප්රනාන්දු, Noor Ahmed සහ දුශාන් හේමන්ත යන පන්දු යවන්නන් කඩුලු 2 බැගින් දවා ගනිමින් තම යුතුකම ඉටුකළා. 

Result


Dambulla Aura
166/5 (20)

Colombo Strikers
116/10 (19.4)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Chamika Karunaratne b Naseem Shah 7 9 1 0 77.78
Kusal Mendis b Chamika Karunaratne 7 10 1 0 70.00
Sadeera Samarawickrama c Nuwanidu Fernando b Matheesha Pathirana 1 3 0 0 33.33
Ben McDermott not out 69 46 4 4 150.00
Dhananjaya de Silva c Iftikhar Ahmed b Jeffrey Vandersay  11 9 2 0 122.22
Alex Ross c Niroshan Dickwella b Matheesha Pathirana 52 38 5 2 136.84
Hasan Ali not out 6 5 1 0 120.00


Extras 13 (b 1 , lb 2 , nb 0, w 10, pen 0)
Total 166/5 (20 Overs, RR: 8.3)
Bowling O M R W Econ
Naseem Shah 4 0 38 1 9.50
Chamika Karunaratne 4 0 35 1 8.75
Matheesha Pathirana 4 0 36 2 9.00
Mohammad Nawaz 4 0 33 0 8.25
Jeffrey Vandersay  4 0 21 1 5.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Dhananjaya de Silva b Binura Fernando 12 8 1 0 150.00
Babar Azam c Sadeera Samarawickrama b Hasan Ali 11 13 1 0 84.62
Niroshan Dickwella b Janith Liyanage 17 6 2 1 283.33
Nuwanidu Fernando c & b Dushan Hemantha 21 20 3 0 105.00
Angelo Perera lbw b Noor Ahmad  1 2 0 0 50.00
Iftikhar Ahmed b Dushan Hemantha 18 26 0 0 69.23
Mohammad Nawaz b Noor Ahmad  20 24 2 0 83.33
Chamika Karunaratne c Kusal Mendis b Binura Fernando 5 10 0 0 50.00
Naseem Shah c Avishka Fernando b Hasan Ali 1 5 0 0 20.00
Matheesha Pathirana c Noor Ahmad  b Hasan Ali 0 0 0 0 0.00
Jeffrey Vandersay  not out 0 0 0 0 0.00


Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 116/10 (19.4 Overs, RR: 5.9)
Bowling O M R W Econ
Binura Fernando 3.4 0 18 2 5.29
Hasan Ali 4 0 16 3 4.00
Janith Liyanage 2 0 26 1 13.00
Dhananjaya de Silva 2 0 24 0 12.00
Noor Ahmad  4 0 14 2 3.50
Dushan Hemantha 4 0 16 2 4.00



තරගයේ වීරයා සම්මානය හිමිවුනේ Aura ඉනිම වැටුනු තැනින් ගොඩට ගෙන ජයග්රහණයක් සඳහා සෑහෙන ලකුණක් කරා ගෙන ගිය Ben Mcdermottටයි. මෙම ජයග්රහණයත් සමඟින් Dambulla Aura කණ්ඩායම ප්රසාද ලකුණු 10ක් සමඟින් ඉදිරි වටයේ අසුන් වෙන් කරගත් අතර B-Love Kandy කණ්ඩායම ප්රසාද ලකුණු 8ක් සමඟින් ඉදිරි වටයට සුදුසුකම් ලබා සිටිනවා. 

ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ තවත් උණුසුම් තරග දෙකක් අද දිනයේ දී (13) ක්රියාත්මක වන අතර Jaffna Kings සහ Galle Titans අතර තරගය සවස 3.00ටත්, Colombo Strikers සහ B-Love Kandy අතර තරගය රාත්රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට Titans සහ Strikers කණ්ඩායම් දෙකට අතිශයින්ම තීරණාත්මක මෙම තරග දෙකේ උණුසුම එලෙසින්ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්ම! 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<