ගුවන් මෙහෙයුම අසාර්ථකයි; මහනුවර තවමත් අපරාජිතයි

621

2017/18 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ මහනුවර නිත්තවෙල දී ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත් එකිනෙකා මුණ ගැසුණු අතර එහි දී ලකුණු 55-11ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (25) මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පොලිස් අභියෝගයට නාවිකයෝත් අභියෝග කරති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වන සති අන්තය හමාර කරමින් අද (25) නාවික හමුදා ක්‍රීඩා…

තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් දිමිත්‍රි විජේතුංග 5 වැනි මිනිත්තුවේ දී ම මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය (මහනුවර 05-00 ගුවන් හමුදා).

තරගයේ 21 වන මිනිත්තුවේ දී ෆ්ලැන්කර් ක්‍රීඩක තරිඳු චතුරංග විසින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. එහි දී කණ්ඩායමේ ක්‍රීඩකයන් මනාව හුවමාරු කර ගත් පන්දුව ප්‍රතිවාදී උත්සාහක දිනුම් රේඛාව කරා රැගෙන යාමට තරිඳු චතුරංග සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නයිජල් රත්වත්තේ සමත් විය (මහනුවර 12-00 ගුවන් හමුදා).

ගුවන් හමුදාවට කිසිවිටක සාර්ථක වීමට ඉඩ නොදුන් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 31 වන මිනිත්තුවේ දී ද තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. වින්ග් ක්‍රීඩක රිචඩ් ධර්මපාල අතින් වාර්තා වූ එම උත්සාහක දිනුම හේතුවෙන් ලකුණු අතර පරතරය තවත් ඉහළ නැංවිය. එහි ප්‍රවර්තනය නයිජල් රත්වත්තේ අතින් ගිලිහී ගියේය (මහනුවර17-00 ගුවන් හමුදාව).

ගුවන් හමුදාව ලකුණු ලබා ගැනීම අරම්භ කළේ දඬුවම් පහරක් මගිනි. එම දඬුවම් පහර සාර්ථක ගන්නා ලද්දේ ගයන්ත ඉද්දමල්ගොඩ විසිනි (මහනුවර 17-03 ගුවන් හමුදාව).

රග්බි ක්‍රීඩා සමාජ අතර ප්‍රබලතම ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ ද නායකයාව සිටි ෆසිල් මරීජා මහනුවර කන්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. ප්‍රතිවාදී ආරක්ෂක සේනාව මනාව මගහරිමින් මහනුවර ක්‍රීඩකයින්ගේ විශිෂ්ට පන්දු හුවමාරුව නිසා එම උත්සාහක දිනුම සාර්ථක විය (මහනුවර 24-03 ගුවන් හමුදාව).

ප්‍රථම අර්ධය අවසන් වීමට මිනිත්තුවක් තිබිය දී ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ගුවන් හමුදාව වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 24-06 ගුවන් හමුදාව).

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 24 – 06 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය තුල ගුවන් හමුදා ක්‍රීඩකයින් සටනට පිවිසියේ ලකුණු අතර පරතරය අඩු කර ගනිමින් මහනුවරට හොඳ සටනක් ලබා දීමේ අභිප්‍රායෙනි. නමුත් ඔවුන්ගේ අභිප්‍රායන් සිතැඟි පරිදි ඉටු කර ගැනීමට ඉඩ නොදුන් මහනුවර ක්‍රීඩකයින් තරගයේ 46 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි. වින්ග් ක්‍රීඩක අනුරුද්ධ විල්වර අතින් වාර්තා වූ එම උත්සාහක දිනුම තරගයේ 5 වන උත්සාහක දිනුම වූ අතර රත්වත්තේ අතින් එහි ප්‍රවර්තනය ගිලිහී ගියේය (මහනුවර 29-06 ගුවන් හමුදාව).

වර්ෂාව නොතකා CR ආරක්ෂක වළලු බිඳගෙන සොල්දාදුවන් ඉදිරියට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, යුධ හමුදා ක්‍රීඩා…

තරගයේ 51 වන මිනිත්තුවේ දී තිලිණ විජේසිංහ විසින් තරගයේ 6 වන උත්සාහක දිනුම වාර්තා කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමේ අභියෝගය ද බාර ගත් තිලිණ එය ද සාර්ථක කර ගනිමින් මහනුවර ලකුණු පුවරුව ඉහළ දැමුවේ ලකුණු අතර පරතරය 30ක් දක්වා ඉදිරියට ගෙන යමිනි (මහනුවර 36-06 ගුවන් හමුදාව).

ගුවන් හමුදා ක්‍රීඩකයින්ට කිසිදු අයුරකින් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් මහනුවර ක්‍රීඩකයින් සමස්ත තරගයේ 7 වන උත්සාහක දිනුම ද ලබා ගැනීමට සමත් විය. ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ප්‍රතිවාදියා මුලා කරමින් එම උත්සාහක දිනුම ලබා ගන්නා විට එම උත්සාහක දිනුමට වැඩි වටිනාකමක් එකතු කරමින් තිලිණ විජේසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 43-06 ගුවන් හමුදාව).

තරගයේ 65 වන මිනිත්තුව තුල දනුෂ් දයාන් විසින්  සමස්ත තරගයේ 8 වන උත්සාහක දිනුම ලබා ගන්නා ලදි. ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඉතා විශිෂ්ට ලෙස එම උත්සාහක දිනුම ලබා ගන්නා විට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ විජේසිංහ සමත් විය (මහනුවර 50-06 ගුවන් හමුදාව).

දෙවැනි අර්ධය තුල දී ගුවන් හමුදාවට දඬුවම් උත්සාහක දිනුමක් හිමි වූ අතර දෙවැනි අර්ධයේ දී ගුවන් හමුදාවේ ලකුණු පුවරුව වෙනස් වූ එකම සිදුවීම එය විය. (මහනුවර 50-11 ගුවන් හමුදාව)

තරගය අවසන් වීමට මිනිත්තු 2ක් තිබිය දී මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ගයාන් වීරරත්න මහනුවර කණ්ඩායමේ 9 වැනි උත්සාහක දිනුම ද ලබා ගන්නා ලදි (මහනුවර 55-11 ගුවන් හමුදාව).

රීසා CH සිහින බොඳ කරයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා…

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 55 (9T, 5C) – 11 (1PT, 2P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දිමිත්‍රි විජේතුංග (මහනුවර)

ලකුණු ලබා ගැනීම:

මහනුවර ක්‍රීඩා සමාජය: දිමිත්‍රි විජේතුංග (1T), තරිඳු චතුරංග (1T), ෆාසිල් මරීජා (1T), රිචඩ් ධර්මපාල (1T), අනුරුද්ධ විල්වර (1T), දනුෂ් දයාන් (1T), ගයාන් වීරරත්න (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තිලිණ විජේසිංහ (1T 3C), නයිජල් රත්වත්තේ (2T)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: ගයාන්ත ඉද්දමල්ගොඩ (2P)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට