Home Sinhala ශ්‍රී ලංකාව වසර 42ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

ශ්‍රී ලංකාව වසර 42ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3545

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එය වසර 42ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය (ඉනිම් සහ ලකුණු සලකා බැලූ විට) ලෙස වාර්තා පොත් අලුත් කළා.

>>Photos – Ireland tour of Sri Lanka 2023 | 1st Test – Day 03<<

දිනය ආරම්භ වන විට අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටි අතර ඔවුන්ගේ අවසන් කඩුලු 3 දෙවැනි දිනයේ පළමු පන්දු 45 තුල දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Lorcan Tucker ලකුණු 45කට දවා ගැනීමට ජයසූරිය සමත් වුනා.

අවසානයේ දී අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සියල්ලන්ම දැවී ගිය අතර එහි දී අයර්ලන්ත පිතිකරුවන් අන්දමන්ද කළ ජයසූරිය ලකුණු 52කට කඩුලු 7ක් දවා ගනිමින් ඉනිමක් තුල සිය හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළ අතර එය ගාල්ල තණතීරුවේ ක්‍රීඩකයෙක් ඉනිමක් තුල දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීමේ දස්කම බවට පත් වුනා.

අයර්ලන්තයට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සිය දෙවැනි ඉනිම තුල ලකුණු 448ක ලකුණක් ලබාගැනීමට ඉතිරිව තිබුණා. කෙසේ නමුත් පළමු ඉනිම තුල දී ද සාර්ථක වීමට නොහැකි වුනු Murray Commins නැවත වරක් ලකුණු නොලබා සිටිය දී ම පිටියෙන් ඉවත් කිරීමට වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් වුනා.

එතැනින් නොනැවතුණු විශ්ව පළමු ඉනිමේ දී මෙන් අයර්ලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුලු 2ම එකම පන්දුවාරයක් තුල දවා ගනිමින් නැවත වරක් අයර්ලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කළේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය ඉක්මනින්ම ලබා දෙමින්.

තෙවැනි දිනයේ පළමු තරග සැසිය තුල ක්‍රියාත්මක වුනු පන්දුවාර 23කුත් පන්දු 3 තුල ලකුණු 67කට කඩුලු 8ක් බිඳ වැටුණු අතර  එම සියලුම කඩුලු දවා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින්.

ඒ අනුව දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට අයර්ලන්තය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 41ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

දිවා ආහාරයයේ විවේකයෙන් අනතුරුව වුවත් ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ අවිවේකීව සිටි අයර්ලන්ත ලකුණු සටහනේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 129ක් තුල ලකුණු 60ක වටිනා සබඳතාවයක් එක් කිරීමට Harry Tector සහ Curtis Campher සමත් වුනා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 30ක් ලබාගෙන සිටි Campherගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනේ forward short leg කලාපයේ සිටි නිශාන් මදුෂ්ක රැක ගත් දක්ෂ උඩ පන්දුවේ ද සහය ඇතිවයි. මදුෂ්ක මේ තරගය තුල එවැනි ආකාරයේ දක්ෂ උඩපන්දු 3ක් රැකගැනීම කැපී පෙනුණා.

පළමු ඉනිම තුල ලකුණු 32ක් ලබා ගත් Tector දෙවැනි ඉනිම තුල ලකුණු 42ක් ලබාගෙන සිටිය දී නොතිබුණු ලකුණක් ලබා ගැනීම වෙනුවෙන් උත්සහ කිරීම නිසා දුවද්දී දවා ගැනීමකට හසුකර ගන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබීමත් සමඟම තවදුරටත් තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වුනා.

George Dockrell සහ Mark Adair අයර්ලන්ත පසුපෙළ පිතිකරුවන් සමඟ එක්ව අයර්ලන්ත පරාජයේ අවමානය හැකි උපරිම මට්ටමකින් අවම කරගැනීමට උත්සහ කළ අතර Dockrell 4 පහර 6ක් සමඟ ලකුණු 32ක් ලබාගෙන ලකුණු අතරට පිවිසියා.

අවසානයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කළ ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමිකරගත්තේ කෝඩුකාර අයර්ලන්තයට අමතක නොවන පරාජයක් උරුම කරදෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය මේ තරගය පුරාවට කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. දෙවැනි ඉනිම තුල කඩුලු 4ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 50 (ක්‍රීඩා කළ තරග ප්‍රමාණය අනුව) වාර්තාවට හිමිකම් කියූ දිල්රුවන් පෙරේරාව (තරග 11) සම කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

Result


Sri Lanka
591/6 (131)

Ireland
143/10 (52.3) & 168/10 (54.1)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Lorcan Tucker b Curtis Campher 29 48 4 0 60.42
Dimuth Karunaratne c Lorcan Tucker b Mark Adair 179 235 15 0 76.17
Kusal Mendis lbw b George Dockrell 140 193 18 1 72.54
Angelo Mathews c Lorcan Tucker b Ben White 0 3 0 0 0.00
Dinesh Chandimal not out 102 155 12 0 65.81
Prabath Jayasuriya lbw b Curtis Campher 16 23 3 0 69.57
Dhananjaya de Silva lbw b Andy McBrine 12 16 3 0 75.00
Sadeera Samarawickrama not out 104 114 11 0 91.23


Extras 9 (b 4 , lb 3 , nb 1, w 1, pen 0)
Total 591/6 (131 Overs, RR: 4.51)
Bowling O M R W Econ
Mark Adair 24.3 3 95 1 3.91
Curtis Campher 21 2 84 2 4.00
Andy McBrine 40 2 162 1 4.05
Ben White 22 0 119 1 5.41
George Dockrell 21.3 0 112 1 5.26
Harry Tector 2 0 12 0 6.00
Batsmen R B 4s 6s SR
James McCollum b Prabath Jayasuriya 35 85 5 0 41.18
Murray Commins b Vishwa Fernando 0 1 0 0 0.00
Andy Balbirnie c Nishan Madushka b Vishwa Fernando 4 4 1 0 100.00
Harry Tector c Dhananjaya de Silva b Prabath Jayasuriya 34 59 0 1 57.63
Curtis Campher c Ramesh Mendis b Prabath Jayasuriya 0 2 0 0 0.00
Peter Moor c Sadeera Samarawickrama b Prabath Jayasuriya 14 29 2 0 48.28
Lorcan Tucker lbw b Prabath Jayasuriya 45 73 7 0 61.64
George Dockrell lbw b Prabath Jayasuriya 2 24 0 0 8.33
Andy McBrine lbw b Ramesh Mendis 7 35 1 0 20.00
Mark Adair st Sadeera Samarawickrama b Prabath Jayasuriya 0 2 0 0 0.00
Ben White not out 0 3 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 2, w 0, pen 0)
Total 143/10 (52.3 Overs, RR: 2.72)
Bowling O M R W Econ
Asitha Fernando  5 2 9 0 1.80
Vishwa Fernando 9 2 38 2 4.22
Prabath Jayasuriya 23 10 52 7 2.26
Ramesh Mendis 14.3 3 40 1 2.80
Dhananjaya de Silva 1 0 4 0 4.00


Batsmen R B 4s 6s SR
James McCollum c Dhananjaya de Silva b Prabath Jayasuriya 8 28 0 0 28.57
Murray Commins c Ramesh Mendis b Vishwa Fernando 0 3 0 0 0.00
Andy Balbirnie c Dhananjaya de Silva b Vishwa Fernando 6 16 1 0 37.50
Harry Tector run out (Sadeera Samarawickrama) 42 95 4 0 44.21
Lorcan Tucker lbw b Prabath Jayasuriya 6 10 1 0 60.00
Peter Moor c Nishan Madushka b Ramesh Mendis 0 5 0 0 0.00
Curtis Campher c Nishan Madushka b Ramesh Mendis 30 73 5 0 41.10
George Dockrell lbw b Ramesh Mendis 32 54 6 0 59.26
Andy McBrine c Kusal Mendis b Ramesh Mendis 10 11 2 0 90.91
Mark Adair not out 23 29 3 0 79.31
Ben White lbw b Prabath Jayasuriya 1 2 0 0 50.00


Extras 10 (b 5 , lb 3 , nb 1, w 1, pen 0)
Total 168/10 (54.1 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Prabath Jayasuriya 24.1 6 56 3 2.32
Vishwa Fernando 4 2 3 2 0.75
Ramesh Mendis 20 1 76 4 3.80
Asitha Fernando  3 0 15 0 5.00
Dhananjaya de Silva 3 0 10 0 3.33



දෙරට අතර සංවිධානය කරන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මේ තරගය පැවැත්වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සහ දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<