සාන්ත සිල්වෙස්ටර් සහ මහින්ද විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය

1445

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින තරග කිහිපයක් අද (5) නිමා වුනා.

එම තරගවල දී ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පූර්ණ තරග ජයග්‍රහණ ලබාගැනීමට සමත් වුනා.

මහින්ද විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවති තරගයේ දී දිනුර කළුපහන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් මහින්ද විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වුනා.

දිනුර මේ තරගයේ දී පිතිකරණයෙන් ලකුණු 149ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 35කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා. ඊට අමතරව කවීන් රුක්ෂාන් කඩුලු 6ක් දවාගෙන මහින්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් අතරට පැමිණියා.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ නම ඉදිරියෙන් පූර්ණ තරග ජයග්‍රහණය සටහන් වුනු මේ තරගයේ දී ධර්මරාජයට එරෙහිව අකිල වික්‍රමසිංහ විසින් කඩුලු 5ක දස්කමක් ප්‍රදර්ශනය කරමින් දස්කම් දැක්වූවා.

ඊට අමතරව ක්‍රියාත්මක වුනු සාන්ත ජෝසප් – ත්‍රිත්ව තරගය (110 වැනි වාර්ෂික සුහද ක්‍රිකට් තරගය) ජය පරාජයෙන් තොරව අවසන් වුනු නමුත්, එහි වැඩි ගෞරවය දිනා ගත්තේ සංචාරක ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමයි.

ත්‍රිත්ව ක්‍රීඩකයින් වෙනුවෙන් පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ තීරක රණතුංග ලකුණු 44ක් සහ පළමු ඉනිමේ කඩුලු 6ක් ද ඇතුළුව තරගය පුරාවට කඩුලු 8ක් බිඳ හෙලීමට සමත් වුනා.

සාන්ත පීතර – සාන්ත බෙනඩික්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවුණු අතර, ශෙරල් සමරතුංග, මෙවන් දිසානායක සහ චමත් චාතුර්ය දැක්වූ දස්කම් නිසාවෙන් සාන්ත පීතර විද්‍යාලය සතු වෙමින් තිබූ පූර්ණ තරග ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියා.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ ක්‍රීඩාංගණය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 240 (73): කවිෂ්ක ඩිල්ශාන් 86, මලිත් ලක්ෂාන් 39, චාරුක අයේශාන් 37, තිසරු වන්නිනායක 3/58.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 126 (48): මලීෂ සිල්වා 23, පුලිඳු පෙරේරා 22, ඉසුරු ගුණසේකර 3/22, මලිත් ලක්ෂාන් 2/04, කවිෂ්ක ඉමේෂ් 2/10.

ධර්මරාජ විද්‍යාල දෙවැනි ඉනිම (F/O) – 130 (41.5): දුෂ්‍යන්ග ගුණසිංහ 43, පුලිඳු පෙරේරා 41, අකිල වික්‍රමසිංහ 5/27, ශෂික බස්නායක 3/27, කවිෂ්ක ඉමේෂ් 2/54.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල දෙවැනි ඉනිම – 18/0 (2):

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණය

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 348/8d (76): දිනුර කළුපහන 149, ශෙහාන් හසරංග 68, ප්‍රමේෂ් මදුභාෂණ 52, චන්දුප සිල්වා 50, හසිත අමරසිංහ 4/112.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 121 (38): දිනිරු අබේවික්‍රමසිංහ 50, දිනුර කළුපහන 4/35, ශෙහාන් හසරංග 3/37, රන්මිණ හෙට්ටිආරච්චි 2/00.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවැනි ඉනිම (F/O) – 186 (53.5): හසිත අමරසිංහ 47, දෙනුවන් ප්‍රමෝද් 32, විශ්ව සුපුන් 28, කවීන් රුක්ෂාන් 6/33, කුෂාන් මධූෂ 2/37.

මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 41ක ජයක්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 318 (94.4): විභාවිත් ඇහැලේපොල 87, අක්‍රම් මුතාලිබ් 70, පවන් පතිරාජ 56, තීරක රණතුංග 44, මුදිත ලක්ෂාන් 2/34, යෙනුල දෙව්තුෂ 2/50.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 201 (70): සදීෂ් ජයවර්ධන 46, මිතිර තෙනුර 30, රිෂ්ම අමරසිංහ 29, සහන් දාබරේ 27, තීරක රණතුංග 6/58, දිනුක තෙන්නකෝන් 3/48.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවැනි ඉනිම (F/O) – 101/5 (27): සදීෂ් ජයවර්ධන 26, තීරක රණතුංග 2/36.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 329/9d (74): රුසඳ ගමගේ 112, ලහිරු දවටගේ 50, වනුජ කුමාර 50, දනාල් හේමානන්ද 35, මෙවන් දිසානායක 3/69.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 182 (55.5): මෙවන් දිසානායක 60, චමත් චාතුර්ය 30, ලකිඳු සචින් 3/39, නිමාන් උමේෂ් 3/44.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවැනි ඉනිම (F/O) – 269/9 (62.2) ශෙරල් සමරතුංග 77, චමත් චාතුර්ය 54, ඩිලාන් තාබ්රු 45, හසංග නානායක්කාර 22, ෂැනන් රුද්‍රිගු 4/76, ලහිරු දවටගේ 3/16.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<