මට අපේ ක්‍රීඩකයින්ට කියන්න වරදක් නෑ – Morgan

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

148

එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jos Buttler සිය කණ්ඩායමේ සිටීම විශේෂ වරප්‍රසාදයක් බව එංගලන්ත නායක Eoin Morgan ප්‍රකාශ කර සිටියා. ඒ ඊයේ (01) ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් අනතුරුවයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් Jos Buttler තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ එම ශතකය සහ කඩුලු රැකීමේ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 26ක ජයක් ලැබීමට එංගලන්තයට හැකි වුනා.

එම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත නායක Eoin Morgan ප්‍රකාශ කර සිටියේ,

අද (01) රාත්‍රියේ දී අපි කරපු හැමදෙයක් ගැනම මම ගොඩක් ආඩම්බර වෙනවා. අපට ඉතා විශාල වශයෙන් සටන් කරන්න වුනා. මේ ක්‍රීඩාංගණවල හැසිරීම දිගින් දිගටම වෙනස් වෙනවා. Tymalගේ පිටියෙන් ඉවත් වීම අපට තවත් ප්‍රශ්නයක් ගෙනාවා. ඒත් Livingstone සහ Moeen ඉදිරියට ඇවිත් අනෙක් ක්‍රීඩකයන් එක්ක හොඳින් ක්‍රීඩා කළා.

මට අද (01) අපේ ක්‍රීඩකයන්ට වරදක් කියන්න බැහැ. මම හිතන්නේ Buttler එංගලන්ත නිල ඇදුම යටතේ ක්‍රීඩා කළ හොඳම ඉනිමක් අද ක්‍රීඩා කළා කියලයි. එය අනෙක් අන්තයේ සිට බලා සිටීමට ලැබීම සතුටක්. ඔහු ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩකයෙක් වන අතර ඔහු අපේ කණ්ඩායමේ සිටීම භාගයක්.

කණ්ඩායමේ පන්දු රැකීම ඉතාම හොඳයි, අප ලබා ගත් ජයග්‍රහණ හතර පිළිබඳව සතුටු වෙනවා. ඔහුගේ (Buttler) ඇති ඇදහිය නොහැකි කුසලාතාවන්, ඔහු සන්සුන්ව කටයුතු කරන ආකාරය සමඟ ඔහු තරගය හොඳින් තේරුම් ගනිමින් ඒවා ඒකාබද්ධ කරනවා. ඔහුව තරගාවලියේ මූලික වටයේ දී මෙම රිද්මයෙන් දැකීම අවසන් වටය සඳහා හොඳ පෙරනිමිත්තක්”

ශ්‍රී ලංකාව සමඟ පැවති සුපිරි 12 වටයේ තරගයේ දී Jos Buttler සමඟ ශතක සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු 163ක් දක්වා සිය කණ්ඩායම රැගෙන යාමට Eoin Morganට හැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 137කට සීමා කර අවසන් පූර්ව වටයේ අසුන තහවුරු කරගැනීමට ද එංගලන්තයට ඊයේ (01) හැකි වුනා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<