Home Sinhala දිමුත් වේගවත්ම ශතකයට යද්දී මදුෂ්ක – මෙන්ඩිස් ශතක සබඳතාවයකට

දිමුත් වේගවත්ම ශතකයට යද්දී මදුෂ්ක – මෙන්ඩිස් ශතක සබඳතාවයකට

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3664
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

නිශාන් මදුෂ්ක (ලකුණු 149*) සහ කුසල් මෙන්ඩිස් (89*) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 129* සබඳතාවයට තාවකාලික විරාමයක් හිමිකරදෙමින් ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නියමිත වේලාවට පෙර අද (26) ගාල්ලේ දී අවසන් වුනේ අයහපත් කාලගුණික තත්වය නිසයි.

දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 357ක් ලබාගෙන සිටින්නේ, අයර්ලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් සිටිමින්.

තුන්වන දිනය අරඹන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 81ක් රැස්කරගැනීමට සමත්ව සිටි අතර නිශාන් මදුශ්ක (41) සහ නායක දිමුත් කරුණාරත්න (39*) නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් වේගවත්ම ටෙස්ට් ශතකය පන්දු 116ක් තුල සපුරාගැනීමට අද සමත් වුනා. එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වුනු නිශාන් සහ දිමුත් පන්දුවාරයකට ලකුණු 4ක දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දීම කැපී පෙනුනා. කෙසේ නමුත් දිවා ආහාරයකට මොහොතකට පෙර 4 පගර 15ක් සමඟ ලකුණු 115ක් ලබාගෙන සිටි දිමුත් අවාසනාවන්ත ලෙස දැවී ගියේ දිගු ඉනිමකට යන්නට තිබුණු අවස්තාවක් අහිමිකරගනිමිනි.

කෙසේ නමුත් දිමුත් සහ මදුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 218 ද්විත්ව ශතක සබඳතාවය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තුල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ඉහලම සබඳතාවයේ වාර්තාව ඔවුන්ගේ නමට ඉදිරියෙන් සටහන් කර ගත්තේ, මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය ගොඩනංවා තිබූ ලකුණු 193 වාර්තාව බිඳ දමමින්.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය සඳහා තවමත් කෝඩුකාර නිශාන් මදුෂ්ක ඉතාමත් පරිනත සහ ඉවසීමන් යුක්ත ටෙස්ට් ඉනිමක් දියත් කරමින් ශ්‍රීලංකා මුල් පෙළ ස්ථාවර කිරීමේ වැඩි වගකීම ඉටු කළා. සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් මදුෂ්ක ශතකය ලබාගැනීමෙන් පසුව දවාගැනීමට තිබුණු අවස්ථාවන් කිහිපයක් අයර්ලන්තය අතින් මඟ හැරී යාම ඔවුන්ට විශාල පාඩුවක් වුනා.

කෙසේ නමුත් තරගයේ තෙවැනි දිනයේ අවසන් තරග කාල සැසිය තුල නියමිත පන්දුවාර ප්‍රමාණය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට වරම් නොලැබී ගියේ තරගයට අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් බාධා එල්ල වුනු නිසයි. ඒ අනුව ඊයේ (25) දිනය තුල පන්දුවාර 15ක් සහ අද දිනය තුල පන්දුවාර 32ක් සමඟින් ශ්‍රී ලංකාවට පන්දුවාර 47ක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම විශාල අවාසියක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ ක්‍රීඩා කරන අකාරය සහ රිද්මයට අනුව ලකුණු 40-50ක පමණ ඉදිරියක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවා අයර්ලන්තයට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට අවස්තාව ලබාදීමට වැඩි ඉඩක් තිබෙනවා.

Result


Sri Lanka
704/3 (151)

Ireland
492/10 (145.3) & 202/10 (77.3)

Batsmen R B 4s 6s SR
James McCollum c Sadeera Samarawickrama b Prabath Jayasuriya 10 28 2 0 35.71
Peter Moor lbw b Asitha Fernando  5 7 1 0 71.43
Andy Balbirnie c Dhananjaya de Silva b Ramesh Mendis 95 163 14 0 58.28
Harry Tector c Dinesh Chandimal b Prabath Jayasuriya 18 44 3 0 40.91
Paul Stirling c Dhananjaya de Silva b Asitha Fernando  103 181 9 4 56.91
Lorcan Tucker b Vishwa Fernando 80 106 10 0 75.47
Curtis Campher c Dhananjaya de Silva b Prabath Jayasuriya 111 229 15 2 48.47
Andy McBrine c & b 35 59 3 1 59.32
Graham Hume lbw b Prabath Jayasuriya 6 23 1 0 26.09
Matthew Humphreys c & b 7 23 0 0 30.43
Ben White not out 0 11 0 0 0.00


Extras 22 (b 9 , lb 11 , nb 1, w 1, pen 0)
Total 492/10 (145.3 Overs, RR: 3.38)
Bowling O M R W Econ
Vishwa Fernando 24 1 92 2 3.83
Asitha Fernando  22 4 78 2 3.55
Prabath Jayasuriya 58.3 13 174 5 2.98
Ramesh Mendis 27 4 108 1 4.00
Dhananjaya de Silva 14 5 20 0 1.43
Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Andy McBrine 205 339 22 1 60.47
Dimuth Karunaratne c Matthew Humphreys b Curtis Campher 115 133 15 0 86.47
Kusal Mendis c Matthew Humphreys b Graham Hume 245 291 18 11 84.19
Angelo Mathews not out 100 114 6 4 87.72
Dinesh Chandimal not out 13 14 2 0 92.86
Dhananjaya de Silva not out 12 17 2 0 70.59


Extras 14 (b 2 , lb 8 , nb 2, w 2, pen 0)
Total 704/3 (151 Overs, RR: 4.66)
Bowling O M R W Econ
Graham Hume 22 3 87 1 3.95
Andy McBrine 57 8 191 1 3.35
Curtis Campher 20 1 101 1 5.05
Matthew Humphreys 10 0 67 0 6.70
Ben White 34 1 203 0 5.97
Harry Tector 8 0 45 0 5.62


Batsmen R B 4s 6s SR
James McCollum b Ramesh Mendis 10 16 2 0 62.50
Peter Moor c Angelo Mathews b Prabath Jayasuriya 19 39 1 2 48.72
Andy Balbirnie c Angelo Mathews b Ramesh Mendis 46 101 5 0 45.54
Harry Tector b Asitha Fernando  85 189 8 3 44.97
Paul Stirling c Kusal Mendis b Prabath Jayasuriya 1 5 0 0 20.00
Lorcan Tucker b Asitha Fernando  13 23 2 0 56.52
Curtis Campher c Kusal Mendis b Ramesh Mendis 12 33 2 0 36.36
Andy McBrine c Dhananjaya de Silva b Ramesh Mendis 10 19 2 0 52.63
Graham Hume c Sadeera Samarawickrama b Ramesh Mendis 0 8 0 0 0.00
Matthew Humphreys not out 4 31 1 0 12.90
Ben White b Asitha Fernando  0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total 202/10 (77.3 Overs, RR: 2.61)
Bowling O M R W Econ
Vishwa Fernando 6 1 15 0 2.50
Prabath Jayasuriya 32 9 88 2 2.75
Ramesh Mendis 27 6 64 5 2.37
Asitha Fernando  11.3 3 30 3 2.65
Dhananjaya de Silva 1 0 3 0 3.00



 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<