ජයග්‍රහණය ජෝන් කීල්ස් හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම්වලට

1487
John Keels and LB finance

24 වන වතාවටත් සිංගර් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ වටය පසුගිය දා ආරම්භ විය. අද (31) මෙම තරගාවලියේ තවත් තරඟ දෙකක් පැවැත්වූ අතර මෙම තරඟ වලින් එල්. බී. ෆිනෑන්ස් ආයතන කණ්ඩායම හා  ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන ලදි.

පසුගිය ලිපි: මොබිටෙල් හා එල්. බී. ෆිනෑන්ස් ජයගනී

මොබිටෙල් A කණ්ඩායම හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් B කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය කොළඹ එන්. සී. සී. පිටියේදී පැවැත්වූ අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගයේ දී ලහිරු ජයකොඩි මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 57ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

මොබිටෙල් A කණ්ඩායම – 208-10 (44.4) ලහිරු ජයකොඩි 57, ගෙශාන් විමලධර්ම 52, රංග රාජපක්ෂ 22, සමිත් ප්‍රනාන්දු 3/29, සසිදු පෙරේරා 2/21

අනතුරුව ලකුණු 209ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම එම ඉලක්කය පහසුවෙන් සපුරා ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ ලකුණු පුවරුව සවිමත් කිරීමට විශිෂ්ට පිතිකරණයක නිරත වුනු සමිත් ප්‍රනාන්දු සමත් විය. ඔහු 4 පහරවල් 2ක් හා 6 පහරවල් 7ක් සමඟ දර්ශණීය ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය.

ජොන් කීල්ස්  B කණ්ඩායම – 210-8 (43.4) සමිත් ප්‍රනාන්දු 72, සාලින්ද උශාන් 42, ජනුදික ශ්‍රියාපාල 20, මොහොමඩ් ශිරාස් 2/44, මොහොමඩ් ඩිල්ශාඩ් 1/39

අවසානයේ ජොන් කීල්ස් B කණ්ඩායම තරඟය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.


එල්. බී. ෆිනෑන්ස් A කණ්ඩායම හා හේලිස් A කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් හේලිස් ආයතන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

අනතුරුව පිටියට පැමිණි එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට ලකුණු 300ක සීමාව පසුකර යාමට අර්ධ ශතක 2ක් දායක විණි. එහිදී ශසීන් ප්‍රනාන්දු 4 පහරවල් 11ක්  සමඟ අනර්ඝ ඉණිමක් දියත් කරමින් ලකුණු 88ක් ලබාගන්නා ලදි. ඔහුට සහය වූ ලක්ෂාන් රොද්‍රිගෝ 4 පහරවල් 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 59ක් ලබාගන්නා ලදි.

එල්.බී ෆිනෑන්ස් A කණ්ඩායම -301 -6 (50) ශසීන් ප්‍රනාන්දු 88, ලක්ෂාන් රොද්‍රිගෝ 59, එස්. ආරච්චිගේ 43, ඉයන් ඩැනියල්ස් 43, ඩී. හෙට්ටිආරච්චි 3/57, දමිත් රත්නායක 1/27

ලකුණු 302ක දැවැන්ත හා අභියෝගාත්මක ලකුණක් හඹායාමට පිටියට පැමිණි හේලිස් ආයතන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු යැවු අතර හේලිස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දිනුක ජයරත්න 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 24ක් ලබාගන්නා ලදි. නමුත් එම ඉණිම ඔවුන්ගේ ජයග්‍රහණය ලබාගැනීමට තරම් ප්‍රමාණවත් විය.

හේලිස් ආයතන A කණ්ඩායම – 124-10 (35.2) දිනුක ජයරත්න 24, නිමාශ  ගුරුසිංහ 21, එම්.සොයිසා 19, ටී.වීරකෝන් 3/14, ශිරාන් ප්‍රනාන්දු 2/13

එල්.බී ෆිනෑන්ස් A කණ්ඩායම ලකුණු 177 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

මෙම තරගයේ තවත් තරඟ 4ක් ලබන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

  • පෑන් ඒශියා බැංකු A කණ්ඩායම හා සෙලාන් බැංකු කණ්ඩායම අතර තරඟය කටුනායක නිදහස් වෙළෙඳ ක්‍රීඩා පිටියේදී ද,
  • කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා කොමර්ෂල් බැංකු A කණ්ඩායම අතර තරඟය එම්. සී. ඒ පිටියේදී ද,
  • මාස් හෝල්ඩින්ග්ස් A කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් A කණ්ඩායම අතර තරඟය සරේ පිටියේදී ද,
  • සිංගර් A කණ්ඩායම හා ජෝන් කීල්ස් B කණ්ඩායම අතර තරඟය මත්තේගොඩ හමුදා පිටියේදී ද, පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට