CSK නායකත්වය Jadejaගෙන් නැවතත් Dhoniට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1863

මේ දිනවල උත්කර්ෂවත් ලෙස ක්‍රියාත්මක වන IPL තරගාවලියේ Chennai Super Kings කණ්ඩායමේ නායකත්වය Ravindra Jadeja විසින් නැවතත් හිටපු නායක MS Dhoni ලබා දුන් බව එම කණ්ඩායම වාර්තා කර සිටිනවා.

2008 වසරේ සිට CSK හි නායකත්වය හොබවනු ලැබුවේ Dhoni විසින් වන අතර ඔහු මෙවර තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Jadeja වෙත ලබා දී තිබුණා.

කෙසේ නමුත් CSK විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ Jadeja විසින් Dhoni හට නායකත්වය නැවත භාරගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.

මෙවර තරගාවලිය ආරම්භයේ දී CSK ප්‍රධාන පුහුණුකරු අනාවරණය කර සිටියේ, 2021 IPL තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වයේ වගකීම් Jadeja වෙත ලබා දීම සම්බන්ධයෙන් Dhoni ඔහු සමඟ සාකච්ඡා කර බවයි.

“කණ්ඩායමේ බහුතර කැමැත්ත අනුව MS Dhoni තීරණය කළා CSK ඉදිරියට මෙහෙය වන්නට, ඒ් සමඟ Jadeja හට තවදුරටත් තරගාවලිය පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්නට අවකාශය හිමිවනු ඇත’, යැයි CSK විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Jadejaගේ නායකත්වයත් සමඟින් ඇරඹි මෙවර තරග වාරයේ ආරම්භයේ දී CSK කණ්ඩායම එතරම් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අපොහොසත් වූ අතර ඔවුන් සහභාගී වූ තරග 8න් දෙකක් පමණක් ජයග්‍රහණය කරමින් playoff වටයේ ස්ථානයක් සඳහා විශාල සටනක මේ වන විට නිතර වී සිටිනවා.

CSKට අමතරව Jadeja ද තරගාවලියේ දී එතරම් සාර්ථක දක්ෂතා දක්වන්නට අපොහොසත් වූ අතර ඔහු මේ වන විට ක්‍රීඩා කර තිබෙන තරගවලින් පිතිකරණයෙන් 22.40ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 112ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 5ක් පමණක් දවා ගන්නට සමත් වී සිටිනවා.

Dhoniගේ නායකත්වය යටතේ CSK සහභාගී වන ප්‍රථම තරග මේ ඉරිදා (1) පූනේ හිදී Kane Williamson නායකත්වය දරණය Sunrisers Hyderabad සමඟින් පැවැත්වීමට නියමිතයි. IPL තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<