IPL අත්හිටුවයි

IPL 2021

188

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල තුළට ද ඇතුළු වූ කොරෝනා අවදානම නිසාවෙන් මෙවර තරගාවලිය අත්හිටු වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ කණ්ඩායම් ත්‍රිත්වයක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමයි.

තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ගෙන දෙමින් ප්‍රථමයෙන්ම Kolkata Knight Riders කණ්ඩායමේ Varun Chakravarthy සහ Sandeep Warrier යන ක්‍රීඩකයන් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

පසුව Chennai Super Kings කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ද ආසාදිතයන් බවට තහවුරු වූ අතර ආසන්නතම වශයෙන් Sunrisers Hyderabad කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ද ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම නිසා තරගාවලිය අත්හිටු වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (04) තීරණය කළා.

කොරෝනා වසංගතයෙන් දරුණුවටම පීඩාවට ලක්වූ රටක් වන ඉන්දියාවේ ඊයේ (03) දිනයට පමණක් නව ආසාදිතයින් 350,000 අධික සංඛ්‍යාවක් සහ පුද්ගල මරණ 3483ක් වාර්තා වී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<