SKY – Green මෙහෙයුම Arshdeep වනසයි

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

145

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (22) රාත්‍රියේ දී අවසන් වුනා.

Mumbai Indians සහ Punjab Kings අතර පැවති එම තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් ලබා ගත් Punjab කණ්ඩායම තරග 3ක් නොකඩවා ජයගෙන Mumbai කණ්ඩායම පැමිණි ජයග්‍රාහී රිද්මය බිඳ දැමුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ Mumbai කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර එහි දී Punjab කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 214ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු වැඩ බලන නායක Sam Curran පන්දු 29ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 55ක් ලබා ගත් අතර Harpreet Singh පන්දු 28ක් තුල ලකුණු 41ක් ලබා ගත්තා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව පන්දුවාර 9කුත් පන්දු 4ක් අවසානයේ 83/4ක් ලෙස සටහන් වුනු Punjab ලකුණු සටහන වේගයෙන් වර්ධනය කරමින් 5 වැනි කඩුල්ලට පන්දු 50ක් තුල ලකුණු 92ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූවා.

එය තරගයේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනු අතර Singhගේ කඩුල්ල දැවී ගිය පසුව පිටියට පැමිණි කඩුලු රකින පිතිකරු Jitesh Sharma පන්දු 7ක් තුල 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 25ක් ලබා ගත්තේ Mumbai වෙත බලාපොරොත්තු නොවුණු ලකුණු මට්ටමක් හඹා යාමට අවස්ථාව සලසා දෙමිනි. පන්දු යැවීමේ දී  Piyush Chawla සහ Cameron Green කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු Mumbai ආරම්භක පිතිකරුවන් වුනු නායක Rohit Sharma සහ Ishan Kishanගේ සබඳතාවය පන්දු 7ක් තුල ලකුණු 8කට සීමා කරන්නට Arshdeep සමත් වුනා.

අනතුරුව දෙවැනි සහ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 76ක (පන්දු 50) සහ ලකුණු 75 (පන්දු 36) Cameron Green – Rohit Sharma සහ Cameron Green – Suryakumar Yadav සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 17කුත් පන්දු 4ක් අවසන් වන විට Mumbai කණ්ඩායම කඩුලු 4 දැවී ලකුණු 182ක් ලබාගෙන සිටි අතර ඒ වන විට ඔවුන්ට සිය ජයග්‍රහණය සඳහා පන්දු 14ක් තුල ලකුණු 33ක් අවශ්‍යව තිබුණා.

කෙසේ නමුත් Sam Curran ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු යවන තුරුම්පුව වන Arshdeep Singh හට අවසන් පන්දුවාර 4න් පන්දුවාර 2ක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීම නිසා Mumbai ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්ව ගියා.

එහි දී Arshdeep අවසන් පන්දුවාරය තුල නොකඩවා පන්දු 2ක් තුල කඩුලු 2ක් (අවස්ථාවන් දෙකේ දී ම මැද ඉන්න කඩා බිඳ දමමින්) දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. අවසානයේ දී Mumbai කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 201ක් පමණයි.

Cameron Green පන්දු 43ක් තුල ලකුණු 67ක් ලබා ගන්නා විට, Suryakumar Yadav පන්දු 26ක් තුල ලකුණු 57ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු 27ක් තුල ලකුණු 44ක් ලබා ගත් Rohit Sharma IPL ඉතිහාසය තුල 6 පහර 250ක් පසු කළ තෙවැනි (පළමුවැන්නා – ක්‍රිස් ගේල්, දෙවැන්නා – ඒ. බී. ඩිවිලියර්ස්) සහ පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට යාම සුවිශේෂී වුනා.

  • Punjab Kings – 214/8 (20): Sam Curran 55, Harpreet Singh 41, Atharva Taide 29, Prabhsimran Singh 26, Jitesh Sharma 25, Piyush Chawla 2/15, Cameron Green 2/41
  • Mumbai Indians – 201/6 (20): Cameron Green 67, Suryakumar Yadav 57, Rohit Sharma 44, Tim David 25*, Arshdeep Singh 4/29

තරගයේ වීරයා – Arshdeep Singh (Punjab Kings)

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<