වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

සිංගර් වෙළඳසේවා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

98

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්වය තරමක් පහව ගොස් තිබෙන නිසාවෙන් හෙට (3) සිට වෙළඳසේවා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

අයහපත් කාලගුණයට සුපිරි තරගාවලියක් කල් යයි

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් අනිද්දා….

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් පසුගිය 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ මේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ නමුත් පසුගිය දිනක රැස්වූ තරග සංවිධායකයින් තරගාවලිය මේ මස 3 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ ඉදිරි සති කිහිපය තුල තවත් ක්‍රිකට් තරගාවලි රැසක් (ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය, ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය) ආරම්භ වීමට නියමිත නිසාවෙනි.

නව තරග කාලසටහන අනුව කණ්ඩායම් 7ක් කාණ්ඩයන් දෙකක් යටතේ තරග වදිනු ලැබේ. මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයන් වල පළමු ස්ථානයන් දෙක දිනාගෙන සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් අවසන් පූර්ව තරග වටය සඳහා  සුදුසුකම් ලබා ගනු ඇත.

පසුගිය වසරේ පැවති වෙළඳසේවා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගත්තේ MAS යුනිචෙලා කණ්ඩායමයි. ඔවුන් මේ වසරේ පැවති පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ සමශූරයින් බවට ද පත්වූයේ MAS යුනිචෙලා කණ්ඩායමයි.

කාණ්ඩයන්,

  • A කාණ්ඩය – LB ෆිනෑන්ස්, MAS යුනිචෙලා, හේලීස්, ජෝන් කීල්ස්
  • B කාණ්ඩය – ඩීමෝ, සම්පත් බැංකුව, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම

තරග කාලසටහන,

දෙසැම්බර් 3 – 

  • ඩීමෝ සහ සම්පත් බැංකුව – එස්. එස්. සී (උදෑසන)
  • MAS යුනිචෙලා සහ හේලීස් – එස්. එස්. සී (සවස)
  • LB ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් – වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)

දෙසැම්බර් 4 – 

  • MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් – එස්. එස්. සී (උදෑසන)
  • LB ෆිනෑන්ස් සහ හේලීස් – එස්. එස්. සී (සවස)
  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකුව –  වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)

දෙසැම්බර් 5 –

  • ජෝන් කීල්ස් සහ හේලීස් – වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)
  • LB ෆිනෑන්ස් සහ MAS යුනිචෙලා – කෝල්ට්ස් (උදෑසන)
  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකුව – කෝල්ට්ස් (සවස)

දෙසැම්බර් 6 –

  • පළමු අවසන් පූර්ව තරගය – වෙළඳසේවා ක්‍රිකට් පිටිය
  • දෙවන අවසන් පූර්ව තරගය – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටිය

දෙසැම්බර් 7 –

  • අවසන් මහා තරගය – වෙළඳසේවා ක්‍රිකට් පිටිය

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com කණ්ඩායම සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<