Home Sinhala රාජකීය ක්‍රීඩක උවිඳුගෙන් අර්ධ ශතකයක්

රාජකීය ක්‍රීඩක උවිඳුගෙන් අර්ධ ශතකයක්

143 වැනි නිල් මහා සටන

191

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 143 වැනි නිල් මහා සටනේ දෙවැනි දිනය අද (22) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දිනයේ නිමාව සටහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භ වන විට සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබාගෙන සිටි අතර දිනයේ පළමු සැසිය තුල සාන්ත තෝමස් කඩුලු 4ක් ලකුණු 35ක් තුල දවා ගැනීමට රාජකීය පන්දු යවන්නන් සමත් වුනා. පන්දු යැවීමේ දී රාජකීය නායක ගිශාන් ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත්තා.

නිල් මහා සංග්‍රාමයට ක්‍රීඩා කරන කණ්ඩායම්:

  • රාජකීය විද්‍යාලය – සන්විඳු සෙනරත්ආරච්චි, සිනෙත් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ, උවිඳු වීරසේකර, දසිස් මංචනායක, රමිරු පෙරේරා, නෙතින් පනාපිටිය (කඩුලු රකින්නා), සදේශ් රාමනායක, බුලාන් වීරතුංග, ගිශාන් බාලසූරිය (නායක), ඩෑන් පොඩ්ඩිවෙල.
  • සාන්ත තෝමස් විද්‍යාලය – සේනාධි බුලන්කුලම, ජනිඳු අබේගුණවර්ධන, දිනෙත් ගුණවර්ධන, රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, මුයිස් නවුශාන්, මහිත් පෙරේරා, චාරුක පීරිස්, කැනිස්ටන් ගුණරත්නම්, අකාෂ් ප්‍රනාන්දු, කවිඳු ඩයස්.

රාජකීය ක්‍රීඩකයින්ගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලබා ගත් ලකුණු 242ට පිළිතුරු දීම ආරම්භ කළ රාජකීයයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 3කට සීමා කිරීමට දකුණතින් වේගපන්දු යවන 16 හැවිරිදි කවිඳු සමත් වුනා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක සදීෂගේ කඩුල්ල ද ලකුණු 5කට දවා ගත් කවිඳු රාජකීය මුල්පෙළ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.

ලකුණු 16කට කඩුලු 2ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ උවිඳු සහ සිනෙත් පන්දු 50ක් තුල වේගවත් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් රාජකීයයන්ගේ දෙසට නතු වෙමින් තිබුණු පීඩනය පෙරලා සිය ප්‍රතිවාදීන් වෙත යොමු කළා.

4 පහර 6ක් සමඟින් පන්දු 38ක දී ලකුණු 32ක් ලබා ගත් සිනෙත්ව දවා ගැනීමට ජනිඳු සමත් වීමත් සමඟම රාජකීයයන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් දුරට අඩාල කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින් හට හැකි වුනා.

ඉන් අනතුරුව දසිස් සහ උවිඳු එක්ව ලකුණු 32ක සබඳතාවයක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කරමින් රාජකීය පළමු ඉනිම ස්ථාවර කිරීමට සහය වුනා. අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දමන විට රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියේ සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 106ක් පසුපසින් සිටිමින්.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින උවිඳු සිය මංගල මහා තරගයේ දී ම අර්ධ ශතකයක් වාර්තා කරගෙන අගනා ඉනිමක් දියත් කරමින් සිටින්නේ ලකුණු 62*ක් ලබා ගෙනයි. රමිරු නොදැවී ලකුණු 9*යි.

Result

Match drawn

Royal College
219/8 (70.4)

S. Thomas’ College
242/10 (106.2) & 142/6 (64)

Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama lbw b Dasis Manchanayake 18 85 1 0 21.18
Janidu Abegoonawardena c & b Ramiru Perera 28 93 2 0 30.11
Dineth Gunawardena run out (Sadisha Rajapaksha) 12 25 1 0 48.00
RAYAN FERNANDO c Dasis Manchanayake b Gishan Balasuriya 18 31 1 0 58.06
MUIZZ NAUSHAN b Gishan Balasuriya 1 7 0 0 14.29
Senesh Hettiarachchi c & b Ramiru Perera 55 118 7 0 46.61
Charuka Peiris lbw b Sandesh Ramanayaka 51 151 5 0 33.77
Mahith Perera c Dasis Manchanayake b Gishan Balasuriya 33 83 2 0 39.76
Gunaratnam Caniston b Bulan Weerathunga 3 15 0 0 20.00
Akash Fernando c Sadisha Rajapaksha b Sandesh Ramanayaka 6 22 0 0 27.27
Kavindu Dais not out 0 8 0 0 0.00


Extras 17 (b 7 , lb 6 , nb 0, w 4, pen 0)
Total 242/10 (106.2 Overs, RR: 2.28)
Bowling O M R W Econ
Dan Poddiwela 14 3 36 0 2.57
Sandesh Ramanayaka 12 6 16 2 1.33
Gishan Balasuriya 31.2 11 56 3 1.79
Bulan Weerathunga 12 1 29 1 2.42
Sadisha Rajapaksha 21 4 34 0 1.62
Ramiru Perera 9 1 36 2 4.00
Dasis Manchanayake 7 0 22 1 3.14
Batsmen R B 4s 6s SR
Sanvidu Senartharachchi lbw b Kavindu Dais 1 8 0 0 12.50
Sineth Jayawardena c MUIZZ NAUSHAN b Janidu Abegoonawardena 32 38 6 0 84.21
Sadisha Rajapaksha c Senesh Hettiarachchi b Kavindu Dais 5 12 1 0 41.67
Uvindu Weerasekara c RAYAN FERNANDO b Kavindu Dais 66 109 9 0 60.55
Dasis Manchanayake lbw b Gunaratnam Caniston 17 31 1 0 54.84
Ramiru Perera b Akash Fernando 34 114 3 0 29.82
Nethil Panapitiya c Mahith Perera b Gunaratnam Caniston 27 73 0 0 36.99
Sandesh Ramanayaka c Charuka Peiris b Kavindu Dais 21 34 3 0 61.76
Gishan Balasuriya not out 1 7 0 0 14.29


Extras 15 (b 1 , lb 5 , nb 2, w 2, pen 5)
Total 219/8 (70.4 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Gunaratnam Caniston 23 1 67 2 2.91
Kavindu Dais 17.4 2 65 4 3.74
Akash Fernando 9 1 33 1 3.67
Janidu Abegoonawardena 4 0 6 1 1.50
Charuka Peiris 6 0 22 0 3.67
RAYAN FERNANDO 11 5 15 0 1.36


Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama c Sineth Jayawardena b Dan Poddiwela 2 10 0 0 20.00
Janidu Abegoonawardena c Uvindu Weerasekara b Gishan Balasuriya 7 38 1 0 18.42
Dineth Gunawardena b Gishan Balasuriya 1 43 0 0 2.33
RAYAN FERNANDO c Sadisha Rajapaksha b Gishan Balasuriya 74 117 10 0 63.25
MUIZZ NAUSHAN lbw b Sadisha Rajapaksha 11 71 0 0 15.49
Senesh Hettiarachchi c Sandesh Ramanayaka b Sadisha Rajapaksha 26 65 2 0 40.00
Mahith Perera not out 8 23 1 0 34.78
Gunaratnam Caniston not out 11 17 1 0 64.71


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 142/6 (64 Overs, RR: 2.22)
Bowling O M R W Econ
Dan Poddiwela 4 2 3 1 0.75
Sandesh Ramanayaka 3 3 0 0 0.00
Bulan Weerathunga 4 1 17 0 4.25
Sadisha Rajapaksha 18 7 30 2 1.67
Gishan Balasuriya 20 5 56 3 2.80
Ramiru Perera 13 2 32 0 2.46
Dasis Manchanayake 2 1 3 0 1.50



වර්ෂාවෙන් සහ අයහපත් ආලෝක තත්වය නිසාවෙන් අද දිනය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පන්දුවාර 95න් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 47ක් පමණයි.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (23) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<