කොරෝනා නිසා Delhi Capitals අනතුරේ!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

326
Delhi Capitals
@(NDTV)
 

2021 තරග වාරයේ දී ද COVID නිසා බැට කෑ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ වසරේ දීත් COVID නිසා තර්ජනයක් එල්ල වී තිබෙනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ක්‍රීඩකයින් සිටින නිසා පවතින තත්වය පසුගිය වසරේ තරම් දරුණු නොවුනත්, Capitals ක්‍රීඩක Mitchell Marsh මේ වන විටත් රෝහල්ගත කර තිබෙනවා.

නවසීලන්ත පිතිකරු Tim Seifertගේ COVID-19 පරීක්ෂණ පසුගිය බදාදා (20) ධනාත්මක වූ අතර එම නිසා දකුණු මුම්බායි හෝටලයේ රැඳී සිටි තෝරා ගත් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා නිලධාරීන් කිහිප දෙනෙක් හට එම පරීක්ෂණය කරන්නට IPL බලධාරීන් තීරණ කර තිබුණා.

Delhi Capitals කණ්ඩායමේ පළමු COVID ආසාදිත රෝගියා ලෙස හඳුනා ගත්තේ භෞතචිකිත්සකවරයෙක් වූ Patrick Farhart. පසුව 16 වැනිදා කණ්ඩායමේ සම්බාහනවේදියාට ද COVID වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණා.

පසුගිය බදාදා පැවැත්වීමට නියමිතව තිබුණු තරගය අතහැර දැමේ යැයි පැවසුනත්, තරගය ආරම්භ වීමට මිනිත්තු 45කට පෙර ක්‍රීඩකයින්ගේ COVID-19 පරීක්ෂණ ඍණාත්මක වීම නිසා තරගය පවත්වන්නට අවසර හිමි වුනා.

“පසුගිය බදාදා මුළු Delhi Capitals කණ්ඩායම ම දෙවරක් පරීක්ෂණයට බඳුන් කෙරුණා. දෙවැනි වටයේ පරීක්ෂාවත් ඍණාත්මක වීම නිසා සැලසුම් කළ පරිදීම තරගය පැවැත්වුණා”, යැයි BCCI ලේකම් Jay Shah පවසා සිටියා.

Delhi කණ්ඩායමේ මීළඟ තරගය එළඹෙන අප්‍රේල් 22 වැනිදා (හෙට) Rajasthan Royals කණ්ඩායමට එරෙහිව Pune හිදී පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම තරගය දැන් මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී පවත්වන්නටයි සැලසුම් කර තිබෙන්නේ.

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<