බුම්රා 2023 IPL එකට නෑ?

155
Bumrah unlikely to play in the IPL 2023

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිත් බුම්රා එළඹෙන IPL තරගාවලියට සහභාගී නොවීමේ ඉඩකඩක් ඇති බව වාර්තා වනවා.

කොඳුඇටපෙළ ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටි බුම්රා ප්‍රකෘති තත්වයට පැමිණීමට යම් කාලයක් ගත වනු ඇති බවයි සඳහන් වන්නේ. එය බලාපොරොත්තු වූවාට වඩා බරපතළ ආබාධයක් බව වාර්තා වනවා.

මාස 5ක පමණ කාලයක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි බුම්රා මෙතෙක් සුවය නොලබා සිටීම ඉන්දියානු කණ්ඩායමට දැඩි පීඩනයක් විය හැකිව තිබෙන්නේ ඉන්දියාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එළඹෙන ජුනි මාසයේ දී එහි අවසන් මහා තරගය ද පැවැත්වීමට නියමිත නිසයි.

එහෙත් ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් බුම්රාව සූදානම් කිරීම ගැන BCCI හි අවධානය යොමු වී තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<