B කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මැසිනෝදිය අවසන් මහා තරඟයට

341

14 වන වරට පැවැත්වූ හෙන්රි සේනාරත්න අනුස්මරණ වොලිබෝල් තරඟාවලියේ පළමු දින තරඟ වලදී, B කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්නට පසුගිය වසරේ ශූරයන් වූ කඳාන ද මැසිනොද් විද්‍යාලය සමත් වූයේ කොළඹ නාලන්දා විද්‍යාලය තුන්වන ස්ථානය සඳහා තරඟයට,එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගනිමින් සුදුසුකම් ලබද්දීය.

පසුගිය ලිපි: යුධ, ගුවන්, නාවිකයින් පිරිවරා විදුලි බල මණ්ඩලය ඉදිරියටම

නොවැම්බර් 6 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ B කාණ්ඩයේ තරඟ, වර්ෂාව නිසා ඊයේ (12) දිනය දක්වා කල් ගිය අතර තරග සියල්ල කඳාන ද මැසිනොද් විද්‍යාලීය වොලිබෝල් ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.

අද දිනයේ තීරණාත්මකම තරඟය ලෙස පැවැත්වූයේ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීම සඳහා, තම පෙර තරඟ සියල්ලම ජයගෙන සම තත්වයේ ලකුණු ලබාගෙන සිටි නාලන්දා විද්‍යාලය හා මැසිනෝදිය අතර පැවති තරඟයයි.

නායක ඩිලක්ශන දේශාන් හා උස පන්දු ප්‍රහාරකයන් වූ තරිඳු මදුශංක හා මලිත් සාලින්ද යන ක්‍රීඩකයන්ගේ ප්‍රභල ප්‍රහාරයන් නිසා කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟය තම අණසකට යටත් කර ගැනීමට සත්කාරක මැසිනෝදිය සමත් විය.

තරඟ වට 5කින් යුතු තරඟය 3/0 ලෙස විශිෂ්ඨ ලෙස ජය ගැනීමට මැසිනෝදිය සමත් වූයේ උක්ත හේතුව නිසාමය. කොළඹ නාලන්දාව ආරම්භක තරඟ වටයේදී යම්කිසි තරඟකාරි ස්වභාවයක් පෙන්නුම් කලද පිළිවලින් තරඟ වට 25-19, 25-14, 25-18 ලෙස විශිෂඨ අකාරයට ජය ගැනීමට මැසිනෝදිය සමත් විය.

ඊයේ උදෑසන පැවති තරඟ වලදී කඳාන ද මැසිනොද් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විදුහල හා ගනේමුල්ල ජයකොඩි විදුහල හමුවේ ලකුණු 25-12, 25-09 හා 25-06, 25-04 ලෙස ජයග්‍රහණ වාර්තා කරන ලදී.

උදෑසන තරඟ වලදී නාලන්දා විද්‍යාලය ජයකොඩි ම.වි. හමුවේ 16-25 ලෙස පළමු තරඟ වටය පරාජයට පත් වුවද, ඉන් පසු පැවති තරඟ වට දෙක 25-23 හා 25-19 ලෙස තම සුපුරුදු තරඟ රටාව පෙන්නුම් කරමින් ජයග්‍රහණය වාර්තා කරන ලදී.

තරමක තියුණු තරඟයක් නලන්දාව හා වත්තල අන්තෝනි විද්‍යාලය අතරද පැවතුනද 25-18 හා 25-22 ලෙස එම තරඟය තම පාලනයේ තබා ගැනීමට කොළඹ නාලන්ද විදුහල සමත් විය.

තම පෙර තරඟ පරාජයට පත් වීම නිසා ගනේමුල්ල ජයකොඩි ම.වි. හා වත්තල සාන්ත අනිතෝනි විදුහල් එම පාසල් දෙක අතර තරඟය මඟහැර් ගියහ. එසේම තවද කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජසිංහ විද්‍යාලය තරඟාවලියට සහභාගී නොවිනි.

තවද වර්ෂාව හේතු කොටගෙන කල් ගිය A කාණ්ඩයේ තරඟ නොවැම්බර් මස 15 වන දින පැවත්වීමට නියමිත අතර නිසැකවම ආකර්ෂනීය දිනයක් වනු ඇත්තේ බස්නාහිර පළාත් ශූරයන් වන මීගමුව මාරිස්ටෙලා විදුහල මෙන්ම පසුහිය වසර මෙම තරඟාවලියේ අනුශූරයන් වූ හංවැල්ල රාජසිංහ ම.ම.වි. හා කොළඹ රාජකීය විද්‍යාලය එම කණ්ඩයෙන් එදිනට තරඟ වදීමට නියමිත බැවිනි.

එම කාණ්ඩයේ පෙරමුණට පත් වන කණ්ඩායම ජනවාරි මාසයේදී පැවැත්වෙන අවසන් මහා තරඟයේදී කඳාන ද මැසිනොදි විද්‍යාලය හා තරඟ වදීමට නියමිතය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට