අරවින්ත් පරාජිත ඉනිමට ගෞරවයක් ගෙන එයි

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලිය 2022

305

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ අවසන් දිනය වූ අද (06) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන රාජේන්ද්‍රන් අරවින්ත් සමත් වුනා.

ඔහු කුරුණෑගල යොවුන් ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 70කට කඩුලු 8ක් දවා ගත්තා. ඔහු එලෙසින් දක්ෂතා දැක්වූව ද එම තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ප්‍රතිවාදී කණ්ඩායමටයි.

මේ අතර අද නිමා වූ තරගවල දී තවත් පන්දු යවන්නෝ කිහිප දෙනෙක් ම සුවිශේෂී දක්ෂතා දැක්වීම කැපී පෙනුණා. ඒ අනුව ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ 19 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ CCCට එරෙහිව ලකුණු 26කට 6ක් ද, කළුතර ටවුන් සමාජයේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ඉන්ෂක සිරිවර්ධන යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 6ක් ද දවා ගත්තා.

ඊට අමතරව නාවික හමුදාවේ 25 හැවිරිදි වමතින් දඟපන්දු යවන අරවින්ද අකුරුගොඩ SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 113කට කඩුලු 6ක් ද, නුගේගොඩ කණ්ඩායමේ 26 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන නිමේෂ ගුණසිංහ පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 69කට කඩුලු 6ක් දවා ගත්තා.

පිතිකරුවන් අතරින් බදුරලිය ක්‍රිකට් සමාජයේ නායක රනේෂ් සිල්වා පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 132ක් ලබා ගනිද්දී, BRC කණ්ඩායමේ සවින් ගුණසේකර පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

Group A

Sebastianites CC Vs Moors SC @ De Soysa, Moratuwa

Moors SC ක්‍රීඩකයන්ට කඩුලු 10ක ජයක්

  • Moors – පළමු ඉනිම සියලුම දෙනා දැවී 368(102.3) දිනුක දිල්ශාන් 28, සොහාන් ද ලිවේරා 35, ජනිශ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 79, අයන සිරිවර්ධන 44, රිසිර වීරසූරිය 97, මිලාන් රත්නායක 39, තනුෂ කොස්තා 4/105, තරුෂ ප්‍රනාන්දු 2/54
  • Sebastianites– ළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (මනේල්ක ද සිල්වා 75, විහාන් ගුණසේකර 34, දිනුක ඩිල්ශාන් 3/26, තීසාන් විතුශාන් 5/71
  • Sebastianites – දෙවැනි සියලුම දෙනා දැවී 183 (65.3) සඳුන් ප්‍රනාන්දු 55, තරුෂ ප්‍රනාන්දු 49, විමුද් සප්නක 20, තීසාන් විතුශාන් 4/57, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/16, මිලාන් රත්නායක 2/49
  • Moors – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 14 (1.3)

CCC Vs Lankan CC @ CCC

Lankan කණ්ඩායමට කඩුලු 7ක ජයක්

  • CCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 319 (95.2) කවිඳු අමමෙත් 22, විනුෂ්ක සිල්වා 22, පවන් රත්නායක 40, මාලිංග අමරසිංහ 105, අංජන බණ්ඩාර 67, හසිඳු විජේවර්ධන 25, සඳුන් අබේවර්ධන 5/80
  • Lankan – පළමු ඉනිම සියලුම දෙනා දැවී 335 (126.3) අයි. දිසානායක 30, මල්ශාන් රත්නායක 29, රිස්ත් උපමාල් 95, දමිත සිල්වා 51, දෙවිඳු කැකිරිදෙණිය 2/82, සොනාල් දිනූෂ 4/61
  • CCC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 55 (22.2) යසිරු රොද්‍රිගෝ 6/26, දමිත සිල්වා 2/21
  • Lankan – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 40 (10.3) සොනාල් දිනූෂ 2/19

SL Navy SC Vs SSC @ Welisara

තරගයේ විසඳුමක් නෑ

  • Navy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 355 (114.5) කේශර නුවන්ත 76, සුහඟ විජේවර්ධන 39, සුලේක්ෂණ ශ්‍රීශාන් 116, සුදාර දක්ෂිණ නොදැවී 30, අවිශ්ක ලක්ෂාන් 21, කේශාන් විජේරත්න 2/37, ෂෙවෝන් ඩැනියෙල් 3/66, කවිඳු නදීශාන් 2/99
  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 399 (107.5) අවිශ්ක සේනාධීර 89, ෂෙවෝන් ඩැනියෙල් 80, ඔමේෂ් මෙන්ඩිස් 31, සජිත විතානගේ 22, තේවේන්ද්‍රන් දිනෝශාන් 32, කේශාන් විජේරත්න 52, කවිශ්ක සේනාධීර 33, සුධාර දක්ෂිණ 2/92, අරවින්ද අකුරුගොඩ 6/113
  • Navy – කඩුලු 9ක් දැවී 150 (41.5) පුෂ්පිත ඩිල්ශාන් 31, ජමිත් ඩිල්ශාන් 27, අරවින්ද අකුරුගොඩ 40, ඩිල්ශාන් අබේසිංහ 2/37, සජිත විතානගේ 2/44, කවිශ්ක සේනාධීර 3/0

Group B

Negombo CC Vs Chilaw Marians CC @ Katunayake

මීගමුවට ලකුණු 221ක ජයක්

  • Negombo– පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 (83.5) අමෝද විදානපතිරණ 90, ජීවක ශශේන් 43, සඳරුවන් චින්තක 58, දසුන් සෙනෙවිරත්න 5/69
  • Marians – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (63.3) දසුන් සෙනෙවිරත්න 20, රවීන් යසස් 78, පසිඳු උස්හෙට්ටි 6/41
  • Negombo– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 230 (55) අමෝද විදානපතිරණ 40, රශ්මික මෙවන් 51, ජීවක ශෂීන් 32, පසිඳු ලක්ශංක 41, ශෙෂාන් ප්‍රනාන්දු 34, දසුන් සෙනෙවිරත්න 2/51, රවීන් යසස් 3/41
  • Marians – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 115 (31.1) සුඛිත මනෝජ් 33, චාරුක තරිඳු 39, නිශාන් පීරිස් 4/28, රශ්මික මෙවන් 5/33

Kurunegala YCC Vs Bloomfield C & AC @ Welagedara

කුරුණෑගල ක්‍රීඩකයන්ට ලකුණු 59ක ජයක්

  • Kurunegala – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (69.5) කවිඳු ඒකනායක 36, මුදිත ප්‍රේමදාස 91, සංජීව ප්‍රියදර්ශන 33, ගිහාන් අංජන 28, රාජේන්ද්‍රන් අරවින්ත් 6/77, දිලීප ජයලත් 2/52
  • Bloomfield – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (65.2) චිහාන් කළිඳු නොදැවී 23, නිපුන් හග්ගල්ල 44, සනෝජ් දර්ශික 71, ඩිලාන් සෙනෙවිරත්න 2/26, මධුරංග නවීන් 3/62, චමෝද් රත්නායක 3/18, ගිහාන් අංජන 2/49
  • Kurunegala – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 172 (63.3) දුලාජ් රණතුංග 57, සංජීවන් ප්‍රියදර්ශන නොදැවී 58, ගිහාන් අංජන 20, රාජේන්ද්‍රන් අරවින්ත් 8/70, දිලීප ජයලත් 2/69
  • Bloomfield – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 131 (38.3) නිපුන් හග්ගල්ල 20, සනෝජ් දර්ශික 20, මහෞෂද ප්‍රනාන්දු 45, දනංජය බණ්ඩාර 3/30, මධුරංග නවීන් 4/39, ගිහාන් අංජන 3/20

NCC Vs Saracens SC @ NCC

තරගයේ විසඳුමක් නෑ

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (73.5) කවින් බණ්ඩාර 116, දිනෙත් ජයකොඩි 40, අහන් වික්‍රමසිංහ 52, පවන් සංදේශ් 35, කවික ඩිල්ශාන් 4/62, සඳුන් මෙන්ඩිස් 2/45
  • Saracens – පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (89.2) සසිත පල්ලියගුරුගේ 42, චමල්ක ප්‍රනාන්දු 29, නවිඳු විතානගේ 26, හෂේන් රාමනායක 23, කවික ඩිල්ශාන් 22, ප්‍රවීන් සඳමාල් 25, ප්‍රවීන් ද සිල්වා 2/54, යුගීෂ ඩිල්ශාන් 4/78, කාවින්ද ඊශ්වර 4/38
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 209 (36)) ජෙහාන් ද සිල්වා 85, කවින් බණ්ඩාර නොදැවී 70, අහන් වික්‍රමසිංහ 22, හෂේන් රාමනායක 2/70, ප්‍රවීන් සඳමාල් 3/34
  • Saracens – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 198 (77) චමල්ක ප්‍රනාන්දු 33, හෂේන් රාමනායක 38, කවික ඩිල්ශාන් නොදැවී 23, යුශාන් මලිත් නොදැවී 23, යුගීෂ ඩිශාන් 2/52, කාවින්ද ඊශ්වර 4/81

Group C

Ragama CC Vs Baduraliya SC @ Maggona

රාගම සමාජයට ඉනිමක සහ ලකුණු 154ක ජයක්

  • Ragama– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 501() දිනෙත් තිමෝද්‍ය 77, තෙවිඳු දික්වැල්ල 214, ඩී. බණ්ඩාර 67, අවිශ්ක තරිඳු 39, සංජුල බණ්ඩාර නොදැවී 52, නිර්මල රත්නායක 4/148, රුචිර කෝෂිත 2/47
  • Baduraliya – පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (99) මලිඳු මධුරංග 80, රනේෂ් සිල්වා 132, හරින් රත්නමුදලි 2/73, ඩෙලොන් පීරිස් 3/78, සංජුල බණ්ඩාර 2/53
  • Baduraliya – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 52 (24.2) සංජුල බණ්ඩාර 3/16, ඩෙලොන් පීරිස් 5/11

Nugegoda SWC vs Police SC @ Thibirigasyaya

තරගය ලකුණු සම වීමෙන් අවසන් වුනා

  • Nugegoda – පළමු සියලුම දෙනා දැවී 246 (63.1) භාග්‍ය දිසානායක 79, අභිෂේක් ලියනාරච්චි 63, කෙවින් පෙරේරා 21, කෙවින් කොත්තිගොඩ 27, සී. ජයතිලක 2/43, අසේල් සිගේරා 2/33, කේ. කරුණාතිලක 2/64, ආර්. වෙල්ගමගේ 2/39
  • Police – පළමු ඉනිම සියලුම දෙනා දැවී 278 () දිල්හාර පොල්ගම්පොළ නොදැවී 64, අසේල් සිගේරා 84, ආර්. ගංගනාත් 20, කේ. කරුණාතිලක 44, ප්‍රවීන් ගුණතිලක 5/87
  • Nugegoda – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 199 (56.3) භාග්‍ය දිසානායක 44, අභිෂේක් ලියනාරච්චි 42, නිමේෂ් ගුණසිංහ 41, කෙවින් පෙරේරා 25, ඩී. වන්නිආරච්චි 2/67, සී. ජයතිලක 2/19, කේ. කරුණාතිලක 2/36
  • Police – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 167 (45.1) අසේල් සිගේරා 21, නදීර බාලසූරිය 20, ජී. කොටුවේගොඩ 36, ආර්. ගංගනාත් 22, නිමේෂ ගුණසිංහ 6/69, ප්‍රගීත් ගුණතිලක 4/50

Group D

ACE Capital CC Vs BRC @ Thurstan

තරගයේ විසඳුමක් නෑ

  • Ace Capital– පළමු ඉනිම සියලුම දෙනා දැවී 454 (107.4) සවන් කංකානම්ගේ 156, තනුක දාබරේ 21, පී. ඒ. ඩී. දාබරේ 39, ටී. බාස්කරන් නොදැවී 35, නිමසර අතරගල්ල 34, සවිඳු උත්සර 2/74, කවිඳු එදිරිවීර 5/87
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (84.2) කවිඳු එදිරිවීර 86, විනුර දුල්සර 99, හිරන්ත ජයසිංහ 26, සවිඳු පීරිස් 4/87, මෙතුෂ තිළිණ 4/63
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 239 (74) කවිඳු එදිරිවීර 72, හිරන්ත ජයසිංහ 23, සවින් ගුණසේකර නොදැවී 101

Kalutara TC Vs SL Army SC @ Moors

කළුතර ක්‍රීඩකයන්ට ලකුණු 77ක ජයක්

  • Kalutara– සියලුම දෙනා දැවී 206 (69) ටී. වීරසිංහ 55, කෞමල් නානායක්කාර 7/69, ෂෙහඳ සොයිසා 2/51
  • Army – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (53) පැතුම් බෝතේජු නොදැවී 56, ලක්ෂාන් ගමගේ 30, තෙමල් බණ්ඩාර 2/39, රොමේෂ් නල්ලපෙරුම 3/36, ජනිඳු ඉනුවර 3/20
  • Kalutara– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 193 (54) Amartya Kaul 30, ඉසුරු සඳමාල් 24, ටී. වීරසිංහ 38, ජනිඳු ඉනුවර නොදැවී 22, කෞමාල් නානායක්කාර 2/59, ලක්ෂාන් ගමගේ 2/19, ෂෙහඳ සොයිසා 2/39, ගිහාන් කෝරලගේ 2/16, රශ්මික සිරිවර්ධන 2/45
  • Army – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 153 (47) සමිත ඩිල්ශාන් 33, ෂෙහාන් ප්‍රනාන්දු 20, මහේෂ් කුමාර 29, ඉන්ෂක සිරිවර්ධන 6/29, කනිශ්ක මධුවන්ත 2/18

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<